LNN SPY

යුරෝපා සංගමයේ මුදල් හොරා කෑ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා මූල්‍ය ගනුදෙනු ගැන සී.අයි.ඩී.විමර්ශනයක් !

Published on: Sep 5, 2018 – ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයට ලැබීඇති විදෙස් අරමුදල් වියදම්කර ඇති ආකාරය ගැන විමර්ශනය කෙරෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) පරීක්ෂණයක් ආරම්භකර තිබේ.

මහජනතාව වෙනුවෙන් වැඩසටහන් කිරීම සදහා යැයි ව්‍යාපෘති යෝජනා ඉදිරිපත්කර ලබාගත් විදෙස් අරමුදල් “ වෙනත් කටයුතු” සදහා යොදවා ඇත්දැයි සොයාබැලීම මෙම විමර්ශනයේ අරමුණ වී ඇතැයි දැනගන්නට තිබේ.

පසුගිය කාලය තුළ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ මූල්‍ය අවභාවිතා රැසක් පිළිබදව සාමාජිකත්වයෙන්ම චෝදනා එල්ල විය. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල්(TISL),ෆැපරල් සහ කැෆේ සංවිධාන සමග එක්ව මැතිවරණ ක්‍රියාවලිය ගැන ජනතාව දැනුවත් කිරීම සදහා යුරෝපා සංගමය මගින් ලබාදුන් විදෙස් අරමුදල්වලින් රුපියල් මිලියනයකට අධික මුදලක් TISL කළමනාකාරිනියක විසින් වංචාකර ඇති බව මුල්‍ය අවභාවිතා සම්බන්ධයෙන් එල්ලවු එවැනි ප්‍රබල චෝදනාවකි.යුරෝපා සංගම් 14104.1470028941 EU වැය ශීර්ෂය යටතේ ලැබුණ එම අරමුදල් ආයතනයේ පිළිගත් මූල්‍ය පටිපාටි යටතේ වැයකර නොමැති බව සහ මූල්‍ය අවභාවිතා සිදුවී ඇති බව KPMG විගණන විමර්ශනයෙන් තහවුරු වී තිබියදී වංචාව යටපත් කිරීමට සහයවී ඇති අධ්‍යක්ෂිකාවක් බේරා ගැනීම සදහා ආයතනයේ Organization manual වෙනස්කර යුරෝපා සංගමයටද වංචාකර ඇතිබවටද එකල මාධ්‍ය වාර්තාවලින් කියැවිණි.

එම වංචා චෝදනා සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තාගැන හෝ ඉදිරිපත්ව තිබූ RTI තොරතුරු අයදුම්පත් කිසිවකට පිළිතුරු දීමට TISL ආයතනය මෙතෙක් අපොහොසත් වී තිබේ.

එසේම TISL ආයතනය වෙත ලැබුණ NED අරමුදල් අවභාවිතා කිරීමේ චෝදනා සනාථවීමෙන් පසුව එම ආධාර මුළුමනින්ම නතරකළ බව වාර්තාවිණි. අවභාවිතා චෝදනා යටපත් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය දරන උත්සාහය නිසා දිගු කලක් තිස්සේ TISL වෙත ලැබුණ නෝර්වීජියානු ආධාරද අත්හිටවූ බව මාධ්‍ය වාර්තා මගින් කියැවිණි.TISL හි සාමාජිකත්වය දැරූ දූෂණ විරෝධීන්ගෙන් ප්‍රබල පිරිසක් විධායක අධ්‍යක්ෂකට එරෙහිව එල්ල වී තිබූ මෙම දූෂණ චෝදනා පිළිබද පරීක්ෂණයක් ඉල්ලා සිටියද එවකට සභාපති වූ ලක්ෂාන් ඩයස් මහතා සාමාජිකත්වයේ ඉල්ලීම් නොසලකා හරිමින් දූෂණ යටපත් කළ බවටද චෝදනා එල්ල විය. මෙම තත්වය පිළිබදව සාමාජිකයින් පිරිසක් විසින් ජර්මනියේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ප්‍රධාන කාර්යාලය වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් අනුව මේ වනවිටත් ට්‍රාන්ස්පේරන්සි‍ ශ්‍රී ලංකා කාර්යාලයේ කටයුතු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවෙමින් පවතින බවද දැනගන්නට තිබේ.

TISL මූල්‍ය ගනුදෙනු පිළිබද මෙම සී.අයි.ඩී.විමර්ශනය ආරම්භවී ඇත්තේ එම විමර්ශන කටයුතු සිදුවන අතරතුරය.

කෙසේ වෙතත් සී.අයි.ඩී.විමර්ශනය ගැන අදහස් පළකරමින් TISL විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර සිය කාර්ය මණ්ඩලයට පවසා ඇත්තේ එය තමාගේ කාලයට අයත් ගනුදෙනු ගැන සොයාබලන විමර්ශනයක් නොව වැලිඅමුණ මහතා විධායක අධ්‍යක්ෂ ධූරය දැරූ කාලයේ සිදුවී ඇති ගනුදෙනු ගැන සොයාබලන විමර්ශනයක් බවයි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් හොරා කෑ හැටි lankanewsweb.info අනාවරණය කල අයුරු..

http://198.211.112.164/archives/15823

http://198.211.112.164/archives/18689

http://198.211.112.164/archives/15919

http://198.211.112.164/archives/16773

http://198.211.112.164/archives/15870

http://198.211.112.164/archives/15158

Top