Featured

ආඩිඅම්බලමෙන් අල්ලාගත්තේ සැබෑ අපයෝකයාද? රංජන්,පියුමි, කියන ප්‍රියාන් සම්බන්ධ අපචාරය ගැන පරික්ෂණ කෝ? රාජපක්ෂලා නීතිය නවන අමුතුම නැවිල්ල .

Published on: Mar 20, 2020 – පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා සංසරණය වූ කුඩා දැරියක් ලිංගික අපයෝජනයට ලක් කරන වීඩියෝ පටයක් පිළිබඳ විවිධ පුද්ගලයන් සංවිධාන සහ නීතිඥවරුන් රජයේ ළමා ආරක්ෂක අධිකාරියට සහ ජනාධිපතිවරයා ඇතුළු විවිධ මට්ටමේ බලධාරීන් වෙත පැමිණිලි කලද ඊට අදාළ අපයෝජකයා හෝ අතවරයට ලක්වු දැරිය සොයා ගැනිමට නොහැකිව සිටි අතර කොරෝනා වසංගතය අස්සේ එම අපයෝජකයා යැයි කියන සැකකාර පුද්ගලයෙකු කටුනායක ආඩිඅම්බලම ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (19) පස්වරුවේ හදිසියේ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු 36 හැවිරිදි එක්දරු පියෙකු වන අතර ඔහු දැරියගේ ළඟම ඥාතියෙකු බව පොලිසිය සඳහන් කරන අතර ත්‍රීරෝද රථ රියැදුරකු වන සැකකරු දැරිය ඇගේ නිවසේ දී සහ පිටතදී අවස්ථා කිහිපයකදී අපයෝජනයට ලක් කර ඇති බව පරීක්ෂණවලදී හෙළි කරගෙන ඇති බවද සදහන් කර තිබේ.

කෙසේවෙතත් පරික්ෂණයට අදාළ වැදගත්ම සාක්ෂිය වන්නේ දැරියගේ සාක්ෂිය වන අතර මේ දක්වා දැරිය සොයා ගැනිමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වි නෑ. ඒ හේතුවෙන් නිශ්චිත නිගමනයකට එමට තරම් සාක්ෂී විඩියෝ පටයේ නොමැතිව සැකකරු අත් අඩංගුවට ගත් අකාරය මතභේදාත්මකය.

ඇයගේ වෛද්‍ය පරික්ෂණයක් නොමැතිව සැකකරු  වරදකරුවෙකු බවට පත්කිරිම සදහා පොලිසිය භාවිතා කරනුයේ කවර ක්‍රමවේදයක්ද?

ඒ අනුව ඉතා පැහැදිලිවම මෙම දැරියට අතවර කිරිම පසුපස සිටින බලවත් හස්තය සම්බන්ධයෙන් අප කල අනාවරනයන් සියල්ලම් සත්‍ය බව දැන් පැහැදිලිය.

මේ සටහන තබන මොහොත වනවිට රාජපක්ෂලාගේ අසුචී බුදින්නේකු වන “ප්‍රියාන් මැණික්” නැමත්තා මාධ්‍ය හමුවක් පවත්වමින් තමන්ගේ සහ තමන් ආරක්ෂා කරන සුනඛ පරපුරගේ සුජාත භාවය සම්බන්ධයෙන් පම්පොරි ගසමින් සිටි.

ඊයේ අත් අඩංගුවට ගත්තේ අප දුටු විඩියෝ පටයේ සිටි ළමා අපයෝජකයා යැයි අප සිතමු! (පොලිසිය කියන පරිදි පමණී ) එසේනම් රංජන් රාමනායක,පියුමී හංසමාලී සමග එක්ව ප්‍රියාන් සැගවිමට උත්සහ කරමින් සිටින ළමා අපයෝජනය කුමක්ද?ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැබැවින්ම පරික්ෂනයක් සිදුකර තිබේද?… නැත මේ දක්වා කිසිම දිනක අදාළ හඩපටයේ සිදුවන සංවාදයට අදාළව ප්‍රියාන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්ණ කිරිමක් කර නැත.

මැණික් ව්‍යාපාරිකයකු වන “ප්‍රියාන් මැණික්” නැමත්තා කවර හෝ වර්ගයේ බාලවයස්කාර දැරියකට හෝ දරුවෙකුට කිසියම් අතරවරයක් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා කල හඩපට අනාවරණයෙන් මනාව තහවුරු වි තිබේ.

රංජන්ගෙන් නිකුත් වුනු මේ හඩපටය කියන්නේ “ප්‍රියාන් මැණික් ” සම්බන්ධයෙන් යම් අපචාර ක්‍රියාව බව ඉතා පැහැදිලිය “මට හැමවෙලාවෙම කතා කරනවා .. බෝම්බ ගහපු දවසේත් මට උදේ පාන්දර 6ට ගත්තා” යනුවෙන් රංජන් පවසන්නේ ප්‍රියාන්ට එරෙහි එම චොදනාවට එරෙහිව ක්‍රියාමාර්ග ගැනිම නතර කර ගැනිම සදහා සාකච්ඡා සිදුව ඇති බවයි.

හඩපටය යලිත් අහන්න

බාල වයස්කාර දැරිය දුෂණය කල ප්‍රියාන් මැණික් සම්බන්ධයෙන් පියුමි හංසමාලි රංජන් රාමනායක සමග සංවාදයේ යෙදෙන අතර ප්‍රියාන්ට එරෙහිව ක්‍රියාමාර්ග නොගැනිමට රංජන්ට කතා කරමින් උත්සහ ගත් අයුරු ඒ හරහ මනාව පැහැදිලි වේ.

මේ ළමා අපචාරය කුමක්ද? ජාතික ළමාරක්ෂක අධිකාරිය මේ සම්බන්ධයෙන් දැනුවත්ද? රහස් පොලිසිය මේ සම්බන්ධයෙන් ක්‍රිසියම් ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද?

ප්‍රියාන් මැණික් දිගින් දිගටම කියා සිටින්නේ තමන් ජරා මිනිහෙක් නොවන බවයි.එසේනම් ඔහු රංජන්ගෙන් ඉල්ලා සිටි සහය කුමක්ද? රංජන් හරහා යට ගැසිමට කටයුතු කරමින් සිටි බාලවයස්කාර අතවරය කුමක්ද? එයට පිළිතුරු දිමට ප්‍රියාන්ට හැකිද?

පන්සල් හදමින්,අහිංසක ජනතාවට උදවු කරන මුවාවෙන් චීවරයට සහ ජන දුකට මුවාවෙමින් ඔහු සිදුකල අපරාධය කුමක්ද?

තින්දුව ජනතාවට භාරයි….

පොලිසිය නිකුත් කල සම්පූර්ණ මාධ්‍ය නිවේදනය 

දැරිය සම්බන්ධයෙන් අප කල සියලුම අනාවරණයන් පහතින් කියවන්න…

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


http://lankanewsnetwork.org/archives/23297

http://lankanewsnetwork.org/archives/23373

http://lankanewsnetwork.org/archives/23401

http://lankanewsnetwork.org/archives/23518

http://lankanewsnetwork.org/archives/23426

http://lankanewsnetwork.org/archives/23445

 

 

Top