LNN SPY

බැදුම්කර හොරු මැති ඇමතිකම් රැක ගනී….අර්ජුන් ඇලෝසියස් අත්තඩංගුවට!

Published-18/11/2017 – මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව විමර්ශනය පැවැත්වෙමින් තිබෙන අතරතුර එජාපයේ රනිල් පිළේ කොප්කමිටු සාමාජිකයින් පස්දෙනෙකු අර්ජුන් ඇලෝසියස් සමග දුරකතන සංවාද පවත්වා ඇතැයි අනාවරණයවිමත් ලබන 20 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බැදුම්කර ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටිමත් සමගම ඇතිව තිබේන දේශපාලන ව්‍යාකූල තාව සහ ජනතා අප්‍රසාදය මගහැරිම සදහා අර්ජුන් ඇලෝසියස් අත්තඩංගුවට ගැනිමට සුදානමක් ඇති බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

දයාසිරි ජයසේකර, සුජීව සේනසිංහ, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා, සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන හෙක්ටර් අප්පුහාමි සහ හර්ෂණ රාජකරුණා සමග පවත්වා ඇති අදාළ දුරකතන සංවාද ලේඛනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද විශ්ලේෂණ වාර්තාවක් මගින් බැඳුම්කර කොමිසමට වාර්තා කර අවසන් කර ඇති අතර මේ සියළු කරුණු පරික්ෂා කිරීමෙන් අන්තුරුව අර්ජුන් ඇලෝසියස් ඉදිරි සතිය ඇතුලදි අත්තඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළේ.

Top