Featured

පුජිතගේ ගූ මෙහෙයුම අතේ මාට්ටු,මෙන්න STF ලොක්කා කිව්ව කතාව

STF ලොක්කාට වැඩක් දෙන්න පුජිතගෙන් කූජිත මෙහෙයුමක්! යනුවෙන් අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු කල අනාවරණය සම්පූර්ණයෙන් සත්‍යක් බව මේ වනවිට තහවුරු වි තිබේ.මීට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අදාළ කොකෙන් තොගය මෙරටට ගෙන්විමට මුදල් අමාත්‍ය රවි කරුනාණායක දියත් කල මෙහෙයුමට සිල් ගත්තා සේ සිටින පුජිත් ජයසුන්දරද වක්‍රව ජාවාරම්කරුවන්ට උදව් කර තිබෙන නිසා බව මේ වනවිට තහවුරු වි ඇති අතර සිරිසේන-රවී කොකේන් නාඩගම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණේන බව පොලිස්පතිවරයාට දැනුම් නොදිම නිසා තමන්ට එම ස්ථානයට ගොස් ජනතාව ඉදිරියේ සුදානා විමේ අවස්ථාව අහිමි විම නිසා විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ.ආර්.කේ.රංජිත් පෙරේරා මහතාට බොරු චොදනා එල්ල කරමින් ඔහුගේ වැඩ තහනමකට ලක්කිරිමේ කුමන්ත්‍රණයක් මේ වනවිට ක්‍රියාත්මක බව අප පසුගියදා අනාවරණය කලා.

මාධ්‍යයට තර්ජනය කල බව පවසමින් පොලිස්පති පුජිත් ජයසුන්දර විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ.ආර්.කේ.රංජිත් පෙරේරා මහතාට((Special Task Force) Commandant Deputy Inspector General of Police J. K. Ranjith Perera) එරෙහිව විනය පරික්ෂණ තබා සේවය අත්හිටුවිමට සුදානමක් පවතින බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා

මේ අතර එම පරික්ෂණවෙගවත් කිරිම සදහා අද ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනගේ මස්තබාල්දු ලංකාදිප පුවත් පතේ මාණ්ඩලික මාධ්‍යවේදිනීයක ලෙස පෙනී සිටින ඉන්දිකා රාමනායක පොලිස් මූලස්ථානයට ගෙන්වා තමන්ට කැමති පරිදි කට උත්තරයක් ලියවාගෙන තිබේ.අදාල ප්‍රකාශ සටහන් කිරිමට සහ ප්‍රශ්ණ කිරිම් සදහා පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න පත්කර ඇති අතර අදාල ප්‍රශ්ණ කිරිම් සිදුකර ඇත්තේ සහකාර පොලිස් අධිකාරී නවාස් විසින් වන අතර විශේෂ කාර්ය බළකායේ ප්‍රධානියා සිය කතාව කරන අවස්ථාවේ ඔහුගේ මුහුණේ ඉරියව් පවා ප්‍රශ්ණ කර සටහන් කරගෙන තිබේ.

මේ අතර පුජිත්ගේ උසී ගැන්විමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය රටේ මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා පිරිසක් ගෙන්වා උද්ඝෝෂණයක් කිරිමටද කටයුතු යොදවා ඇති බවද අප වාර්තාකරු සදහන් කලා.

විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ.ආර්.කේ.රංජිත් පෙරේරාගේ සම්පූර්ණ ප්‍රකාශය අසන්න

Top