Featured

යහපාලනය පාර්ලිමේන්තුවේ ඡන්ද කොල්ල කයි-ධම්මික වහාම පන්නනු

රුපියල් මිලියන 55ක පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කර ගැනීම සඳහා අද පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීම ඡන්ද සම වුවත් වංචනික අකාරයෙන් පනත සම්මත වු බවට ප්‍රකාශ කල පාර්ලිමේන්තුවේ මහා ලේකම් ධම්මික දසනායක වහාම ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් අප විශේෂ වාර්තාකරු සමග පවසා සිටියා.

පනත සදහා පක්‍ෂව ඡන්ද 31ක් හා විපක්‍ෂව ඡන්ද 31ක් ලැබී ඇති නමුත් කතානායකවරයා වංචනික අකාරයට එය වෙනස් කරමින් පක්‍ෂව ඡන්ද 33ක් හා විපක්‍ෂය ඡන්ද 31ක් ලැබුණු බවට නිවේදනය කර තිබේ.

පසුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අදාළ ඡන්ද විමසිම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ලේකම්වරයාගේ නිල කාමරයේදී අදාල වීඩියෝ පට පරීක්‍ෂා කරන ලද අතර එහිදී පක්‍ෂව ඡන්ද 30ක් හා විපක්‍ෂව ඡන්ද 31ක් ලැබී ඇතැයි තහවුරු වි ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මේ අනුව මුදල් පනතක් ආණ්ඩුව පරාජයට පත් වූ බැවින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බැවින් යහපාලනය වංචනීකව පාර්ලිමේන්තුවේ ඡන්ද කොල්ල කැමට රහසීගත මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටි.

Top