LNN SPY

“මේවා ඇහෙනකොට මට හිනාත් යනවා….” සිරිසේනගේ මොලේ විකාර කතා ගැන ෆොන්සේකා පිළිතුරු දෙයි…

Published on: Oct 23, 2018 – දුර්වලයකු ලෙසින් විවේචනයට ලක්ව තිබෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වර්තමාන එජාප නායකත්වයට වක්‍ර ප්‍රහාරයක් එල්ල කරන්නට ජනාධිපතිවරයා සේනානායක සමරුව අවස්ථාවක් කර ගැනිම් සම්බන්ධයෙන් ප්‍රාදේශීය සංවර්ධන සහ වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද සිරිසේන ජනාධිපතිවරයාට හාස්‍යයෙන් යුතුව ප්‍රහාරයක් එල්ල කළා.

බ්‍රිතාන්‍යයන් රටින් පිටව ගිය පසු රටේ මුල්ම අග්‍රාමාත්‍ය ධුරය ඉසිලූ ඩී එස් සේනානායක ඇතුළු එම පවුලේ සාමාජිකයන් සිහිපත්කොට කොළඹ බණ්ඩාරනායක සමරු රඟහලේ පැවති ගුණානුස්මරණයකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළේ රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වී එක්සත් ජාතික පක්ෂය හා සන්ධාන ගතවීමේදී “ඩී එස් ගේ, ඩඩ්ලිගේ එක්සත් ජාතික පක්ෂයට තමයි මම එකතු වෙන්නේ කියලා,” තමන් විශ්වාස කළ බවයි.

ඩීඑස් සේනානායක දේශප්‍රේමියකු ලෙසද, සේනානායකවරුන් දුෂණය, වංචාව, හොරකම හා නාස්තිය නැති චරිත ලෙසද ප්‍රශංසාවට ලක් කළ සිරිසේන ජනාධිපතිවරයා කියා සිටියේ ඔවුන් නිසා එජාපය ප්‍රබල පක්ෂයක් බවට පත්වී සිටි වගයි.

“නමුත් ඩී එස් ගේ ඩඩ්ලිගේ එක්සත් ජාතික පක්ෂය නොවන බව මට පස්සෙයි තේරුනේ,” යි ජනාධිපතිවරයා කණගාටු විය.

එම ප්‍රකාශයට පිළිතුරු දෙමින් එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරයකු වන සරත් ෆොන්සේකා විසින් හාස්‍යයෙන් යුතුව බැහැර කරන ලද්දේ “මට හිනාත් යනවා,” යි පවසමිනි.

පොදු අපේක්ෂකයා ලෙසින් තරග වැදී ඔහු 2015 ජනාධිපතිවරණයෙන් ජය ගත්තේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එජාපයේ සහායෙන් වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක සහාය ලැබුනේ ප්‍රතිවාදී මහින්ද රාජපක්ෂට බව නොරහසකී.

“එක්සත් ජාතික පක්ෂයේ ඩී එස් සේනානායකලා නෑ තමයි. ඒ වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායකලත් නෑ,” යි ෆීල්ඩ් මාර්ෂල් වරයා සිහිපත් කර දුන්නේය.

කවුරුන් හෝ අද ඩී. එස්. සේනානායක හෝ බණ්ඩාරනායකගේ දේශපාලනය කරන්න යනවා නම් ඔහු පිස්සෙක් විය යුතුයි. වර්තමානයේ කවුරුන් හෝ ඩී. එස්. සේනානායක හෝ බණ්ඩාරනායක වෙන්නට හදනවා නම් එය හාස්‍යයට ලක්විය යුතු කරුණක් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“මේවා ඇහෙනකොට මට හිනාත් යනවා. ඩී. එස්. සේනානායකලා කළ දේශපාලනය වෙනස්. බ්‍රිතාන්‍යයන් මෙරට පාලනයට ඇඟිලි ගසන සමයේ මෙරට ප්‍රභූ පැලැන්තිය වන ඩී.එස්.සේනානායක, බණ්ඩාරනායක වැනි අය පෙළ ගැසී දේශපාලනය කළා. අද ඒ දේශපාලනය කවුරුන් හෝ කරන්න ගියොත් ඔහුට පිස්සු යැයි ජනතාව සිතාවි.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් වෙමින් ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග වැනි අය නායකත්වයේ සිටියා. ඒ අය ප්‍රභූ පැලැන්තියෙන් හෝ වලව් වලින් ආ අය නෙවේ. නමුත් එක්සත් ජාතික පක්ෂයට ජනතාව ඡන්දය දුන්නා. වර්තමානයේ කව්රුන් හෝ ඩී. එස්.සේනානායක හෝ බණ්ඩාරනායක වෙන්න හදනවා නම් එය හාස්‍යයට ලක්වියයුතු කරුණක්”

කතෘ සටහන …….

ඩීඑස් සේනානායක දේශප්‍රේමියකු ලෙසද, සේනානායකවරුන් දුෂණය, වංචාව, හොරකම හා නාස්තිය නැති චරිත ලෙසද ප්‍රශංසාවට ලක් කිරිමට සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කලද සැබෑවටම ඒ පසුපස ඇත්තේ තමන්ගේ නොහැකියාව බව අමතුවෙන් රටේ ජනතාවට කියාදිය යුතු නැත.2015 වනවිට අගමැති සිහිනයේ නිදිවදිමින් සිටි සිරිසේන පොදු අපේක්ෂකය බවට පත්ව රටේ ජනතාවට තමන් වංචනිකයෙකු ලෙස තමන්ව් හදුන්වා දුන්නේ හරියටම දින සියයකින්‍ ය.

විධායක ජනාධිපති ධුරය දින සියයෙන් අහෝසී කරන බවත් දින සියයේ ව්‍යාපෘති සියල්ල මෙන්ම එයාර්පොර්ට් වසා හොරු අල්ලන බවට දෙඩු වහසි බස් ගැන සිරිසේනට දැන් වගේ වගක් නැත.එපමණක් නොව මුලු රටම සිනාසුරේ ගිල්වමින් සියල්ල පත්තරයෙන් දුටු සිරිසේන අවසානයෙ දින සියයයේ වැඩසටහන හදපු එකාවත් නොදන්නා බව ජනතාව හමුවෙ පැවසුවේ තමන් තවදුරටත් ජනාධිපතිකම සුදුස්සේකු නොවන බව රට හමුවේ පසක් කරමින් ය.

අනිත් අතට ඩී එස් ගේ ඩඩ්ලිගේ එක්සත් ජාතික පක්ෂය හෝ විජේවිරගේ ජවිපෙ තියා බණ්ධාරණායකලාගේ ශ්‍රිලනිපය හෝ අද නැත එහේම නායකත්වයන්ගෙන් යුත් පක්ෂ අද තිබුනේ නම් සිරිසේන වැන්නේකු අද කිසිවිටකත් බිහි නොවනු ඇත.අනික් අතට හොරකම්,මැරකම් මෙන්ම නීතිය අවභාවිතයේ යෙදවිම සම්බන්ධයෙන් කතා කිරිමට මෛත්‍රීටද කිසිදු සදාචාරත්මක අයිතියක් නැති බව අමුතුවෙන් කිවයුතු නොවේ.ඇතැම්විට සිරිසේනට සියල්ලම අමතක වි තිබෙන්නට පුලුවන නමුත් රටේ ජනතාවට කිසිවක් අමතක වි නොමැත.දැන් දැන් ගොනා හැරෙන්නේ පොල් පැලය කන්නට බව අමතුවෙන් කිව යුතු නොවේ.

එකක් ටක්කේටම ලියා තැබිය හැක 2020දි යලිත් පොදු අපේක්ෂකයා කිරිමට එජාපය තින්දුවක් ගතහොත් එදාට ඩී එස් ගේ ඩඩ්ලිගේ එජාපයට වඩා රනිල්ගේ එජාපය මරු යැයි සිරිසේන ඔය කටින්ම කියනු ඇත.

 

Top