Featured

නැගෙනහිර සිද්ධිය වහාම යටපත් කරන්න,මේක හමුදා කුමන්ත්‍රණයක්! මෛත්‍රීට ජපානයේදි ගූ යයි

නැගෙනහිර පලාත් මහ ඇමති නෂීර් අහ්මද් විසින් සාමිපූර් නාවික කදවුර භාර ප්‍රධානී කපිතාන් රංජිත් ප්‍රේමරත්න මහතාට ඉතා පහත් අන්දමින් කතා කිරිමත් සමග ත්‍රිවිධ හමුදාව තුල දැඩි කැළඹීමක් ඇතිවි ඇති බවත් එය යහපාලන රජයට හිතකර නොවන බව විද්වත්හු පෙන්වා දුන් නිසා ආදාළ සිද්ධිය පිළිබඳව සමාජයතුල ඇතිවි තිබේන කතිකාව වහාම අඩුකිරිම සදහා පියවර ගන්නා ලෙස ජපානයේ ගූ 7 සමළුවට සිය අම්බරුවා සහ කඩේ යන ඇමති හැත්ත බුරුත්ත සමග සංචාරයේ යෙදේන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක ලේකම් සිය මිත්‍ර පයිප්ප බාස්ට නියෝග කර තිබේන බව අප අරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

අදාළ සිදුවිම හරහා නැගෙනහිර හමුදා කුමන්ත්‍රණයක් පවා සිදුවිමට ඉඩ ඇති බවට තමන්ටදැනුම් දුන් බවත් ඒ හේතුවෙන් මාධ්‍ය හරහා මේම සිද්ධිය දිගින් දිගටම සමාජගත කිරිම වහාම නතරකරන ලෙසද ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයාට නියෝග කර තිබේ.

තමන් අමාත්‍ය රවුෆ් හකිම් සමගද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කල බවත් ඔහු අදාළ සිද්ධිය සමථයකට පත්කිරිමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා දැනුම් දුන් බව ආරක්ෂක ලේකම් අනාවරණය කර තිබේ.

මේ අතර වළං කඩේට පැන්න ගොනා හෙවත් නැගෙනහිර පලාත් මහ ඇමති නෂීර් අහ්මද් අමන තකතිරුවාගේ ක්‍රියාකලාපය හෙළාදකිමින් නැගෙනහිර පළාත තුල සිදුවන ක්‍රියාකරකම් සම්බන්ධයෙන් අවදියෙන් සිටිම සදහා අතිරේක පොලිස් බල ඇණි කිහිපයක්ම ස්ථාපනය කිරිමට ඊයේ යහපාලන ආණ්ඩුවේ හුරතලා හෙවත් කූජිත් ජයසුන්දර කටයුතු කර තිබේ. පොලිස් සාමාජිකයන් 5000ක් පමණ මේ වනවිට නැගෙනහිර ප්‍රදේශයට යවා ඇති අතර ඒම කණ්ඩායම කුජිතගේ පෞද්ගලික මැර පොලිස් කණ්ඩායම මෙහෙයවන ලබන බවද තහවුරු වි තිබේ.

මිට අමතරව පොලිස් බුද්ධි අංශ සමාජිකයන්රැසක්ද නැගෙනහිරට යවා ඇති අතර හමුදා බුද්ධි අංශ කෙරෙහි විශ්වාසය නොතබන ලෙස ආරක්ෂක ලේකම්වරයා පොලිස්පතිවරයාට දැනුම් දි තිබේන බවද අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කළා.

gu7

Top