LNN SPY

“මේ යක්කු යහපාලනේට ගියා දැන් ඇවිත් මේකේ රිංගන්න හදනවා…” වයඹ පළාත් සභා මන්ත්‍රී ඩී. බී. හේරත් 16 ට ගසයි

Published on: Aug 20, 2018 – වයඹ පළාත් සභා මැතිවරණ උනුසුමෙහි නොයෙකුත් කටකතා පැතිරෙද්දී අපුර්ව සිද්දියක් වාරියපොළ පැවති සාකච්ඡාවක් මාර්ගයෙන් දැනගන්නට ලැබී ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කල මෙම කණ්ඩායම අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව නියෝජනය කරමින් සිටි. එම පිරිසේ කුරුණෑගල ආසනය නියෝජනය කරමින් මහ ඇමති පුටුවට ජයරත්න හේරත් නම් කරද්දී ඔහුත් සමග උරෙන් උර සටනට පැමිණ සිටින්නේ පළාත් සභා මන්ත්‍රී ඩී. බී හේරත් බව අදවනවිට සැවොම දන්නා කරුණකි.

මේ මහ ඇමති හුටපටය එහාට මෙහාට සකච්ඡාවෙද්දී පාර්ලිමේන්තුවට නම් කල ඩී. බී . හේරත් මන්ත්‍රීතුමා තම මාධ්‍ය හමුවද අවලංගු වූ කනස්සල්ලෙන් හිත සන්සුන් කරගැනීමට තමාගේ හිතවත් මන්ත්‍රීන්, ආධාරකරුවන් සහ තමාගේ හිතවත් වාරියපොළ ප්‍රදේශයේ ප්‍රභූවරුන් පිරිසකට සම්භාෂණයකට ආරාධනාකොට ඇතැයි ආරංචි මාර්ග පවසයි.

එහිදී කතාබහට ලක්වී ඇත්තේ ” මේ යක්කු යහපාලනේට ගියා දැන් ඇවිත් මේකේ රිංගන්න හදනවා. මේ තත්වය නැති කරගන්න ඕනේ. දයාසිරිත් අපිත් එක්ක ගැටේ ගහන්න එන්න ගිහින් යන්තම් එලවගත්තා ප්‍රසිඩන්ට් ගාවටම. දයාසිරි එහෙම ගියාට අනිත් එවුන් එහෙම කරන්නේ නෑ . රිංගන්නමයි බලන්නේ. මේ තත්වය නවත්තගන්න ඕනේ යනුවෙන් බව වැඩිදුර දැනගන්නට ලැබී තිබේ. එහිදී සෘජුවම ඩී. බී. හේරත් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ තාරනාත් එහෙන් ඇඟිල්ල ගහන්න හදනවා. අනුර යාපා ලොක්කා මෙහෙන් කොනිත්තනවා. අපි වැඩක් කරගන්න ගියාම ඔක්කොම පැරෂුට් කාරයෝ පාත් වෙනවා. මේක මහ කරුමයක්නේ ඇයි ලොක්කට මෙව්වා තේරෙන්නේ නැත්තේ. මාධ්‍ය සාකච්ඡාව තියන්නත් එපා කිව්වා. ඕකනේ හැමදාම කරේ බව වැඩිදුර ආරංචි මාර්ග පවසයි.

මේ 16 මොකටද ආපහු එන්න හදන්නේ දයාසිරිව කුලියාපිටියට දාන්න හදනවා. එතකොට කොට ඇදපු සමන්ප්‍රිය මල්ලි හිර වෙනවා. තාරනාත් දැනටම තාත්තාව ඉස්සර කරගෙන කාල්ටන් එකටත් ගිහින්ලු. මොකක්ද මේ වෙන්නේ යැයි මේ  පිරිස සාකච්ඡාවේදී  දැඩි වයිරයෙන් කතාකොට ඇතැයි දැනගන්නට තිබේ. කෙසේ වෙතත් වයඹ පළාත නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට නැවත පොහොට්ටුවට පැමිණි සහ පැමිණීමට නියමිත මන්ත්‍රීවරුන්ට මුහුණට මුහුණ විරුද්ධත්වයක් පාලා  ඉවත්කරගැනීමට කටයුතු සැලසුම් කරන බවයි වැඩිදුර ආරංචි මාර්ග පවසන්නේ.

මේ පිළිඹඳ පොහොට්ටු නායකත්වයට ආරංචි වී තමුසෙලාට පිස්සුද යනුවෙන් විමසා ඇතැයිද දැනගන්නට ලැබී ඇත.

සටහන – අර්ජුන ලියනාරච්චි

Top