Anonymous Reporter

දරුවන්ගේ කටවල් වසා කේක් කන්න දුන් අපේ කාලේ සිරිසේන

රටට පිළිලයක් වු සිරිසේන ජනාධිපතිවරයාගේ උපන් දිනය අදයි.ඒ සම්බන්ධයෙන් කිසිදු සටහනක් නොතියා ඉන්නට මුලදි හිතුවේ රටට හෙනයක් වු එකෙක් දවසකින් හරි මරණයට පත්විම ගැන ඇති අප්‍රමාණ සතුට හේතුවෙනි.

තමන්ගේ උපන්දිනයදා මරණය පෙනී පෙනී ජිවත් වන මහරගම පිළිකා රෝහලේ අසරණ දරුවන්ට ඔහුන්ගේ කටවල් වසා කේක් කන්නට දුන් එකම ජනපති ලෙස සිරිසේන පත්විම ගැනද සියුම් සතුටක් නැතුවාම නොවේ. ඒත් අසරණ දරුවන්ට සිදුවු දේ පිළිබඳව මේ ලියන මට පමණක් නොව එතන සිටි බොහෝ දෙනෙකුට ඇති වුයේ දරුණු කම්පාවකි.

දෙවැනි සිද්ධිය…..

අදත් සිරිසේනට තමන් ජනපති නොවන බව නිළ වශයෙන් පිළිගන්නට සිදුවිය.ඒ දුම්වැටි බදු ඉහළ දැමිමට ආණ්ඩුව ඉක්මනින්ම කටයුතු කලයුතු බවට අසරණ රෝගින් හමුවේ ගොරනාඩු කිරිමයි……

“මේ ආණ්ඩුවත් දුම්කොළ සමාගම් වල අභියෝග වලට,මත්ද්‍රව්‍ය ජවාරම්කාරයින්ට, මධ්‍යසාර හදන අශීලාචාර ව්‍යාපාරිකයන්ට මුහුණ දෙන්න සිද්ද වෙලා තියනවා. ලෝක දුම්වැටි විරෝධී දිනයේදී විශේෂඥ වෛද්‍යවරයෙක් මට කිව්වා ඔබතුමාගේ ආණ්ඩුව දැන හෝ නොදැන සිගරට් වලට ගහන බද්ද අඩු කරලා තියනවා කියලා. මම ඒ වෙලාවේ කිව්වා. මම ඒ ගැන දන්නේ නැහැ කියලා. පසුව මම කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා කිව්වා බදු අඩු කරන්න නෙමෙයි ඕන බදු වැඩි කරන්න කියලා. සිගරට් සමාගම්වලින් අය කරන බද්ද 90% දක්වා වැඩි කරන්න කියලා මම කිව්වා. ඒත් ඒ යෝජනාව තැන තැන නලියනවා,”

දුම්වැටි බදු ඉහළ දැමීම පිළිබඳව අපට කිසිම අවුලක් නැත.නමුත් දුම්වැටි බදු ඉහළ දැමීම පිළිබඳව සිදුවු සාකච්ඡාවෙන් පසුව අගමැතිවරයා මෙන්ම මුදල් අමාත්‍යාවරයාද අවස්ථා ගණනාවක කියා සිටියේ “ඔය කටින් කියන තරම් ලේසියෙන් ඔය වැඩේ කරන්න බැරි බවය …..”

තැන තැන නලියන්නේ කවුද කියා අමුතුවෙන් කිව්යුතු නොවේ.සිරිසේන ජනාධිපති නම් ජනතාව හමුවේ බොරු කියමින් නලියන්නට අවශ්‍ය නැත.කෙලින් තිරණයක් ගෙන බද්ද වැඩි කල හැකිය.

“ඒ කාලයේ මගෙන් නිදහසට කරුණු අහපු අය මාව අරලිය ගහ මන්දිරය ගෙනල්ලා. මාව හිටෝලා තමයි ප්‍රශ්න කළේ ඇයි මේ සිගරට් වලට ගහන බදු වැඩි කියලා. සිගරට් සමාගමේ අධ්‍යක්ෂවරු ඉස්සරහා තමයි ඇහුවේ ඇයි මේ බද්ද 80% කියලා. මම හිතන්නේ ලෝකයේ ඉන්න එකම සෞඛ්‍ය ඇමති තමයි සිගරට් සමාගමේ අධ්‍යක්ෂකවරු වාඩි වෙලා ඉන්දැද්දි හිටගෙන ඒ අහන ප්‍රශ්නවලට උත්තර දීපු.”

ඔන්න ඊලඟ කතාව සිරිසේන ගරට් සමාගමේ අධ්‍යක්ෂවරු ඉස්සරහා හිටගෙන උත්තර දිම සිරිසේනගේ දුර්වල කමකි.නැත්නම් ඒ කාලයේ සිටම රාජපක්ෂලාට ගහන්න අවශ්‍ය ආයුධ මේ අකාරයට එකතු කර ගන්නට සිරිසේන කටයුතු කරන්නට ඇති.

මහා සද්දේට රහස් තියෙනවා කියා…පැය විසිහතරකට පස්සේ රහස් කියන්නේ අමුතුම ජාතියේ බඩු වර්ගයක් බව ජනතාවට පැවසු සිරිසේන හෙට 65 පස්වන සංවස්තරයේදි කියනනේ මොනවාද යන්න අහන්න රටේ ජනතාවද කැමතිය.ඒ වෙන දෙයකට නොව පොඩි ආතල් එකක් ගන්නට පමණි.

විභුෂණ

PR_CAN (1) PR_CAN (2) PR_CAN (3) PR_CAN (4)

Top