Featured

මවුබිම අනතුරේ….ෆෙඩරල් ව්‍යවස්ථාව වෙනුවෙන් ජනමත විචාරණයක් ….

Published on: Apr 26, 2017 – Attention:(ෆෙඩරල්) ව්‍යවස්ථාවට පවත්වන ජනමතවිචාරණයට දකුණ සූදානම් කරන මෛත්‍රී යනුවෙන් පසුගිය වසරේ 2016 අප්‍රියෙල් 23 වැනිදා අපකල අනාවරණය තහවුරු කරමින් යහපාලන රජය 2017 වසරේ පළමු මැතිවරණය ලෙස ජනමත විචාරණය හෙවත් මවුබිම බෙදුම්වාදයට තල්ලු කරන මැතිවරණය කැදවිමට තින්දුවක් ගෙන ඇති බව ප්‍රසිද්ධියේම පිලිගෙන තිබේ.(ජනමත විචාරණය ආණ්ඩුව දිනන හැටි ඊළග ලිපියෙන් බලාපොරොත්තු වන්න)

යහපාලන රජය 2017 වසරේ මුහුණ දෙන ප්‍රථම මැතිවරණය ජනමත විචාරණය බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකචිඡාවක දී අදහස් පළ කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ නව ව්‍යවස්ථාව සදහා එම ජනමත විචාරණය පවත්වන බවයි. පාර්ලිමේන්තුවෙන් එය සම්මත වූ පසු ජනමත විචාරණයට ලක් කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.

නව ව්‍යවස්ථාව සකස් කිරීම සදහා මේ වනවිට කමිටු පත්කිරීම සහ ජනතාව දැනුවත් කිරීම ආරම්භ කර ඇති බවත්, කඩිනමින් ව්‍යවස්ථාව සකස් කරන බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

ඉදිරියේදී සම්මත කිරීමට යන ෆෙඩරල් ව්‍යවස්ථාව මගින් ඇති කරන අනතුරවන්නේ රටේ ඒකීය බව බිද දැමීම පමණක් නොවේ. 1972 බිද දැමූ ඩොමීනියන් තත්ත්වයත් නැවත ඇති කිරීමත් මෙම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ගැබ් වනු ඇත. එමෙන්ම සිංහල භාෂා අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණයන් සම්පූර්ණයෙන්ම ඉවත්කර 1972ට පෙර පැවති තත්ත්වයටම රටේ නීතිය ගෙන යනු ඇත. මෙවර ආණ්ඩුක්‍රමය කෙටුම්පත් කරන්නන් සිරිමා බණ්ඩාරනායක සහ ෆීලික්ස් බණ්ඩාරනායකගේ නිදහස් නීති සංකල්ප බැහැර කරමින් බ්‍රිතාන්‍ය රැජිනගේ නීති ආධිපත්‍යයට දැඩිව ලාංකිකයන්ව බැද තබනු ඇත. 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඒ තත්ත්වය යම් දුරට තහවුරැ කරගෙන ඇති බව නීතිපති සහ පොලිස්පති පත්කර ගැනීමෙන් පැහැදිලි වෙයි.

ඔබ තවමත් ප්‍රමාද නැත…. කියවන්න ..දැන ගන්න …

http://www.sinhala.lnwtoday.com/archives/9930

Top