Featured

පාස්කරලිංගම් ඇතුළු ද්‍රෝහී නඩය ශ‍්‍රී ලංගමය ගිල ගනී

මුදල් අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු වශයෙන් ක‍්‍රියා කරන පාස්කරලිංගම් ඇතුළු ශ‍්‍රී ලංගම ද්‍රෝහී නඩය ශ‍්‍රී ලංගමය විනාශ කිරිමට අළුත් ක‍්‍රමවේදයක් ශ‍්‍රී ලංගමය තුළ ක‍්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබේන බව අනාවරණය වි තිබේ.සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට යැවු ලිපියක් හරහා මෙම කුමන්ත්‍රණය පිළිබඳව අනාවරණය කර තිබේ.

ශ‍්‍රී ලංගම ආරක්ෂක අංශය අහෝසිකර දේශපාලන ජාවාරම්කාරයින් හරහා ශ‍්‍රී ලංගමයට පෞද්ගලික ආරක්ෂක සේවකයින් බඳවා ගැනීිමේ ක‍්‍රමවේදය වැළැක්වීමට කඩිනමින් මැදිහත්වන ලෙස ඉල්ලා සිටීම.

අනාගතයේදී ශ‍්‍රී ලංගමය වහල් කඳවුරක් බවට පත්වීම නතර කිරීමට ශ‍්‍රී ලංගම ආරක්ෂක අංශය අහෝසිකර දේශපාලන ජාවාරම්කාරයින් හරහා ශ‍්‍රී ලංගමයට පෞද්ගලික ආරක්ෂක සේවකයින් බඳවා ගැනීිමේ ක‍්‍රමවේදය සහ ශ‍්‍රි ලංගමයට අවශ්‍ය රියදුරු, කොන්ෙදාස්තර ඇතුලූ සේවකයින් කොන්ත‍්‍රාත් පදනම යටතේ බඳවා ගැනීම වළක්වාලීමට කඩිනමින් මැදිහත්වන ලෙස අප සංගමය ඔබතුමාගෙන් පළමුව ඉල්ලා සිටින්නෙමු.

මුදල් අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු වශයෙන් ක‍්‍රියා කරන පාස්කරලිංගම් ඇතුළු ශ‍්‍රී ලංගම ද්‍රෝහී නඩය ශ‍්‍රී ලංගමය විනාශ කිරිමට අළුත් ක‍්‍රමවේදයක් ශ‍්‍රී ලංගමය තුළ ක‍්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත. ශ‍්‍රී ලංගමය තුළ දැනට විධිමත්ව ක‍්‍රියාත්මක වන ආරක්ෂක අංශය අහෝසි කර පුද්ගලික ජාවාරම්කාරයින්ට එම තනතුර සඳහා පුද්ගලයින් බඳවා ගැනීිමේ ක‍්‍රමවේදයක් සළසා දෙන ලෙසත්, ශ‍්‍රී ලංගමයට අවශ්‍ය රියදුරු, කොන්ෙදාස්තර මහතුන් ඇතුළු සේවකයින් කොන්ත‍්‍රාත් පදනම යටතේ බඳවා ගැනීමේ ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක කරන ලෙසත් මුදල් අමාත්‍යාංශය විසින් ප‍්‍රවාහන අමාත්‍යාංශයට දැඩි සේ බලපෑම් කර ඇත.

මේ මොහොත වනවිට ආරක්ෂක අංශයට සේවකයින් බඳවා ගැනීමේ අයිතිය පෞද්ගලික සමාගම්වලට පවරාදී ඇති තත්වයන් තුළත් ශ‍්‍රී ලංගමයට අවශ්‍ය රියදුරු, කොන්ෙදාස්තර ඇතුළු සේවකයින් කොන්ත‍්‍රාත් පදනම යටතේ බඳවා ගැනීමේ ක‍්‍රියාවලිය තුළත් ශ‍්‍රී ලංගමය අනාගතයේ දී අනිවාර්යයෙන් ම වහල් කඳවුරක් බවට පරිවර්ථනය වීම කිසිසේත් ම වැළැක්විය නොහැක.

රටේ ඕනෑම පුරවැසියෙකුට ඕනෑම ආයතනයක ආත්ම ගෞරවය ඇතිව තමාගේ ශ‍්‍රමය කැපකිරීමට අයිතිය තිබිය යුතුය. ඔබතුමා ජනාධිපතිවරණයට තරග කරන අවස්ථාවේ දී කොන්ත‍්‍රාත් පදනම යටතේ සේවය කරන සියලූම සේවකයින් ස්ථීර කරන බවට ජනතාවට පොරොන්දු විය. මුදල් අමාත්‍යාංශයේ සිටින ශ‍්‍රි ලංගම ද්‍රෝහීන් ඔබතුමාගේ පොරොන්දුව තඹ ෙදායිතුවකට ගණනය නොකර ශ‍්‍රී ලංගම විනාශ කිරීමේ එකම අරමුණකින් මෙම ක‍්‍රියාව සිදුකිරීමට සැදී පැහැදී සිටී.

ශ‍්‍රී ලංගමයට අවශ්‍ය සේවකයින් මෙතෙක් බඳවා ගනු ලැබුවේ විධිමත් සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුසුකම් ඇති පුද්ගලයන්ය. එම සේවකයන්ට ආත්ම අභිමානය ඇතිව සේවය කිරිමට නිවාඩු 42ක් හිමිවන අතර මාසික වැටුපක් ඇතුළු රජයේ සේවකයන්ට හිමි සියලූම අයිතීන්, වරප‍්‍රසාදයන් ද හිමිවේ. කොන්ත‍්‍රාත් පදනම යටතේ සේවකයන් බඳවා ගැනීමේ ක‍්‍රමවේදය තුළ එම අයිතීන් කිසිවක් හිමි නොවේ.

අනාගතයේදී ශ‍්‍රී ලංගමය වහල් කඳවුරක් බවට පත්වීම නතර කිරිමට ශ‍්‍රී ලංගමයට අවශ්‍ය ආරක්ෂක සේවකයන් බඳවා ගැනීමේ අයිතිය මීට ප‍්‍රථම තිබූ ආකාරයට ම ශ‍්‍රී ලංගමයට අයිතිය ලබා දෙන ලෙසත් අනාගතයේ දී ශ‍්‍රී ලංගමයට අවශ්‍ය රියදුරු, කොන්ෙදාස්තර ඇතුළු සේවකයින් කොන්ත‍්‍රාත් ක‍්‍රමවේදය යටතේ බඳවා ගැනීම වළක්වාලීමට මැදිහත්වන ලෙසත් මෙතෙක් රියදුරු, කොන්ෙදාස්තර ඇතුලූ සේවකයන් බඳවා ගත් ආකාරයට ම විධිමත්ව එම සේවකයන් බඳවා ගැනීිමේ ක‍්‍රමවේදය ස්ථාපිත කරන ලෙසත් මේ මොහොතේ ශ‍්‍රී ලංගම සේවකයින් භුක්ති විඳින සියලූම අයිතීන්, වරප‍්‍රසාදයන් අනාගතයේදී ද එම සේවකයන්ට හිමිවීම ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගැනීමට කඩිනමින් මැදිහත්වන ලෙසත් ඔබතුමාගෙන් අප සංගමය ඉමහත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.

ස්තූතියි.
මෙයට – විශ්වාසී,
සේපාල ලියනගේ
ප‍්‍රධාන ලේකම්
සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය

Top