Featured

බැදුම්කර හොරා රනිල් ජනපති කරන්න 20/20 අරක්කු බෝතලයක් ගහයි

යමපාලනය යටතේ අරක්කු වෙළඳාම 28%කින් වර්ධන වි ඇති බවත් ආණ්ඩුවට මින් වාසි දෙකක් තියෙනවා. ජනතාව දෙකක් ගහලා මත්වෙලා ඉන්න තරමට ආණ්ඩුවට පිස්සු කෙළින්න ලේසි. දෙවෙනි කාරනය තමයි විස මත් වතුර පොවලා ඇලෝසියස් සල්ලි සොයන්නේ 2020 ජනාධිපතිවරණයේ එජාප අරමුදලට.  අපරාදේ කියන්න බෑ.  විනිවිද භාවය තියා ගන්න අරක්කු සල්ලි 2020 ජනපතිවරණ අරමුදලට කියන එක අරක්කු බෝතලයේම මුද්‍රණය කරලා තිබෙනවා.  මේ 2020 කියලා ගහලා තිබෙන්නේ ඒ පණිවිඩය වෙනුවෙන්.අද දින පැවති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේදී නීතිඥ උදය ගම්මන්පිල මහතා අනාවරණය කළා.

 2020 ජනපතිවරණයට ඇලෝසියස් අරක්කු වලින් අරමුදල් සොයයි

ජනපතිවරණයේ දී කිව්වේ මතින් තොර රටක් කියලා.  දැන් මොකද වෙලා තිබෙන්නේ?  යමපාලනය යටතේ අරක්කු වෙළඳාම 28%කින් වර්ධනය වෙලා.  2014 දී මාසික අරක්කු වෙළඳාම ලීටර් මිලියන 74යි.  2016 දී මාසික අරක්කු වෙළඳාම ලීටර් මිලියන 94යි.  ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගමේ අරක්කු වෙළඳාම ලීටර් මිලියන 2.9 සිට 9.7 දක්වා 300%කින් වර්ධනය වෙලා.

මේ දැවැන්ත වර්ධනයට හේතුව යමපාලකයින්ගේ අරක්කු හිතවාදි බදු ප්‍රතිපත්තිය සහ කාලේ කුප්පි වසංගතය.  දැන් මගේ අතේ තිබෙන මෙන්ඩිස් සමාගමේ කාලේ කුප්පිය රු220යි.  පාන් ගෙඩි හතරක සැමන් ටින් දෙකක මුදලට අරක්කු බෝතලයක් ගන්න පුළුවන්.  පහසුවෙන් මිළ දී ගන්න වගේම සාක්කුවේ දා ගෙන පහසුවෙන් ගෙනි යන්නත් පුළුවන්.  මේ බෝතලයේ ඉලක්කය වී ඇත්තේ පාසල් දරුවන්. පාසල් දරුවන් අතර සීග්‍රයෙන් අරක්කු පානය වැඩි වෙන්න මේ කාලෙ කුප්පිය බලපාලා තියෙනවා. පසුගිය දෙවසරක කාලය තුල අරක්කු අලවිය 28%කින් සහ මෙන්ඩිස් සමාගමේ අරක්කු අලවිය 300% ඉහල යන්නේ.  මොකද මෙන්ඩිස් සමාගමේ අරක්කු අලවියෙන් 60% ක් මේ කාලෙ කුප්පි වෙළදාම.මේවා පුංචි මුදලකට ගන්න පුළුවන් වගේම සාක්කුවේ දාගෙන හොරෙන් ගෙනි යන්නත් පුළුවන්. ඒ වගේම පාසල් දරුවන්ට ආකර්ෂණීය ක්‍රිකට් පන්දුවක රූපයක් ලේබලයේ තිබෙනවා.පාසල් දරුවාගේ ක්‍රිකට් ආකර්ශනය අරක්කු ආකර්ශනය බවට පෙරලා ගැනීම සදහා තමයි මේ උත්සහය.

අතීතයේ අපිට මතින් තොර රටක් තිබුනේ. පන්සිල් රකින රටක් තිබුනේ. සුද්ද ඇවිත් අපිට සිගරට් අරක්කු පුරුදු කරද්දි මුලින්ම අපිට නොමිලේ දුන්නා. පිරිවැයටත් වඩා අඩු මිලට දුන්නා. එහෙම ඇබ්බැහි කලාට පසුවයි අද මේක මහා ජාවාරමක් වෙලා තියෙන්නේ.

මෙන්ඩිස් සමාගමේ මේ අරක්කු කුප්පියේ මිල දිගින් දිගටම පහත වැටෙනවා.  පෙබරවාරි 07 දා කුප්පියේ මිළ 250/- සිට 220/- දක්වා පහත දැම්මා.  බැඳුම්කර වංචාවෙන් ඉපැයූ ලාභ භාවිතා කරලා මිළ පහත දමමින් කුප්පිය දරුවන් අතරේ ජනප්‍රිය කරවීමේ ව්‍යාපෘතියක මේ සමාගම සිටින බව පේනවා.  සුද්දා සිගරැට් සහ අරක්කු මෙරට ජනතාවට පුරුදු කලෙත් මුලින්ම නොමිලේ දීලා.  නැතිනම් අසාමාන්‍ය ලෙස මිළ පහත දමලා.  අද මෙන්ඩිස් සමාගම යොදා ගන්නෙත් ඒ උපායමයි.

ලෝකය පුරා බියර් වැනි සැර අඩු මත්පැන් මත අය කරන්නේ අරක්කු වැනි සැර මත්පැන් මත අය කරන බද්දට වඩා අඩු බද්දක්.  මම නම් බියර් සහ අරක්කු දෙකටම විරුද්ධයි.  නමුත් දෙකම තහනම් කරන්න බැරි නම් කළ යුත්තේ විස අඩු පානයට ජනතාව යොමු කිරීමයි.  ලංකාවේ තිබුණෙත් එවැනි බදු ප්‍රතිපත්තියක්. නමුත් පසුගිය වසර දෙකේ දී අරක්කු මත පැන වූ බදු වලට වඩා බියර් මත බදු පැනවීමෙන් බියර් පානය කළ අයත් අද අරක්කු වලට යොමු වෙනවා.  ලංකාවේ බියර් කෑන් එකක් ගන්නා මුදලට අරක්කු කුප්පි දෙකක් ගන්න පුළුවන්. බියර් වෙලද පොළ තුනෙන් එකකින් මේ වන විට කඩා වැටී තියෙනවා.

ආණ්ඩුවට මින් වාසි දෙකක් තියෙනවා. ජනතාව දෙකක් ගහලා මත්වෙලා ඉන්න තරමට ආණ්ඩුවට පිස්සු කෙළින්න ලේසි. දෙවෙනි කාරනය තමයි විස මත් වතුර පොවලා ඇලෝසියස් සල්ලි සොයන්නේ 2020 ජනාධිපතිවරණයේ එජාප අරමුදලට.  අපරාදේ කියන්න බෑ.  විනිවිද භාවය තියා ගන්න අරක්කු සල්ලි 2020 ජනපතිවරණ අරමුදලට කියන එක අරක්කු බෝතලයේම මුද්‍රණය කරලා තිබෙනවා.  මේ 2020 කියලා ගහලා තිබෙන්නේ ඒ පණිවිඩය වෙනුවෙන්.

මේ ප්‍රවණතාවය ඉදිරියට ගියොත් අපේ තරුණ පරපුරම බේබද්දන් වීම නතර කරන්න බෑ.  රටම මත් වී සිටියොත් තමන්ට රිසි පරිදි පිස්සු කෙලින්න පුළුවන් කියලා ආණ්ඩුව හිතනවා ද දන්නේ නෑ.  ජනාධිපතිතුමනි, ඔබතුමා කතා කරන්නේ මතට තිත.  නමුත් ආණ්ඩුව ක්‍රියා කරන්නේ තිතට මත.  ජනාධිපතිතුමනි,  ඔබතුමා ඇත්තටම මතින් තොර රටක් පතනවා නම් වහාම අරක්කු කුප්පි වෙළඳපොලෙන් ඉවත් කිරීමටත් සැර අඩු මත්පැන් වලට වඩා අරක්කු මත තිබෙන බදු ඉහළ නැංවීමටත් කටයුතු කරන්න කියලා අපි ඉල්ලනවා.

Top