Anonymous Reporter

ඩොලර් බිලියනයක් ණය ගැනීම පිටුපස මහා බැංකු හොරා ….

ශ්‍රී ලංකාවට දේශීයව හෝ විදේශීයව ණය සඳහා සියලුම සේවා සැපයිම අවශ්‍ය සියලුම කටයුතු සිදු කරනුයේ මහා බැංකුවේ මූල්‍ය මණ්ඩලය අනුමැතිය යටතේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව Public Debt Department of the CB(PDD)SL හරහාය. මුදල් නීති පනතේ 113 වගන්තිය ප්‍රරකාරව දේශීයව හෝ විදේශීයව ණය සඳහා සියලු කටයුතු මෙහෙයවනු ලැබිම සහ එහි වගකීම මෙම දෙපාර්තමේන්තුව සතුය.

In terms of Section 113 of the Monetary Law Act, the Central Bank of Sri Lanka (CBSL) is responsible for the management of the public debt as the Agent of the Government.

රටේ නිතිය ඒසේ තිබියදී රජයට වහාම ඇ. ඩොලර් බිලියනයක් ණය ලබා ගැනිමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වන ආර් එච් එස් සමරතුංග විසින් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් සම්බන්ධ කොට පුවත් පත් දැන්වීමක් පලකොට රුපියල් කෝටි 15000 ක් එනම් හම්බන්තොට වරාය විකුණා ගන්නා මුදලට සමාන ණයක් ලබා ගැනිමට පසුගිය සතියේ කටයුතු කලේය.

මෙසේ පුවත්පත් දැන්වීම් පලකලේ ඒ සඳහා නෛතික බලය හිමි රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ CB(PDD)SL හරහා නොව, අඩුම වශයෙන් ණය අවශ්‍ය මුදල් අමාත්‍යාංශයේ ලේකම් විසින්වත් නොව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ Department of External Resources හී සාමාන්‍ය අධ්‍යයක්ෂක වරියක් වන විශාකා අමරසේකර නමින් ය. එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානනියා වන අධ්‍යයක්ෂක ජෙනරාල් ප්‍රියන්ත රත්නායක වන අතර අතිරේක අධ්‍යයක්ෂක ජෙනරාල් අජිත් අබේසේකර යි. මුදල් නීති පනතේ 113 වගන්තිය ප්‍රරකාරව එය සම්පූර්ණ නිතී විරෝධී කට යුත්තක් මෙන්ම ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව සතු මූල්‍ය පරිපාලන බලය අවභාවිතයේ යෙදවීමකි.

මෙය හරියටම පසුගිය දා මුදල් අමාත්‍යාංශයේ ලේකම් විසින් ක්‍රියාත්මක කලයුතුව තිබු මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට මසකට රුපියල් 7 බැගින් මාස 60 ක් සඳහා කුලි පදනම මත මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීමට ගත් උත්සහයට සමානය. එම යෝජනාවද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පිලියෙල කොට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන එය ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව හා ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේ මහතා වෙත වගකීම පැවරීමට ගත් උත්සහය මෙනි.

එහෙත් ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මෙම ඇ. ඩොලර් බිලියනයක ජාවාරම පිටුපස සියලු කටයුතු මේ වනවිට සිදු කොට හාමාර බවත් ජනතාව නොමඟ යෑවිමට 2017 ජනවාරි 20 දින අදාළ පුවත් පත් දැන්වීමට අනුව එම ලංසු තැබිමේ ටෙන්ඩරය විවෘත කිරීමට නියමිත බවයි. මෙම ටෙන්ඩරය ද හිටපු මහා බැංකුවේ අධිපති විසින් තමා අධිපති කාලය තුල කුලුපගව සිටි මූල්‍ය ආයතනයක් හරහා තමා ගේ බෑනාගේ සමාගමට තැරව්කාරු ලෙස මෙම ගනුදෙනුවෙන් කොමිස් ලැබෙන පරිදි ආණ්ඩුවට ඇ.ඩොලර් බිලියනක ණය මුදල ලබාදීමට අවශ්‍ය මූලික කටයුතු අවසන් කොට ඇති බවයි.

Top