Featured

මරභියෙන් ගැහෙන සිරා බේරාගන්න PSD සුනඛ සේවාවක් වෙයි…අනාචාරි අවලං කලං…දැන් මොකද කියන්නේ ….

මවුබිමේ මුර දෙවතාවන් ලෙස රටේ ජනතාවගේ නොමද ප්‍රසාදයට මෙන්ම ගෞරවයට ප්‍රාප්ත වු යුධ,ගුවන්,නාවික පොලිස් ඇතුලු සියලුම ආරක්ෂක අංශ ජනතාව අතර අපකීර්තියට පත්කිරිම සදහා ගෙන යන යහපාලන ආණ්ඩුවේ තවත් මෙහෙයුමක් අද යලිත් ක්‍රියාත්මක වුනා.ඒ සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පැවැත්විණි. ඡායාරූප මාධ්‍යවේදීන් සඳහා වෙන් කර තිබු ස්ථානයේ සිටි ඡායාරූප මාධ්‍යවේදීන්,වීඩියෝ ශිල්පීන් සිටි පසුපසට යා යුතු බව ජනාධිපති ආරක්ෂක අංශයේ උසස් නිලධාරියකු දිගටම බාධා එල්ල කිරිම හරහාය.

නිලධරයා – පිටි පස්සට යන්න.මෙතන මාධ්‍යවේදින්ට ඉන්න බෑ.

මාධ්‍යවේදියෙක් – මට විනාඩියක් දෙන්න මම පැමිණ සිටින පිරිසගේ පින්තුරයක් අරගෙන පස්සට යන්නම්.

නිලධරයා – එහෙම කොමාන්ඩෝ එකේ වැඩ වලට ආවම ඔයාට ඕන විදියට වැඩ කරන්න බෑ.අපි කියන විදියටයි වැඩ කරන්න ඕනෑ.

මාධ්‍යවේදියා – හරි මට විනාඩියක් දෙන්න මම ෆොටෝ එකක් අරගෙන ඉක්මනට යන්නම්….මම මෙතන ඉදලා ෆොටෝ එක ගත්තොත් ඇවිත් ඉන්න අයගේ පිට පස්සනේ ෆොටෝ එකට වදින්නේ.

(දඹර ඇගිල්ල දිගු කරමින්) මට ඒවා අදාල නෑ.අපි කියන විදියටයි වැඩ කරන්න ඕනේ.ෆොටෝ ගන්න දෙන්න බෑ.යන්න පස්සට.

මේ අයුරින් ඡායාරූප මාධ්‍යවේදියාට තර්ජනය කරමින් ජනාධිපතිතුමන් සහභාගි වු උත්සවය ආවරණය කිරීමට ඉඩ ලබා නොදි මාධ්‍යවේදීහු එම ස්ථානයෙන් ඉවත් කරනු ලැබූහ.

මත්තල සිද්ධිය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු නිවේදනයේ මෙසේ සඳහන් විය.

හම්බන්තොට වරායේ ඊයේ ‍‍‍‍‍(10) ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය අතරතුරදී එම සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් අනාචාරි මොලේ කලදක් නැති රංග කලංසූරිය නිවේදනයක් හරහා කියා සිටියේ “ගැටුම් වාර්තාකරණයේ දී පිළිපැදිය යුතු අවම සදාචාරාත්මක පියවර අදාළ මාධ්‍යවේදියා විසින් පැහැර හැරීම මෙම සිද්ධියට පාදක වී ඇති බවට සිදුකළ මූලික පරීක්ෂණවල දී හෙළි වී ඇති” දැන් මොලේ කලදක් නැති අවලං කලං….මේ සිද්ධිය ගැන කියන්නේ කුමක්ද?

මරභියෙන් ජිවත් වෙන ජනාධිපතිවරයා ආරක්ෂා කර ගැනිම් සදහා ජනාධිපති ආරක්ෂකයන් සුනඛයන් ලෙස මාධ්‍යවේදීන් කා දැමිමට ගන්නා උත්සහය ඉතා ඉක්මනින්ම නතරකල යුතු නොවේද?

Top