Featured

යහපාලන හොරුන්ට වැඩ වරදි….මහින්ද නීති මගට

ආණ්ඩුවේ මුදල් කළමනාකරණය සිදුවන ක්‍රමය නිසා මහා භාණ්ඩාගාරයට 2015 මාර්තු 02 වන විට රුපියල් මිලියන 13.5ක් අවශ්‍ය වන බවත්, මේ මුදල සොයා ගැනිමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව රුපියල් බිලියනයක් වටිනා අවුරුදු 30 බැඳුම්කර සඳහා 12.5%ක පොලී අනුපාතයට ලන්සු කැඳවා ඉන් බිලියන 10 ක් බාරගන්නා බවත්, 2015 ජනවාරි 01 වනදා වන විට මට දැනගැනීමට කිසිඳු ක්‍රමයක් නැති බවත් යහපාලන ආණ්ඩුවේ දූෂිත බැඳුම්කර ගනුදෙනුව මහජනතාවත් නොමඟ හරිම්න් මමත් මගේ ආණ්ඩුවත් මත පැටවීමට ගෙන ඇති දුෂ්ඨ ප්‍රයත්නයනක් ලෙස මම දකින අතර මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට තමන් කටයුතු කරන බව හිටපු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

මාධ්‍ය නිවේදනය

බැඳුම්කර මඟඩියේ වගකීමත් රාජපක්‍ෂ ආණ්ඩුව මත පැටවීම

කුප්‍රකට මහ බැංකු බැඳුම්කර මගඩියේ වගකීම යහපාලන බලධාරීන් විසින් මගේ ඇඟේ ගසා බේරීමට ගෙන ඇති දුෂ්ඨ ප්‍රයත්නයක් ගැන කණගාටුවෙන් යුතුව මහජනතාවට දැනුම් දීමට කැමැත්තෙමි. ආණ්ඩුවේ මූල්‍ය කළමනාකරණයේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය වන්නේ සෑම මසකම අවසන් සතියට පෙර මහා භාණ්ඩාගාරය විසින් ඊළඟ මාසය සඳහා අවශ්‍යවන මුදල් ගණනය කොට යම්කිසි නිශ්චිත දිනයකට පෙර නිශ්චිත මුදලක් අවශ්‍ය බව මහ බැංකුව යටතේ පවතින රාජ්‍ය ණය දේපාර්තමේන්තුවට දැනුම් දීමයි. එම දැනුම්දීම ලැබුණු පසු භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගර බැඳුම්කර නිකුත් කිරීම තුළින් ඒ අදාල මුදල වෙළඳපොලෙන් ලබා ගැනීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කටයුතු කරයි. මෙවැනි බැඳුම්කර නිකුතු වලට අදාල ගැසට් නිවේදන පලකරනු ලබන්නේ අදාල ගනුදෙනුව සම්පූර්නයෙන්ම අවසන් වූ පසු පමණි. එයට හේතුව ගනුදෙනුව අවසන් වනතුරු එහි විස්තර හරිහැටි දැන ගැනීමට ක්‍රමයක් නොමැති නිසාය.

උදාහරණයක් වශයෙන් බැඳුම්කර නිකුතුවක් සඳහා යම් පොලී අනුපාතයකට ලන්සු කැඳවූ පසු ඒ සියලු ලන්සු ප්‍රතික්‍ෂේප කිරීමට ඉඩ ඇත. එමෙන්ම ලන්සු ප්‍රමාණය, විකිනීමට ඇති බැඳුම්කර ප්‍රමාණයට වඩා වැඩි වීමට ඉඩ ඇත. එවැනි අවස්ථාවලදී ලැබුණු ලන්සු වලින් කොපමණ ප්‍රමාණයක් බාරගන්නවාද යන්නත් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව තීන්දු කල යුතුය. මේ කාරණා කිසිවක් කලින් තීන්දු කිරීමට නොහැකි නිසා මෙවැනි බැඳුම්කර නිකුතු සම්බන්ධ ගැසට් නිවේදනය පලවන්නේ ගනුදෙනුව සම්පූර්ණ වූ පසුව පමණි. මහ බැංකුවේ බැඳුම්කර මඟඩිය ආරම්භ වූයේ 2015 පෙබරවාරි 27 වනදා පවත්වනු ලැබූ බැඳුම්කර වෙන්දේසියෙන් බව කවුරුත් දනී. මෙතනදී සිදු වූයේ සාමාන්‍ය ක්‍රියා පිළිවෙත අනුව, 2015 මාර්තු 2 වනදාට පෙර ආණ්ඩුවට රුපියල් බිලියන 13.5ක් අවශ්‍ය බව 2015 පෙබරවාරි 20 වනදා පමණ මහා භාන්ඩාගාරය විසින් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට දැනුම් දීමයි. මින්  රුපියල් බිලියන 3ක් පමණ එක් වරම රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට සොයා ගැනීමට හැකි වුවද රුපියල් බිලියන 10.5 ක අඩුවක් තිබුණි. මෙය සොයා ගැනීමට ඔවුන් රුපියල් බිලියන එකක්  වටිනා අවුරුදු 30න් කල් පිරෙන බැඳුම්කර 12.5%ක පොලියකට වෙන්දේසි කිරීමට යෙදුනි. මේ සඳහා රුපියල් බිලියන 20 ලන්සු ලැබුණු අතර ඉන් බිලියන 10 ක ලන්සු බාරගන්නා ලදී.

මේ බැඳුම්කර නිකුතුව ලංකා ඉතිහාසයේ ලොකුම මඟඩියක් වු ආකාරය කවුරුත් දන්න නිසා මෙහිදී සඳහන් කිරීම අනවශ්‍ය වේ. මෙතන ඇති ප්‍රශ්නය වන්නේ යහපාලන ආණ්ඩුව විසින් 2015 ජනවාරි 01 දිනය හා 1895/19 අංකය දරණ ගැසට් නිවේදනය තුළින් මේ බැඳුම්කර නිකුතුවේ වගකිම මා මත පැටවීමට ගෙන ඇති උත්සාහයයි. 2015 ජනවාරි 01 වන දා දිනය දරණ මෙම ගැසට් නිවේදනයේ 2011 දක්වා ආපස්සට දිව යන බැඳුම්කර නිකුතු වල විස්තර සඳහන් වේ. මේවා අතර 2015 අවුරුද්දේ මාර්තු 01, මාර්තු 15, මැයි 01, මැයි 15, අගෝස්තු 01 හා දෙසැම්බර් 15 බැඳුම්කර නිකුතු මගේ නම යටතේම ගැසට් කර ඇත. ඒ අනුව අලුත් ජනාධිපතිවරයෙකු හා අලුත් මුදල් ඇමතිවරයෙකුත් වැඩ බාරගෙන මාස එකහමාරකටත් වඩා කාලයකට පසුව නිකුත් කරන ලද බැඳුම්කර වලටද මට වගකීමට සිදු වී ඇත.

ආණ්ඩුවේ මුදල් කළමනාකරණය සිදුවන ක්‍රමය නිසා මහා භාණ්ඩාගාරයට 2015 මාර්තු 02 වන විට රුපියල් මිලියන 13.5ක් අවශ්‍ය වන බවත්, මේ මුදල සොයා ගැනිමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව රුපියල් බිලියනයක් වටිනා අවුරුදු 30 බැඳුම්කර සඳහා 12.5%ක පොලී අනුපාතයට ලන්සු කැඳවා ඉන් බිලියන 10 ක් බාරගන්නා බවත්, 2015 ජනවාරි 01 වනදා වන විට මට දැනගැනීමට කිසිඳු ක්‍රමයක් නැත. මා කලින් පෙන්වා දුන් පරිදි බැඳුම්කර නිකුතු සම්බන්ධයෙන් ගැසට් නිවේදනය නිකුත් කරනු ලබන්නේ අදාල ගනුදෙනුවට පසුව මිස පෙර නොවේ. 2015 ජනවාරි 01 අංක 1895/19 දරණ ගැසට් පත්‍රය පලකරනු ලැබුවේ 2016 නොවැම්බර් මාසයේ බව එහි කුඩා අකුරින් මුද්‍රණය කර තිබෙන බව පෙනේ. මෙය  යහපාලන ආණ්ඩුවේ දූෂිත බැඳුම්කර ගනුදෙනුව මහජනතාවත් නොමඟ හරිම්න් මමත් මගේ ආණ්ඩුවත් මත පැටවීමට ගෙන ඇති දුෂ්ඨ ප්‍රයත්නයනක් ලෙස මම දකිමි. මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට මම බලාපොරොත්තු වෙමි.

මහින්ද රජපක්‍ෂ

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

Foisting responsibility for the bond scam on the Rajapaksa govt.

It is with regret that I inform the public of a diabolical attempt by the yahapalana authorities to foist the blame for the Central Bank bond scam on my government. The established practice in relation to government finance is that towards the third week of each month or even earlier, the Treasury determines the financial needs of the government for the coming month and informs the Public Debt Department which functions under the Central Bank that a certain amount of money is required by a certain date. The Public Debt Dept. then takes steps to borrow the required amount from the market by issuing the appropriate instruments such as Treasury Bills and Treasury Bonds. The Gazette notifications relating to such bond issues are published only after the transactions have been completed. The reason for this is that until the transaction is complete no one will know its final details because many variables are determined by the market.

For example, when bids are called for a bond issue at a certain interest rate, all the bids received may end up being rejected. Furthermore, the bids may exceed the amount of bonds offered and then the Public Debt Dept. will have to decide how much to accept. Since none of these factors can be known beforehand, the Gazette notification relating to a bond issue is issued only after the entire transaction has been completed. The great Central Bank bond scam began with the bond auction of  27 February 2015. What happened in this instance was that following the usual practice, on or around 20 February 2015 the Treasury informed the Public Debt Department that the government would need Rs. 13.5 billion by 2 March 2015. The Public Debt Department was able to raise about Rs. 3 billion immediately but needed another Rs. 10.5 billion.  They called for bids for Rs. one billion worth of 30 year bonds with a face value interest rate of 12.50%. Bids amounting to Rs. 20 billion were received and a little over Rs. 10 billion was accepted.

How this particular bond issue became a major scam is well known and need not concern us here. The issue at hand is that the yahapalana government has tried to foist the entire responsibility for this bond issue on me through the extraordinary Gazette No: 1895/19 dated  01 January 2015. This Gazette contains details of bond issues going back to 2011 and in the midst of this, the bond issues made during the year 2015 on 1 March, 15 March, 1 May, 15 May,1 August and 15 December have also been gazetted under my name. Through such devious means they are attempting to suggest that I issued a Gazette notification on 1 January 2015 in relation to a transaction that took place about seven weeks after a new President and a new finance minister had assumed office.

It is obvious that I could not possibly have known back on 1 January 2015 that the Treasury will need Rs. 13.5 billion on 2 March 2015, that the Public Debt Department would call for bids for Rs. one billion in 30 year bonds at the face value rate of 12.50%, and that they would receive Rs. 20 billion in bids of which Rs.10 billion would be accepted. As I pointed out earlier, Gazette notifications relating to bond issues are published only after the transaction not before it. Even though Gazette No: 1895/19 bears the date 01 January 2015, it is clear that it has been published long after that date.  The small print on the Sinhala version of the Gazette seems to indicate that it was actually printed only in November 2016. Therefore, I see this as a diabolical attempt to mislead the public and palm off the yahapalana government’s crooked bond issues on me and my government. I will be taking legal action in this regard.

Mahinda Rajapaksa

Former President of Sri Lanka

Top