Featured

මද්දුමබණ්ඩාරගේ “අතිශය රහස්‍ය”අමාත්‍ය මණ්ඩල වැඩ-මහා හොරෙක් A1 ශ්‍රේණියේ සාමාන්‍යාධිකාරී තනතුරකට

2015 ජනවාරි 08 දින සුවහසක් ශ්‍රී ලාංකිකයන් මෛත්‍රීපාල මහතාව ජනාධිපති ලෙස පත්කරගත්තේ සුවහසක් නැවුම් බලාපොරොත්තු හා ප්‍රාර්ථනා සිත්තුල රදවා ගෙනය. එසේම මහමැතිවරණයේදී ඔවුන් යහපාලනය සදහා තම චන්දය ප්‍රකාශ කිරීමට කටයුතු කළහ. එහෙත් අද සිදුවන්නේ කුමක්ද? යහපාලනය ගැන උදේ දවල් රාත්‍රී දේශනා පවත්වන අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රාජපක්ෂ රෙජිමයේ දූෂිත නිලධාරීන් මගින් පෝෂිත වීමට උත්සාහ දැරීමයි. මීට ආසන්නම හේතුවක් ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ විසින්ම කැබිනට් පත්‍රිකාවක්(ADS/PA/152 ) මගින් පසුගිය දූෂිත ආණ්ඩුවේ නිලධාරීන් නැවත ආයතන වල උසස් තනතුරු වලට පත් කිරීමට කරන නින්දිත ක්‍රියාවලියයි. මේ සදහා සාක්ෂි සහිතව එක් උදාහරනයක් පමනක් දැනට ඉදිරිපත් කරමු.

ලංකා ඛණිජ තෙල්තොග ගබඩා සංකීර්ණයට (CPSTL) නීත්‍යානුකූල නොවන පත්වීම ලබා දීම

නිශාන්ත ආසිරි ප්‍රනාන්දුනමැත්තා 2004 වසරේදී ලංකා ඛණිජ තෙල්තොග ගබඩා සංකීර්ණයට (CPSTL) සහකාර ගණකාධිකාරීවරයෙකු ලෙස සේවයට බැදී මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුල වසර 04 කදී උසස්වීම් 03 ක් ලැබ 2008 වසරේදී ජේෂ්ඨ නියෝජ්‍ය මුදල් කළමණාකාර තනතුරට පත්විය. තවද SAP  පරිඝණක පද්ධතියේ කටයුතු කිරීම සදහා 2007 වසරේ පටන් මාසික වැටුප් හා දීමනා වලට අමතරව මසකට රුපියල් 60,000.00 බැගින් ලබා ගන්නා ලදි. 2012වසරේ ස්වකීය අනාගත අභිවෘද්ධිය සදහා වැඩි පඩි සහිත පෞද්ගලික ආයතනයක රැකියාවකට යාම සදහා ස්ව කැමැත්තෙන් ඉල්ලා අස්වීය.(අදාළ ඉල්ලා අස්විමේ ලිපිය පහත දක්වා ඇත)

ඉන්පසු සතොස ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) තනතුරට පත්වූ මොහු පසුගිය ආණ්ඩු සමයේ එම ආයතනයට රුපියල් මිලියන 39 ක පාඩුවක් සිදු කිරීම සදහා ඍජුව සම්බන්ධ හෙයින්  2015 වසරේදී රැකියාවෙන් නෙරපා FCID මගින් නඩු පැවරීමට කටයුතු කර ඇත.

එසේ තිබියදී රාජ්‍ය පරිපාලන හා කළමණාකරන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා “අතිශය රහස්‍ය”අමාත්‍ය මණ්ඩල සටහනක් (ADS/PA/152) ලෙස දේශපාලන හේතූන් මත විවිධ ගැටඵ වලට මුහුණ දුන් අයට සහන සැලසීම  මුවාවෙන් නිශාන්ත ආසිරි ප්‍රනාන්දු නමැත්තාට හිග වැටුප් සහ සියඵ දීමනා සහිතව (2012.07.01 සිට සේවක අර්ථ සාධක 15228 යටතේ අඛණ්ඩව සේවය කළ සේ සලකා සේවය කඩවීමකින් තොරව සේවය පිහිටවා CPSTL ආයතනයේ පෙරදාටම සමකල A1 ශ්‍රේණියේ සාමාන්‍යාධිකාරී තනතුර) නැවත සේවයේ පිහිටවා උසස්වීම් 2 ක් සහිතව CPSTLආයතනයේ ඉහලම තනතුර වන සාමාන්‍යාධිකාරී තනතුර නිර්දේශ කර ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත. මේ පිළිබදව කිසිවක් විෂය භාර ඛණිජ තෙල් අමාත්‍යවරයා පවා නොදනී.

තවද  මෙම නිර්දේශ මගින් A6 ශ්‍රේණියේ සහකාර ගණකාධිකාරවරයෙකු මානව සම්පත් කළමනාකාර ධුරයට නිර්දේශ කර ඇත. අපොස සාමාන්‍ය පෙල  පමනක් සමත් මොහු 1979 ආයතනයේ B3 ශ්‍රේණිය සදහා බදවා ගන්නා ලදි.  අවුරුදු 36 ක සේවා කාලය සලකා පසුගිය රජය යටතේ හිටපු පාලනාධිකාරිය විසින් විධායක ශ්‍රේණියට උසස් කර උසස්වීම් දෙකක්ද ලබා දෙන ලදි.  පසුගිය ආණ්ඩුව පැවති කාලයේ දී පවා උසස්වීම් හතරක් ලබා ගෙන ඇති මානව සම්පත් කළමනාකරනය පිලිබද  දැනීමක් නොමැති මොහු සේවකයන් 3200 ක් පමණ සිටින ආයතනයේ මානව සම්පත් කළමනාකාර තනතුර සදහා නිර්දේශ කර ඇත.

රාජ්‍ය පරිපාලන හා කළමණාකරන අමාත්‍යාංශයට අයත් නොවන වෙනත් ආයතන සදහා උසස්වීම් හා පත්වීම් නිර්දේශ කර ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පරිපාලන හා කළමණාකරන අමාත්‍යවරයා කටයුතු කර ඇති අතර මේ පිළිබදව CPSTL  ආයතන ප්‍රධානීන් හෝ මාතව සම්පත් අංශ සම්බන්ධ කරගෙන නොමැත.

ලංකා ඛණිජ තෙල්තොග ගබඩා සංකීර්ණයේ සේවක පිරිස.

 

SATHOSA01

CPLT (1) CPLT (2)

Top