Featured

පොලිස් බුද්ධි අංශ වලට එජාපය වැඩක් දෙයි -සිරිසේනගේ බත් බැලයන් අන්ද මන්ද වෙයි

පොලිස් බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කිරිමේ මුවාවෙන් එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය අකාරයේ මෙහෙයුම් දියත් කිරිම සදහා අවශ්‍ය අලුත් ආයතනයක් නිර්මාණය කිරිමට කටයුතු කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෛත්‍රී පිළේ ජනාධිපතිවරයාට සමීප රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක ඇමැතිවරුන් දෙදෙනා අනාවරණය කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

අගමැති රනිල් වික්‍රමසිංහ, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යා සාගල රත්නායක සහ පොලිස්පති පූජිත් ජයසුන්දර අතර සිදුවු සාකච්ඡාවකින් පසුව මෙම විශේෂ ආයතනය පිහිටුවිමට කටයුතු සුදානම් කරමින් සිටින බවත් එම ආයතනය පිහිටු විමේ එකම අරමුණ එක්සත් ජාතික පක්ෂය දිර්ඝ කාලීනව බලය රදවා ගැනිම සදහා සිය ප්‍රතිවාදින් මර්දණය කිරිමට බවයි අමාත්‍යවරුන් දෙදෙනා ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇත්තේ.

බුද්ධි අංශ ශක්තිමත් කිරීම සඳහා සියලුම ‍පොලිස් බුද්ධි අංශ එක් බුද්ධි අංශයක් ලෙස එක්කිරිමට මෙම මෙහෙයුම හරහා කටයුතු කර ඇති අතර බස්නාහිර පළාත් බුද්ධි කාර්යාංශය, ‍පොලිස් විශේෂ කාර්යාංශය සහ රාජ්‍ය බුද්ධි සේවය ඒ අනුව ඉදිරියේදී එකිනෙක සම්බන්ධ කිරිමටත් ඒ සියල්ල පොලිස්පතිවරයා යටතෙ පවත්වාගෙන යැමටද තින්දුඅක් ගෙන තිබේ.

මේ අතර මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට සේවා දිගුවක් නොදෙන ලෙස රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක ඇමැතිවරුන් දෙදෙනාද පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව ජනාධිපතිවරයා පෞද්ගලිකව හමුවී ඉල්ලිමක් කර තිබේන අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කෙලින් පිළිතුරක් ලබා නොදිම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් දෙදෙනා ක නස්සල්ලටපත්ව සිටින බවද අනාවරණය වි තිබේ.

http://www.lankanewsweb.today/archives/9853

http://www.lankanewsweb.today/archives/9906

Top