Featured

මහබැංකු බැඳුම්කරය ජවිපෙ යලී දෙදරවයි….

ආන්දෝලනාත්මක මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළව පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව සකස් කරමින් ඇති අවසන් වාර්තාව හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ යලිත් දෙදරිමක් හටගෙන ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කරනවා.කෝප් කමිටුවේ සභාපතිත්වය දරණ ජවිපෙ මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති සහ ජවිපෙ නායක රනිල්ගේ රතු අලී පැටියා අතර ඇතිවු බහින්බස් විමක් හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ යලිත් දෙකඩ විමේ අවදානමකට මුහුණ් දි ඇති බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.

කොප් කමිටුව හරහා අර්ජුන් මහේන්ද්‍රන්ට එල්ල වි ඇති චොදනා සම්බන්ධයෙන් ජවිපෙ මධ්‍යම කාරක සභාව තුල සාකච්ඡාවට පැමිණ ඇති අතර එහිදි ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතා සුනිල් හදුන්නෙත්ති අර්ජුන් මහේන්ද්‍ර වෙත එල්ල වි ඇති චෝදනා සම්බන්ධයෙන් දැඩි තිරණයක සිටිමින් කතාකර ඇති අතර ජවිපෙ නායකයා එජාපයේ ඇතැම් කොප් කමිටු සමාජිකයන්ගේ අදහස් පිළිබඳවද අවධානය යොමු කරමින් කතා කිරිමට යෑම් හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම කමිටුව රැස් වී මෙම වාර්තාව සකස් කරමින් සිටියදී ඊට විරෝධය පළ කළ මන්ත‍්‍රීවරුන් කණ්ඩායමක් කමිටු රැස්වීම අතරතුර නැගිට ගිය අතර බැඳුම්කර සිද්ධියට අදාළ විගණකාධිපතිවරයාගේ වාර්තාව සම්බන්ධයෙන් කමිටු සාමාජිකයින් අතර දැඩි උණුසුම් තත්ත්වයක් හටගත් අතර කමිටු රැස්වීමෙන් පිටව ගිය මන්ත‍්‍රීවරුන් සඳහන් කර ඇත්තේ විගණකාධිපතිවරයාගේ වාර්තාව සහ කෝප් කමිටු පරීක්ෂණ වාර්තාව ඒ අයුරින්ම පිළිගත යුතු බවයි. කෙසේ වෙතත් කමිටුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් සඳහන් කර ඇත්තේ ඊට සංශෝධන අවශ්‍ය බවයි.

කෝප් කමිටුවේ සාමාජිකයන් 26 දෙනෙකු ඇතුළත් අතර ඉන් 08 දෙනෙකු මෙම විිරෝධය මතු කර තිබෙනවා.

මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළව කෝප් කමිටු වාර්තාව සකස් කර අවසන් කෙරුණු බවට පළ වන වාර්තා අසත්‍ය බව අමාත්‍ය අජිත් පී. පෙරේරා පසුගියදා සදහන් කල අතර අද මලික් සමරවික්‍රමගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයෙ මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළව වාර්තාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත් තිබේන බවද අප වාර්තාකරු අනාවරණය කළා.

මේ අතර බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල නිර්දේශ ඇතුළත් වාර්තාව ලබන 25වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එම වාර්තාව සම්බන්ධයෙන් අවසන් සාකච්ඡා මේ වනවිටත් සිදුව නෑ.

Top