Anonymous Reporter

පෙට්‍රල් වලට භූමිතෙල් කලවම් කර ජනතාවට බෙදන කැලෑ පාලුවාගේ ජාතික සංවිධායක මාට්ටු!

ඉන්ධන පිරවුම්හල් වෙත ගෙන යන පෙට්‍රල් වලට බව්සර් රථය තුළදීම භූමිතෙල් කලවම් කර බෙදාහැරීමට කටයුතු කල ත්‍රිකුණාමල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. එම්. මහරුෆ්ට අයත් ජාවාරම් ස්ථානයක් දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකාය අද (13)වටලා තිබේ.

ගලේවෙල මකුලු ගස් වැව ප්‍රදේශයේ පිහිටි අතහැර දමා ඇති කළුගල් මෝලක බව්සර් රථ සගවා මෙම ජාවාරම සිදු කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම එම ස්ථානය වටලා ඇති අතර මෙම ස්ථානයට යන විටත් බවුසර් රථයේ රියැදුරු සහ රිය සහයක ඉන්ධන බවුසරයෙන් පැට්රල් ලීටර් සියයකට අධික ප්‍රමාණයක් පිටතට ඇද බූලි සහ බැරල් වලට පුරවා තිබුන බවයි වාර්තා වන්නේ.

බවුසරයෙන් ඉවත් කරන පැට්රල් ප්‍රමාණයට සරිලන පරිදි වෙනත් ලොරි යකින් එම ස්ථානයට රැගෙන එන භූමිතෙල් ඉන්ධන බවුසරයට පිරවීම සිදු කර ඇති අතර ඉන්ධන බවුසරයේ රියැදුරු, රිය සහයක සහ භූමිතෙල් රැගෙන ආ කුඩා ලොරි රථය ද එහි රියැදුරුද අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රිකුනාමලය චයිනබේ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට අයත් මෙම බව්සරය ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන ප්‍රවාහනය කිරීම සඳහා යොදාගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.එම්. මහරුෆ් තමන්ගේ ජාවාරම් කටයුතු දියත් කර ගැනිම සදහා එජාප පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් ව අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයට එක් වු අයෙකු වන අතර මේ වනවිට මහරුෆ් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ජාතික සංවිධායක ධුරය දරමින් සිටි.

නාවික හමුදාවේ සාම්පූර් කඳවුරේ අණදෙන නිලධාරියාට නැගෙනහිර මහඇමැති බැණවැදීමේ සිද්ධිය සමයේ මහ ඇමතිට පක්ෂව කටයුතු කල මහරුෆ් නාවික හමුදා සමාජිකයා වෙනුවෙන් පෙනී සිටි පලාත් අමාත්‍යවරුන්ට එරෙහිව මහ ඇමති සමග ගතු කියු අයෙකු ලෙසද ප්‍රසිද්ධියක් උසුලයි.

 

Top