Featured

යහපාලන ආණ්ඩුවේ දුෂණය නහුතේටම නැගලා….දැන් අර දුෂණ විරෝධින් එන්න පොලිමට දෙන්න පයින් එකක්

යහපාලන ආණ්ඩුවේ දුෂණට එරෙහි නරිවාදම් රෙද්ද පල්ලේන්ම් බේරෙන්න පටන්ගෙන් තිබේ.ඒ 2016 දූෂණ පිළිබඳ ද්ර්ශකය හෙවත් Corruption Perceptions Index මගින් වර්තමාන යහපාලන රජය රාජපක්ෂ රෙජීමයටත් වඩා දූෂිත බව පෙන්වා දී මත් සමගයි.

Corruption Perceptions Index ජාත්‍යන්තර ට්‍රාන්ස්පෙරන්සි ආයතනය විසින් රටවල් වල රාජ්‍ය ආයතන තුළ සිදුවන දූෂණ පදනම් කරගෙන එම රටවල් ශ්‍රේණිගත කරන අතර රටවල් 176 අතරින් ලංකාවට ලැබිලා තියෙන්නේ 95 වෙනි තැන. එම ස්ථානය 2014 ලංකාව තිබූ ස්ථානයට වඩා 10 පහතින් පිහිටා තිබීම මෙහි තිබෙන විශේෂත්වය වෙනවා.

2014 වසරේදී ලංකාව තිබුණේ 85 වන ස්ථානයේ වුනත් 2015 වසරේදි එය 83 තැනට පත්ව තිබුණා. දූෂණය පිළිබදව රටේ තත්ත්වය 2005 වසරේ සිට ක්‍රමයෙන් පහත වැටෙමින් තිබූ බව වටහා ගත හැකි වන්නේ 2005 වසරේදී රටවල් 156කින් ලංකාව 78 ස්ථානයේ පිහිටා තිබුණ නිසාවෙනි.

මෙම තත්වය පිළිබදව අදහස් දක්වන ලංකාවේ ට්‍රාන්ස්පෙරන්සි ආයතනය පවසා සිටින්නේ CPI හි 50 වෙනි ස්ථානයට වඩා පහතින් තිබෙන රටවල් 69%කම රාජ්‍ය ආයතන ලෝකයම දන්නා ලෙස දූෂණ වලින් බහුල ආයතන බවයි.

ඩෙන්මාර්කය සහ නවසීලන්තය මෙහි පළමු වන ස්ථානය හිමිකර ගෙන ඇත්තේ ලකුණු 90ක් හිමිකර ගනිමින් වන අතර පින්ලන්තය, ස්වීඩනය සහ ස්විස්ටර්ලන්තය පිළිවෙළින් දෙවන තෙවන හා සිව්වන ස්ථාන ලබා ගෙන තිබෙනවා. දකුණු ආසියාවේ පළමු තැන ඉන්දියාවට හිමි වි තිබෙන්නේ ලකුණු 40ක් හිමි කර ගැනිම නිසාය. මාලදිවයින ලංකාව අනුගමනය කරමින් 95 වන ස්ථානයේ පසුවෙනවා.

CPI2016_MapAndCountryResults_web

Top