LNN SPY

ජාතිවාදයට මුවා වී Facebook ඇතුළු සමාජ ජාලා වාරණයට විරුද්ධව ප්‍රබලයන් එකම සටනක!… ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීමට සමාජ ජාලා වලට අත නොතබනු..!

Published on: Mar 14, 2018 – ජනාධිපතිවරය සහ අගමැතිවරයාගෙ නොහැකියාව වසා ගැනිම සදහා ජාතිවාදයට මුවා වී ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා වාරණයට විරුද්ධව ස්වාධීන සමාජ ජාලා ක්‍රියාධරයන් ඇතුළු වෙබ් මාධ්‍යවේදීන්ගේ සමුළුවක් අද(13) උදේ කොළඹ මරදානේ සාමයික කේන්ද්‍රයේ දී (CSR)හිදි පැවැත්විණ. එම අවස්ථාවට ලංකාවේ ප්‍රමුඛ පෙළේ වෙබ් පිටු පවත්වාගෙන යන කණ්ඩායම් සහ ප්‍රබල වෙබ් අඩවි රැසක් නියෝජනය කරමින් මාධ්‍ය ක්‍රියාකාරින් පිරිසක් එක්ව සිටි බවයි කොළඹ අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටියේ.

එහිදී හිටපු ජනාධිපති මාධ්‍ය ලේකම්වරයෙකු වූ ඕෂල හේරත් සදහන් කළේ මහින්ද රාජපක්ෂ සමයේ සමාජ ජාල තහනමක් සම්බන්ධයෙන් භීතියෙන් පසුව තමන් ඇතුලු ජනවාරි 8 වෙනස වෙනුවෙන් පෙල ගැසුනු කණ්ඩායම් අද යහපාලනයේ සමාජ ජාලා අවහිර කිරිම සම්බන්ධයෙන් ලැජ්ජාවට පත්වෙන් බවයි.

Top