Featured

බැඳුම්කර හොරු හත්පොලේ ගා ගනි…ගැසට්‌ පත්‍රයට මහින්දගේ නම යෙදූ නිලධාරීහු දත්ත විනාශ කිරීමේ වෑයමක

වත්මන් රජය විසින් සිදුකළ බැඳුම්කර නිකුතුවට අදාළ ගැසට්‌ පත්‍රය හිටපු ජනාධිපති හා මුදල් ඇමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නමින් නිකුත් කිරීමට වගකිවයුතු ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් අදාළ දත්ත විනාශ කිරීමේ උත්සාහයක නිරත වී සිටින බව එම බැංකුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ගැසට්‌ පත්‍රය මහින්ද රාජපක්‍ෂ මහතාගේ නමින් නිකුත්ව තිබීම පිළිබඳව හෙළිදරව් වීමත් සමඟ එයට වගකිවයුතු මහ බැංකු නිලධාරීන් බොහෝ කලබලයට පත්වී ඇති බවත් අදාළ ගැසට්‌ පත්‍රය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට යවන්නේ මහ බැංකුව විසින් නිසා ඊට සම්බන්ධ මහ බැංකු නිලධාරීන් මේ උත්සාහයේ නිරත වී ඇති බවත් එම ආරංචි මාර්ග හෙළි කරයි.

මතභේදයට තුඩුදුන් ගැසට්‌ පත්‍රය තමාගේ නමින් නිකුත් කිරීම සඳහා බැංකුවට සහ මුදල් අමාත්‍යාංශයට එරෙහිව නඩු පවරන බවට හිටපු ජනාධිපති හා මුදල් ඇමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ප්‍රකාශ කර ඇත.

සාමාන්‍ය පිළිවෙත අනුව එම බැඳුම්කර නිකුතුවලට අදාළ ගැසට්‌ පත්‍ර මුද්‍රණය යෑවීමට පෙර මහ බැංකුව විසින් මුදල් අමාත්‍යාංශය වෙත යවන නිසා මේ සඳහා මහ බැංකුවට අමතරව මුදල් අමාත්‍යාංශය ද වගකිව යුතුයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Top