Featured

බෙදුම්වාදී සිරිසේන,රනිල් නඩය රට,රණවිරුවන් බිල්ලට දිම හොර පාරෙන් පාර්ලිමේන්තුව හරහා නීති ගත කරගත් හැටි

දෙමළ ඩයස්ෆෝරාවේ බලපෑම මත අත්සන් කළ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය හොර පාරෙන් පාර්ලිමේන්තුව හරහා නීති ගත කරගත් ආකාරය.

යහපාලන සංහිදියා හයිබ්‍රිඩ් රනිල්-මෛත්‍රී ඊනියා ජාතික ආණ්ඩුව විසින් පසුගිය අගෝස්තු 11වැනිදා බලහත්කාරයෙන් සම්මත කරගත් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය පමණක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ද නොමග යවා සම්මතරගත්තක් බවට විද්‍යාත්මක සාක්ෂි අනාවරණය වෙයි.දෙමළඩයස්ෆෝරාවේ බලපෑම මත අත්සන් කළ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියහොර පාරෙන් පාර්ලිමේන්තුව හරහා නීති ගත කරගත් ආකාරය මෙම ලිපිය මගින් පැහැදිලි කරයි.

HUMAN

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය හෙවත් International Convention for the Protection of All Persons from Enforced Disappearancesසදහා රටවල් 95ක් අත්සන් තබා තිබුණද එය ස්ථිර කිරීම/අනුමත (අපරානුමත) කර ඇත්තේ රටවල් 52ක් පමණි. ඉංදියාව, ස්වීඩන් වැනි රටවල් බොහොමයක්බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය ස්ථිර කිරීම/අනුමත (අපරානුමත) කිරීම කර නැත.

 2015 ජනවාරි 08 වන දින දේදුනු විප්ලවය මගින් යහපාලන සංහිදියා පාලනයක් බලයට පත් වූ බව කියයි. 2015 අගෝස්තු 17 දින පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පරාජිතයන්ද පාර්ලිමේන්තුවට ඇතුළු කරගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද උල්ලංඝණය කරමින් ඊනියා ජාතික ආණ්ඩුවක්ද පිහිටුවා විශාල කැබිනෙට්ටුවක්ද පිහිටුවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා රට පාලනය කරගෙන යන බවටද සමාජය අතර මතයක් ඇත. එවන් සමාජ වටපිටාවක බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය හොර පාරෙන් පාර්ලිමේන්තුව හරහා නීති ගත කරගත් ආකාරය විමසා බැලීම නුවණැතියාට මිහිරි වුවත් අනුවණයාට වේදනාවක් වනු ඇත.

 ඒ අතර 2015.12.09 වැනි දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විදේශ ඇමති මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කළ එළැඹුණු තීරණක පහත සඳහන් පරිදි වේ.

HUMAN_01

2015.12.09 වැනි දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විදේශ ඇමති මංගල සමරවීර මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉහත යෝජනාව ඉදිරිපත් කර අනුමත කරගන්නවාත් සමගම පැය 24ක් යාමට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩබලන ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ඒ.එස්. කාන් මහතා විසින් නිව්යෝර්ක් නුවරදී ඉහත ජාත්‍යන්තර සම්මුතියට අත්සන් තබන ලදී.

සාමාන්‍යයෙන් යම් ජාත්‍යන්තර සම්මුතියටකට යම් රටක් අත්සන් කළ පසු නැවත එය ස්ථිර කිරීම/අනුමත (අපරානුමත)  කිරීමක් සිදු කරයි. ශ්‍රී ලංකාවේ රජය විසින් පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීමේ සම්මුතිය (Anti-Personnel Mine Ban Convention) හෙවත් ඔටාවා සම්මුතිය අපරානුමත කිරීමට වූ යෝජනාව 2016.03.02 දින කැබිනට් මණ්ඩලය හමුවේ ඉදිරිපත් කර අනුමත/අපරානුමත කරගෙන ඇත. එකී අපරානුමත යෝජනාව පහත දැක්වේ.

[පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීමේ සම්මුතිය (Anti-Personnel Mine Ban Convention) හෙවත් ඔටාවා සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කිරීම

– ශ්‍රී ලංකාවේ පැවති ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් රටෙහි උතුරු සහ නැගෙනහිර පළාත් බිම්බෝම්බ හා පුපුරන ද්‍රව්‍ය අවශේෂ මඟින් බරපතළ ලෙස විවිධ බලපෑම්වලට ලක්ව ඇත. අභ්‍යන්තර වශයෙන් අවතැන්වූ පුද්ගලයන් ආරක්ෂිත ලෙස නැවත පදිංචි කිරීමේදී බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ඉතා වැදගත් වන අතර, එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ දිවි පැවැත්මට සහ යටිතල පහසුකම් සංවර්ධන කටයුතුවලට බිම් බෝම්බ සහ යුද අවශේෂ මඟින් සිදු කරනු ලබන තර්ජනයන් වළක්වාගත යුතුව ඇත. ඒ අනුව, ඒ සඳහා අවශ්‍ය පසුබිම සකසන, ඔටාවා සම්මුතිය නමින් හැඳින්වෙන පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීමේ සම්මුතිය ශ්‍රී ලංකා රජය විසින් අපරානුමත කිරීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.]

පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීමේ සම්මුතිය (Anti-Personnel Mine Ban Convention) හෙවත් ඔටාවා සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කිරීම සදහා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර අනුමත කරගෙන තිබුණද 2015.10.10 දින අත්සන් කළ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය හෙවත් International Convention for the Protection of All Persons from Enforced Disappearances අපරානුමත කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය හමුවේ ඉදිරිපත් කර නැත.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය අපරානුමත කිරීමේ යෝජනාවක මුවාවෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා 2016.05.24 දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ‘අතුරුදහන් පුද්ගලයන් පිළිබඳ කාර්යාලය’ (the Office on Missing Persons – OMP) යනුවෙන් හැඳින්වෙන ස්වාධීන ආයතනයක් පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපිත කිරීම පිණිස වූ යෝජනාවකි.

එකී යෝජනාව මෙසේය.

[පසුගිය සමය තුළ අතුරුදහන්ව (disappeared) ඇති බවට හෝ සොයාගත නොහැකි බවට (missing) වාර්තා වන පුද්ගලයන් සම්බන්ධයෙන් වන තොරතුරු ඔවුන්ගේ ඥාතීන් වෙත ලබා දීම මඟින් එවන් පුද්ගලයන්ගේ ඉරණම සම්බන්ධයෙන් වන සත්‍ය තොරතුරු අදාළ ඥාතීන්‍ වෙත දැනගැනීමට සලස්වන ලෙසට දැඩිව ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ. එමඟින් මෙවැනි තත්ත්වයකට මුහුණ දී ඇති අයගේ පවුල් යළි එක් කිරීමටද එකී අතුරුදහන්වීම සම්බන්ධයෙන් එම පවුල්වලට අවසන් නිගමනයකට එළඹීමටද එම පවුල් වෙත වන්දි හෝ වෙනත් සහනයන් සහ සහායන් ලබා දීමටද හැකිවනු ඇත. ඒ අනුව සොයාගත නොහැකි පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බැලීම සහ ඒ සඳහා වන යෝග්‍ය ක්‍රමවේදයක් හඳුනා ගැනීම, සොයාගත නොහැකි පුද්ගලයන් හා සම්බන්ධ සිදුවීම්වලට විසඳුම් ලබා දීම පිණිස අදාළ බලධාරින් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම, සොයාගත නොහැකි පුද්ගලයන්ගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, සොයා ගැනීමට නොහැකි පුද්ගලයන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට සහන ලබාගැනීමට හිමිකම් ඇති මාර්ග හඳුනාගැනීම සහ ඒ පිළිබඳව ඔවුන්‍ට දැනුම් දීම, රජයේ ආයතන සහ වෙනත් ආයතන විසින් සොයා ගැනීමට නොහැකි පුද්ගලයන්ට අදාළව එකතු කර ගෙන ඇති දත්ත එක්රැස් කර මධ්‍යගත දත්ත පද්ධතියක් පවත්වා ගෙන යාම ආදී කාර්යභාරයන් ඉටු කිරීම පිණිස ‘අතුරුදහන් පුද්ගලයන් පිළිබඳ කාර්යාලය’ (the Office on Missing Persons – OMP) යනුවෙන් හැඳින්වෙන ස්වාධීන ආයතනයක් පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපිත කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.]

කෙසේ වෙතත් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය හෙවත් International Convention for the Protection of All Persons from Enforced Disappearances අපරානුමත කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය හමුවේ ඉදිරිපත් කර ඒ සදහා කැබිනට් මණ්ඩලයේ අවසර නොගෙන එකී ජාත්‍යන්තර සම්මුතිය 2016.05.25 දින අපරානුමත කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියේජිත කටයුතු කර ඇත. ඒ අනුව කැබිනට් මණ්ඩලයේ අවසර නොගෙන බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය 2016.05.25 දින අපරානුමත කර ඇත. 2016.05.24 දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කර ඇත්තේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය හෙවත් International Convention for the Protection of All Persons from Enforced Disappearances අපරානුමත කිරීමේ යෝජනාවක් නොව ‘අතුරුදහන් පුද්ගලයන් පිළිබඳ කාර්යාලය’ (the Office on Missing Persons – OMP) යනුවෙන් හැඳින්වෙන ස්වාධීන ආයතනයක් පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපිත කිරීම වෙනුවෙන් වන යෝජනාවකි.

මෙමගින් පෙනී යන්නේ යම් අදෘශ්‍යමාන හස්තයක් ක්‍රියාත්මක වෙමින් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය අපරානුමත කිරීම සදහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් ‍නොකර නමුත් එකී සම්මුතිය ශ්‍රී ලංකාව තුළ බලාත්මක කරන පනතක් ගෙන ඒමේ කූඨඋපායක් ක්‍රියාත්මක වූ බවයි.

මෙය පැහැදිල් වන්නේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය අපරානුමත කිරීම සදහා කැබිනට් මණ්ඩලයේ අවසරය නොගෙන 2016.05.25 දින එකී සම්මුතිය අපරානුමත කිරීමත් 2016.06.27වන දින පළ කල ගැසට්පත්‍රයේ ii වනකොටසේ අතිරේකයක් ලෙස පළ කළ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත් කෙටුම්පතේ 27.(iii) වගන්තියේ “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතියේ”^International Convention for the Protection of All Persons from Enforced Disappearances) ‘අතුරැදහන් තැනැත්තාට’ අදාල ප්‍රතිපාදන ලංකාව තුළ වලංගුවන බව සදහන් කරතිබීමත් ය.

මෙහි වඩා වැදගත්නක නීතිමය අපගමනය වන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා 2016 ජූනි මස 22 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත් කෙටුම්පතේ පවා ඉහත බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියේ ප්‍රතිපාදන ඇතුළත්වී තිබියදී එකී ජාත්‍යන්තර සම්මුතිය ජාතික භාෂාවෙන් වන පිටපත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නො කිරීමය.

 එනම් එකී ජාත්‍යන්තර සම්මුතිය පාර්ලිමේන්තුවෙන් සැගවීමය. ඒ අනුව 2016.08.11 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇත්තේ එකී පනත් කෙට්ම්පතේ මූලාශ්‍රය වන “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතිය”^International Convention for the Protection of All Persons from Enforced Disappearances) පිළිබද ජාතික භාෂාවෙන් වන පිටපතක් හෝ පාර්ලිමේන්තුව හමුවේ නැති වට පිටාවකදී ය. එවන් පාර්ලිමේන්තුයක් යම් රටක පවතින විට ඒ රටට අත්වන ශෝචනීය ඉරණම ගැන කවර කථාවක්ද?

ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලය හෝ පාර්ලිමේන්තුව නොමග යවමින් ඕනෑම ජාත්‍යන්තර සම්මුතියක් ලංකාව තුළ නීතිගත කරවීමට සමත් කණ්ඩායමක් ලංකාවේ සිටින බව මේ අනුව පැහැදිලිය. අනේ කාලේ…..වනේ වාසේ…….

Top