LNN SPY

යහපාලන අධිකරණයේ ස්වාධීනකම රෙද්ද පල්ලෙන් බේරේ…පළිගැනීම් සඳහා අධිකරණය භාවිතා කල හැටි අධිකරණයේදිම හෙලිවේ…

යහපාලන ආණ්ඩුවේ අධිකරණ අවභාවිතාව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදි අද අනාවරණය වුනා.ඒ ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව පවරා තිබූ නඩුවක් පැමිණිල්ලේ මෝසකමට අනුව ඊයෙ (06) කැඳවූ අවස්ථාවේ දී විත්තියේ නීතිඥවරුන් දැක් වූ කරුණු සැලකිල්ලට ගත් අවස්ථාවේදිය.

පළිගැනීම් සඳහා අධිකරණය භාවිතා නොකරන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා නාගරික සංවර්ධන අධිකාරියට අවවාද කර තිබේ.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් තලවතුගොඩ ප්‍රදේශයේ පර්චස් 7.3ක ඉඩමක අනවසරයෙන් පදිංචිවී සිටීම සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

මෙහිදී ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ සහ ප්‍රේම්නාත් සී දොලේවත්ත අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩමක් එසේ අත්පත් කරගෙන නොමැති බවය.

නඩුවට පාදක වී ඇති ඉඩම් කොටස් පසුගිය 2016 වසරේ සිට වල්බිහිවී ඩෙංගු ආකරයක් බවට පත්ව ජනජීවිතවලට අනතුරුදායක පරිසරයක් වී ඇති බව සිය සේවාදායකයා විසින් නාගරික සංවර්ධන අධිකාරියට ලිඛිත දැනුම් දීමක් කර ඇති බවත් නීතිඥවරු පෙන්වා දුන්හ.

ඒ දැනුම්දීම අනුව එම ඉඩම් කොටස් රජයට පවරාගෙන කටු කම්බි ගසා වටකර නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩමක් බවට දැන්වීම් පුවරුවක් පවා යොදා ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

එසේ තිබියදී එම ඉඩම් කොටස් තමා සතුකර ගැනීමට වගඋත්තරකරුට කිසිම හේතුවක් නොමැති බවත් නාගරික සංවර්ධන අධිකාරිය භුක්තිය දරන ඉඩම් කට්ටියක් සම්බන්ධයෙන් තම සේවාදායකයාගෙන් භුක්තිය ඉල්ලා සිටීම ‍ද්වේෂසහගත බවත නීතිඥවරයා කීවේය.

පැමිණිලිකාර ආයතනය විසින් මෙවැනි අසත්‍ය පැමිණිල්ලක් අධිකරණය හමුවේ ගොනු කර ඇත්තේ රටේ කිර්තිමත් අවංක දේශපාලනඥයකු වන සිය සේවාදායක මන්ත්‍රීවරයාගේ දේශපාලන ප්‍රතිරූපය බිඳ දමා ඔහු දේශපාලන ලෝකයේ ලබා ඇති කීර්තිනාමයට හානි කීරීමේ චේතනාවෙන් බවත් නීතිඥවරයා කියාසිටියේය.

මෙම කරුණු සලකා බලා පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා ලෙස පැමිණිලිකාර පාර්ශ්වයට නියෝගයක් නිකුත් කරන ලෙසත් එසේ නොවුණහොත් පැමිණිලිකාර ආයතනය විරුද්ධව ඉහළ අධිකරණයක් දක්වා යන බවත් ජනාධීපති නීතිඥවරයා වැඩිදුරටත් ‍පැවසීය.

සියලු කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා මෙවැනි පැමිණි යොමු කිරීමට අධිකරණය යොදා නොගන්නා ලෙසට පැමිණිලි පාර්ශ්වයට දැනුම් දෙමින් මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේද නැද්ද යන්න පිළිබඳ සුදුසු නියෝගයක් ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ලබන වසරේ පෙබරවාරි මස 05 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.

Top