Featured

මවුබිම දෙකඩ වේ…..ලංකාව ෆෙඩරල් කලයුතුයි – එක්‌සත් ජාතීන්

ශ්‍රී ලංකාවේ වාර්ගික අර්බුදයට ස්‌ථිර විසඳුමක්‌ ලෙස බලය විමධ්‍යගත කරන පෙඩරල් විසඳුමක්‌ ලබාදිය යුතු යයි සුළු ජන කොටස්‌ පිළිබඳ කටයුතු කරන එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත රීටා අයිසැක්‌ ජිනීවා මානව හිමිකම් සමුළුවට නිර්දේශ කර තිබේ.මිට අමතරව ශ්‍රී ලංකා රජය ඉටුකළ යුතු ඉල්ලීම් යෑයි දක්‌වමින් නිර්දේශ 24 ක්‌ද මානව හිමිකම් සමුළුවට යොමුකර ඇති අතර උඩරට වතුකරයේ සියලු පවුල්වලට පර්චස්‌ හත බැගින් ලබාදිය යුතු බවද ඇය නිර්දේශ කර තිබේ.

ශ්‍රී ලංකාව කැබලිවන අයුරින් එක්‌සත් ජාතීන්ගේ නියෝජිතවරියක්‌ මානව හිමිකම් සමුළුව වෙත පෙඩරල් විසඳුමක්‌ දීමේ යෝජනාවක්‌ ඉදිරිපත් කළ මුල් වතාව මෙය වන අතර පසුගිය වසරේ ඔක්‌තෝබර් 10 සිට 20 දක්‌වා උතුරේ සංචාරය කළ රීටා අයිසැක්‌ මෙම බෙදුම්වාදී නිර්දේශය දැන් පැවැත්වෙන මානව හිමිකම් සමුළුවට යොමුකර තිබේ.

මේ ගැන මාර්තු 22 දා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් සිය නිගමනය ප්‍රකාශයට පත් කිරිමට නියමිත අතර උතුරේ ක්‍රියාත්මක වන තේසවලාමෙයි නීතිය එලෙසම පවත්වාගෙන යා යුතු බවද රීටා අයිසැක්‌ සඳහන් කර සිටී.

Ms. Rita Izsák-Ndiaye, Special Rapporteur on Minority Issues

 

 

Top