LNN SPY

මාසිකව මිලියන 4.4ක ගොඩනැගිල්ල අත්හැර මිලියන 12.87ක් ගෙවා වනජීවි ඇමති අලුත් තැනකට යයි… අමාත්‍යාංශ ගොඩනැගිලි ගැනිල්ල අස්සේ අලුත් ගේමක්!

Published on: May 22, 2018-  රාජපක්ෂලාගේ දුෂණ ගැන කෑ මොර දෙන හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් තිරසර සංවර්ධන, වනජීවි අමාත්‍ය සරත් ෆොන්සේකාගේ හීන් නුළේ ගැසු ගේමක් ගැන තොරතුරු මේ වනවිට අනාවරණය වි තිබේ.

ඉතා අඩු කුලියක් යටතේ සෙත්සිරිපායේ පිහිටා තිබු තිරසර සංවර්ධන, වනජීවි හා ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍යාංශ කාර්යාල ගොඩනැගිල්ල රාජගිරියට ගෙන යාමට කටයුතු කර ඇති අතර අදාළ ගොඩනැගිල්ල ගැනිමට කටයුතු කිරිම හේතුවෙන් වර්ෂයකට කෝටි 10 කට වඩා පාඩුවක් සිදුව තිබේ.

සෙත්සිරිපායේ පළමු මහලේ පිහිටි වර්ග අඩි 27000ක තිරසාර සංවර්ධන අමාත්‍යාංශයේ කාර්යාල ගොඩනැගිල්ල සඳහා ගෙනව මාසික කුලිය රුපියල් මිලියන 4.4කි එය වාර්ෂිකව රුපියල් මිලියන 52.8 ක් වේ. ඉටත් වඩා එම ගොඩනැගිල්ල රජයටම අයත් එකක් හේතුවෙන් ගෙවන මුදලද වක්‍රව ආණ්ඩුවටම ලැබේ.

කෙසේවෙතත් ආණ්ඩුවේ ප්‍රබලයෙකු මෙන්ම ඩිල් කරුවෙකු ලෙස ප්‍රසිද්ධ කුප්‍රකට අමාත්‍යවරයෙකු සමග දැමු ඩිල් එකකට අනුව සරත් ෆොන්සේකා රාජගිරියේ අංක 1090 දරණ(Sino Lanka Towers) ගොඩනැගිල්ල සදහා මාසික කුලිය රුපියල් මිලියන 11.7 ක් ගෙවා සිය අමාත්‍යාංශය පවත්වාගෙන යැමට කටයුතු කර තිබේ.

සෙත්සිරිපායේ පළමු මහලේ පිහිටි වර්ග අඩි 27000ක ඉඩක් තිබියදි වර්ග අඩි 23000කින් සමන්විත රාජගිරියේ තැනට එන්නට ෆොන්සේකා කටයුතු කලේ ඇයිදැයි සිතා ගැනිම අපහසු නොවේ.රාජගිරියේ නව කාර්යාලය වර්ග අඩි 4000ක් අඩු විම පමණක් නොව ජූලි මස 01 වෙනි දින සිට එහි කුලිය 10% කින් වැඩි වේ. ඒ අනුව ජූලි මස සිට මාසිකව රුපියල් මිලියන 12.87ක් වේ. එය වාර්ෂිකව රුපියල් මිලියන 154.44 කි.

මෙම ගොඩනැගිලි මාරුව නිසා වර්ෂයකට කෝටි 10 කට වඩා පාඩුවක් සිදු වන අතර ඒ බව අමාත්‍යංශ ලේකම්වරයාට හා අමාත්‍ය සරත් ෆොන්සේකා වෙත දන්වා තිබියදි ඒ පිළිබඳව අමාත්‍යවරයාගේ අවධානය යොමු නැති බවත් අමාත්‍යාංශය රාජගිරියට යාමට ගෙන ඇති තීරණය අමාත්‍යවරයා වෙනස් කොට නොමැති බවත් මේ වනවිට අනාවරණය වි තිබේ.තමන් කලින් කටයුතු කල ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශය එම ස්ථානයේ පිහිටුවා තිබිම හේතුවෙන් තමන්ට එම ස්ථානයේම රැදි සිටිය යුතු බවයි.

වර්ෂ එකාහමාරකට අඩු කාලයකට පවතින අමාත්‍යාංශය කාර්යාලයක් වෙනුවෙන් රුපියල් මිලියන 101.64ක් කා දමන්නේ කාගේ උවමනාව මතද? රජයටම මුදල් ලැබෙන ගොඩනැගිලිල්ලක් තිබියදි මේ තරම් මුදලක් මලික්ට දි වෙනත් ගොඩනැගිල්ලක් වෙත යන්නේ ඒ හරහ ඉතා විශාල කොමිස් මුදලක් කප්පම් වශයෙන් ලැබෙන නිසා නොවෙද?

රජය බරපතළ මූල්‍ය අර්බුදයකට මුහුණ දී තිබියදි ඒකාබද්ධ අරමුදලේ එක රුපියලක් හෝ ආරක්ෂා කර ගැනීම වෙනුවට තම සැප පහසුව පමණක් හා තම පෞද්ගලික හිතවතුන්ගේ මූල්‍ය මයප්‍රතිලාභ සුරක්ෂිත කිරීමට දේශපාලඥයන් විසින් ගෙන ඇති මෙවන් ක්‍රියාමාර්ග පොදු මුදල් අවභාවිත නොකරන බවට දිවුරුම් දෙන සරත් ෆොන්සේකා වැනි අයත් අනුමත කිරිම ගැන යලිත් සිතා බැලිය යුතුය.

Top