ලෝකයා

“තමුසේලාගේ කට විතරයි රාජිත වැඩ නෑ…”

“තමුසේලාගේ කට විතරයි රාජිත වැඩ නෑ…” යනුවෙන් තමන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බැන වැදිම ගැන තමන් මහත් සේ කණගාටුවට පත්ව සිටින බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිය සමිපතමයෙකුට පවසා තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රෝම සංචාරයේ නිරතව සිටින අතරතුර වැඩ වර්ජන රැල්ල සම්බන්ධයෙන් දැන ගැනිමට මෛත්‍රී රාජිතට ඇමතුමක් ගෙන තිබේ.

මෛත්‍රී- කොහොමද වර්ජනවල තත්ත්වය. මෛත්‍රී විමසා තිබේ….

රාජිත – අවුලක් නෑ සර් එයාලා හැමදාම වගේ ඔය කෑ ගහගෙන යනවා…ගනන් ගන්න තරම් දෙයක් නෑ …මෙහේ එහෙම කලබලයක්‌ නම් නැහැ. වර්ජන කීපයක්‌ යනවා. මම වෘත්තීය සමිති නායකයොත් එක්‌කත් කතා කළා. සංකේත වැඩ වර්ජනයක්‌ තමයි තියෙන්නේ. ඒවා ගණන් ගන්න තරම් වැඩක් නෑ…..

මෛත්‍රී -මොකක්‌ද ඔතන ඔය මහ විශාල ඝෝෂාවක්‌ ඇහෙන්නේ

රාජිත -මෙතනද… මෙතන තියෙනවා උද්ඝෝෂණයක්‌. මාත් මේ ලෑස්‌ති වෙන ගමන්. මටත් නඩුවක්‌ තියෙනවා උසාවියේ. ඒකට යන්න ලෑස්‌ති වෙනවා. මේ එළියේ ඇවිල්ලා ඉන්නවා සංදේශයක්‌ බාරදෙන්න. මම කිව්වා ජී. එම්. ඕ. එකට සංදේශයක්‌ බාරදෙන්න නම් 5 දෙනෙක්‌ එන්න කියලා. දැන් ඇවිත් ඔක්‌කොම එළියේ කෑගහනවා. එත් අවුලක් නෑ සර්….

මෛත්‍රී – “තමුසේලාගේ කට විතරයි රාජිත වැඩ නෑ…” මම තියනවා හදිසියක් වුනොත් කතා කරන්න ජනාධිපතිවරයා දුරකථනය විසන්ධි කර දමා තිබේ.

Top