Featured

නීතිඥයෙකු යැයි කියන මෛත්‍රී ගූ බට්ටාගේ 2.50 නීති දැනුම

සීඑස්එන් නාලිකාවේ විකාශන බලපත්‍රය අහෝසි කරපු වෙලාවේ අපි කිව්වා ලබ්බට තැබූ අතමයි පුහුලට තියන්නේ කියලා.  ඔන්න දැන් දෙරණට අත තියලා.  දෙරණ නාලිකාවේ බලපත්‍ර අහෝසි කරන බවට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් දිගින් දිගටම තර්ජනය කරනවා.  අවසාන ලිපියෙන් කියන්නේ දෙරණ අරුණ වැඩසටහනේ දී ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්ට අපහාස කළ නිසා බලපත්‍රය අහෝසි කරනවාලු.  ලංකාවේ අපරාධනීය අපහාස නීතියක් නෑ.  ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ට නොවේ ජනපතිට අපහාසයක් වුණත් කළ හැක්කේ වන්දි ඉල්ලා නඩු පැවරීම පමණයි.  එහෙම මිස බලපත්‍ර අහෝසි කරන්න බෑ.

ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමා තමන් නීතිඥයෙකු බවට කියනවානෙ.  එ් නිසා මා නොදන්න නීති කරුණක් පැහැදිලි කර ගන්න තිබෙනවා.  නීතිය අනුව නම් ස්වභාවික පුද්ගලයෙකුට නීතියෙන් තහනම් කර නැති ඔිනෑම දෙයක් කරන්න පුළුවන්.  නමුත් තනතුරකට නීතිමය පුද්ගලයෙකුට කළ හැක්කේ නීතියෙන් තමන්ට බලය දුන් කාරණා පමණයි.  ජනමාධ්‍ය ආයතන වල නිසි පැවැත්ම සොයන්න ලේකම්ට බලය ලබා දුන් පනත මොකද්ද කියලා රටට කියන්න කියලා අපි ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්ගෙන් ඉල්ලා සිටිනවා.

ලේකම්තුමා මේ උත්සාහ කරන්නේ ජනපති සතුටු කරන්න කියලායි අපට ආරංචි. රජකාලේත් ඔය වගේ වදුරෙකුත් හිටියා.රජතුමා දඩකෙළියේ ගිහින් ගහක් යට නිදාගෙන ඉන්න අවස්ථාවක රජතුමාගේ මුණට මැස්සෙක් වහනවා. රජතුමා නින්දෙන්ම මැස්සා එළවන්න උත්සහා කරනවා. මේ මෝඩ වදුරා හිතනවාමැස්සා නිසා රජතුමාගේ නින්දට බාදා වෙනවා කියලා. මැස්සා සමග වදුරට කෝපයක් ඇතිවෙලා රජතුමාගේ කඩුවෙන් මුනේ වහලා හිටිය මැස්සට කෙටුවා. මැස්සත් මැරුණා රජතුමාත් මැරුණා. ඒවගේ  මෝඩ මිතුරන්ගෙන් ජනාධිපතිතුමා ප්‍රවේශම් විය යුතුයි කියන අනතුරු ඇගවීම අපි ජනාධිපතිතුමාට කරන්න කැමතියි.  ඔහුගේ ක්‍රියා කලාපය හේතුවෙන් ආණ්ඩුව සහ ජනමාධ්‍ය අතර ගැටුමක් ඇති වීම නම් කාටවත් වලක්වන්න බෑ.

2017 අප්‍රේල් 24 දින පිවිතුරු හෙළ උරුමය පැවැත්වූ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස් වලින් උපුටා ගන්නා ලද්දකී

http://www.sinhala.lnwtoday.com/archives/14353

http://www.sinhala.lnwtoday.com/archives/14337

Top