ඇමරිකානු ඩොලර් මිලියන 250ක රාජ්‍ය ණය මුදලක් ලබා ගැනිම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Mashreq Bank බැංකුවෙන් කප්පම් මුදලක් ලබා ගැනිමට උත්සහ කිරිම සම්බන්ධයෙන් මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂට එරෙහිව මුදල් අමාත්‍යවරයාට පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇති බව News One දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
ශ්‍රි ලංකාවේ රාජ්‍ය බැංකු ණය මුදල් ලබා ගැනිම සදහා ප්රමුඛව බැංකු කිහිපයක් සමග කටයුතු කරන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Mashreq Bank බැංකුව ඒ අතර ප්රමුඛ පෙළේ බැංකුවක් වේ.රජයේ අනුදැනුම යටතේ අදාළ ණය අධාරය ලබා ගැනිමට කටයුතු කර ඇති අතර එම මුදල් ලබා ගැනිමේදි Mashreq Bank හරහාම එය ලබා ගැනිම සදහා සභාපතිවරයා අදාල කප්පම් මුදල ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.අදාළ කප්පම් ඉල්ලිම සම්බන්ධයෙන් සාක්ෂී රැසක්ද මුදල් අමාත්‍යවරයාට ලබාදි ඇති බවද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් පසුගිය 8 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් විසින්ද අනාවාරණය කර තිබුනා.(අදාළ විඩියෝව පහලින් නරඹන්න)
මිට අමතරව කලම්බු කැපිටල් ලැන්ඩ් (Liberty Holdings (Pvt) Ltd) 2016 වසරේ රුපියල් බිලියන 1.6ක ණය මුදලක් මහජන බැංකුවෙන් ලබාගෙන ඇති අතර එය 4වන වරටත් නැවත් ලැයිස්තුගත කිරිමේ සුදානමක් පවතින බව අනාවරණය වේ.ඒ අනුව 2018 ජනවාරි,2019 ජුලි මාසයේ සහ 2020 ජුනි මාසයේ එම නැවත ලැයිස්තු ගත කිරිම සිදුකර තිබේන අතර එය නැවතත් ලැයි ස්තුගත කිරිමේ සුදානමක් පවතින බවයි අනාවරණය වි ඇත්තේ.
අවස්ථා තුනක් Reschedule කර තිබේන එම ණය මුදල නැවතත් reschedule කිරිමට නොහැකි බව මහජන බැංකුවේ ණය ලබාදිම සදහා පත්කර තිබේන කමිටුව (credit committee) ප්‍රතිකේෂ්ප කර ඇති අතර මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ වහාම එය නැවත reschedule කිරිම සදහා බලපෑම් කරමින් සිටින බවයි මේ වනවිට අනාවරණය වි ඇත්තේ.
මහජන බැංකුවේ ව්‍යවස්ථාවට අනුව සභාපතිවරයා Non-Executive Chairman තනතුරක් වන අතර ඒ අනුව ඔහුට මහජන බැංකුවේ ණය සම්බන්ධයෙන් තින්දු ගැනිමේ කමිටුවට බලපෑම් කිරිමට කිසිදු හැකියාවක් නෑ.සභාපතිවරයාගේ බලපෑම් හේතුවෙන් මේ වනවිටත් මහජන බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලය කලකිරීමට පත්ව ඇති අතර අනිසී බලපෑම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටද දැනුවත් කිරිමට කටයුතු කර තිබේ.
Liberty Holdings (Pvt) Ltd සමාගම් සමුහයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සිය සමාගම් සමුහයට ලබාදුන් ණය මුදල් ගෙවිම පැහැර හැරිම අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරිම සදහා මහජන බැංකුවේ credit committeeයට අනිසි ලෙස බලපෑම් එල්ල කරන බව වාර්තා වේ.