Featured

පොලිස්පති වැඩ අරඹයි-පුජිත්ගේ මජර වැඩ කල පොඩි සාගර වෙඩි තබා මරයි

ප්‍රගීත් අතුරුදහන් කල,පසුගියදා සිල්වියාගේ යටිපතුල් ලෙවකා යන අතරතුර රාජගිරියේදි තරුණයෙකු යටකර පලාගිය,පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් ඉදිරිපත් ව තිබේන අමාත්‍ය පාඨ්ළී චම්පික රණවකගේ සුරතල් කුක්කා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති පූජිත් ජයසුන්දර සිය මජර වැඩ සදහා පාවිච්චිකල වයබ පළාතේ මැරයා වන මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම්, තර්ජනය කිරීම් සහ බියවැද්දීම් ඇතුඵ අපරාධ ගණනාවකට සම්බන්ධ පාතාල සාමාජිකයෙකු බව කියන මානික්කුගේ සුමිත් දයාරත්න හෙවත් පොඩි සාගර නැමැත්තා පොලිස්පති වි පැය 24ක් යන්නට මත්තෙන් ඝාතනය කර දමා තිබේ.

පොඩි සාගර නැමැත්තා මීගමුව නීතිය බලාත්මක කිරීමේ ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කළ මෙහෙයුමක් අතරතුරදී ඊයේ (20 දා ) රාත‍්‍රියේ හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකරගත් බවට පොලිසිය සදහන් කළද ඔහු වෙඩි තබා ඝාතනය කල බව සැකයකින් තොරව අනාවරණය වි  තිබේ.

පොඩි සාගර නැමැත්තා ගොකරැල්ල පොලිස් වසමට අයත් කුඹුක්ගැටේ, පහළ මැදගම ප‍්‍රදේශයේ පිහිටි සිය අනියම් බිරිදගේ නිවසේ සිටින බවට මීගමුව නීතිය බලාත්මක කිරීමේ ඒකකය වෙත තොරතුරක් කොළඹ ප්‍රදේශයෙන් ලැබි ඇති අතර පසුව අදාළ නිවස වැටලු විශේෂ කාර්යය බලකා සෙබලුන් ඔහුව ත් අඩංගුවට ගෙන ඔහුගේම පිස්තොලයෙන් ඝාතනය කර තිබේ.

වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටියදී පාතාලය මැඩලීමේ අරමුණින් මීගමුව නීතිය බලාත්මක කිරීමේ ඒකකය ආරම්භ කර ඇති අතර,එම එක්කකයේ ආරක්ෂාව මැද පොඩි සාගර ඝාතන සහ මංකොල්ලකෑම් රැසකට දායකත්වය දි ඇති අතර යහපාලන ආණ්ඩුවේ මජර වැඩ රැසකටද පොඩි සාගර දායකත්වය ලබාදි තිබේ.

 

Top