Featured

යහපාලන මලික් ලොකුවිතානගේ ලොකු සල්ලි වලට යටවෙයි….සියලුම චොදන වලින් ලොකුවිතාන නිදහස්

මහින්ද රාජපක්ෂලා බලයේ සිටින කාලයේ ලොකුවිතාන හරහා ඩුබායි වල දේපල සඳහා විශාල වශයෙන් ආයෝජනය කර ඇති බවට මතුරමින් සිටි යහපාලනය පසුගියදා ලොකුවිතාන සමග කරට අත දාගෙන ගත්තේ එක පැත්තකින් රාජපක්ෂලා පාවාදිමට පමණක් නොව කූට්ටිය පිටින්ම යහපාලනයේ අම්බරුවන්ගේ ගිණුම් වලට දා ගැනිමට බව අමුතුවෙන් කිවයුතු නෑ.මේ දවස්වල ගූ ගාගෙන නටන ගොන්ජාගෙ වචන වලින් මැරියට් ලොකුවිතාන නමින් ප්‍රසිද්ධියට පත් ව ඇති ඩුබායි කේන්ද්‍ර කොටගත ව්‍යපාරිකයෙකු වන නන්දන ජයදේව ලොකුවිතාන යහපාලනයට පිංසිදුවන්නට සියලුම චොදනා වලින් නිදහස් විමට සුදුසුකම් ලබා තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

මහින්ද පාවාදිමේ ගමන ඇරැඹූ සජින්ද වාස් ගුණවර්ධන හරහා හදුනාගත් මේ වනවිට මැරියට් ලොකුවිතානගේ අතිජාත මිතුරා වි සිටින සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රමගේ අනුග්‍රහය මත මුදල් විශුද්ධිකරණය යටතේ චෝදනා ලබා සිටින නන්දන ලොකුවිතාන හිරේට නොයෑමේ වරප්‍රසාදයක් ලබාගෙන ඇති අතර ඒ අනුව නන්දනට එරෙහිව ඇති චොදනා වලින් නිදහස් කිරිමට මේ වන විට කටයුතු කරමින් සිටි.

ඩුබායි හි මැරියට් හෝටලයේ, වානේ සංස්ථාවේ හා මතභේදයට ලක් අගමැති විසින් මුල්ගල තබන ලද හොරණ ටයර් කර්මාන්ත ශාලාවේ අයිතිකරුවා වන අතර ලොකුවිතානගේ මුදල් විශුද්ධිකරණ චෝදනා පසු පස හඹා නොයෑමට නීතිය බලාත්මකකරන ආයතන වලට නියෝග කළ සමරවික්‍රම මේ වනවිට අදාළ චොදනා සම්බන්ධයෙන් FCID පරික්ෂණ නතර කර දැමිම සදහාද නියෝග කර තිබේ.මිට අමතරව පැනමා පත්‍රිකාවල්දී එහි අන්තර්ගත 2000 දී සංස්ථාපිත කරන ලද සීෂෙල් හි පිහිටා ඇති නිලෝනා ෆැෂන්ස් නමින් හදුන්වන ආයතනයට ලොකුවිතාන සම්බන්ධ බවට FCIDය අනාවරණය කර තිබේ.

කෙසේවෙතත් සජින්ද වාස් හරහා මලික් සමග දමාගත් ඩිල් වල ප්‍රතිඵලයක් ලෙසට නන්දන ලොකුව්තානට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් ගොනු කර ඇති මුදල් විශුද්ධිකරන චෝදනා විමර්ශනය නොකොට පසෙකින් තබන්නට මලික් ඇමතිවරයා සහතික වී තිබේ.මෙය සමරවික්‍රම විසින් ලොකුවිතානට පොරොන්දු වී ඇති මුළු පැකේජයට අයත් වේ.

ලොකුවිතානගේ හොරණ ටයර් කර්මාන්ත ශාලාවට අවශ්‍ය ඉඩම් සඳහා අනුමැතිය ලබා ගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුතු කැබිනට් අනු කමිටුවට කැබිනට් පත්‍රිකාවක් යොමු කර අනුමැතිය ලබා ගත් සමරවික්‍රමගේ වික්‍රමය ගැන අප අවස්ථා ගණනාවකදි අනාවරණය කළා.

Lokuwithana

Top