Featured

දයාගේ සම්බන්ධීකරණ ලේකම් ඉල්ලා අස්වෙයි… පුද්ගලික ලේකම් මෙක්සිකෝවේ..දයාගේ ගැහිලි මෙන්න

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ශෙහාන් තලගල තම තනතුරෙන් ඉල්ලා අස්වී තිඛේ. දැනගන්නට ලැබී ඇති තොරතුරු අනුව අමාත්‍යාංශයේ කටයුතු කරගෙන යාමේ දී අනීතික ක්‍රියාවන්හි යෙදීම සදහා දිගින් දිගටම අමාත්‍යවරයා විසින් සිදු කරන බලපෑම් වලට එකග විය නොහැකි වීම මෙයට හේතුවයි.

කෙසේ නමුත්, අමාත්‍ය දයා ගමගේගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කරන ප්‍රියාමනී හේමචන්ද්‍ර (අමාත්‍යවරයාගේ සොයුරිය) මේ වන විට සිටින්නේ මෙක්සිකෝවේය. රජයේ වියදමෙන් අමාත්‍යාංශයේ විවිධ ව්‍යාපෘති සදහා නිළධාරීන්ට විදේශගත වීමට ලැඛෙන අවස්ථාවන් උපයෝගී කර ගනිමින් මෙලෙස මැය විදේශ ගත වී ඇත්තේ තුන්වන වරටය. මින් පෙර දකුණු කොරියාවේ සහ ජපානයේ ද ප්‍රියාමණී හේමචන්ද්‍ර සංචාර වල නිරත වී ඇති අතර එලෙස සංචාරය කර ඇත්තේ ද අමාත්‍යාංශ නිළධාරීන් වෙනුවෙන් ලැඛෙන අවස්ථාවන් උපයෝගී කර ගනිමිනි.

මේ අතර අමාත්‍යාංශ ලේකම් බන්දුල වික්‍රමාරච්චිෙගේ හිතවතියක වන දැනට එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) ලෙස කටයුතු කරන ලේකම්වරිය ද වෙනත් ස්ථානයකට පත් වීමක් ලබා දෙන මෙන් ඉල්ලා අවශ්‍ය ලිපි-ලේකන යොමු කර ඇත. නගර සභාවේ සහකාර කොමසාරිස්වරියක ලෙස කටයුතු කළ ඇය අමාත්‍යවරයා හා ලේකම්වරයා විසින් වක්‍ර උසස් වීම් ක්‍රමවේදයක් හරහා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තනතුරට පත් කර ගත්තේ මීට වසරකටත් අඩු කාලයක දී ය. අමාත්‍යවරයා සමග වැඩ කිරීමට නොහැකි බව පවසමින් ඇය මෙලෙස මාරුවීමක් ඉල්ලා ඇත.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙත ද විවිධ අංශයන්ගෙන් පැමිණිලි ලැබී ඇති අතර ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් පුළුල් තොරතුරු අණාවරණ කිරීමට ද අප සූදානමින් සිටිමු.

DAYA_GAMAGE_

 

Top