Featured

රණවිරුවන් පාවාදෙන්නට පොර කන මුසලයන්ට පිළිතුරු මෙන්න…”විරුවන්ගේ විත්ති වාචකය” අද එළිදකි

ජාතික සංවිධාන සම්මේලනයේ මෙහෙයවීම සහ ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ අනුග්‍රහය යටතේ පිළිගත් ස්‌වාධීන විද්වත් නීතිඥ මඩුල්ලක්‌ විසින් අපට එරෙහිව නගන ලද යුද අපරාධ චෝදනා සියල්ල නිෂ්ප්‍රභ කරමින් රණවිරුවන්ගේ නිර්දොaෂී භවය සහ ගෞරවය තහවුරු කරමින් සවිස්‌තරාත්මක වාර්තාවක්‌ සකස්‌ කොට ඇත. කොටස්‌ දෙකකින් සමන්විත මෙම විද්වත් වාර්තාවේ පළමු කොටස නීති තර්ක සහ කරුණුමය සාක්‍ෂි අඩංගු වන අතර දෙවන කොටස පෙර සඳහන් කළ ලෝ පිළිගත් යුද විශේෂඥයන් සකස්‌ කළ විද්වත් වාර්තා 7 කින් සමන්විත වේ.

දශක 3 කට අධික කාලයක්‌ අප මව් රට පෙලූ ත්‍රස්‌තවාදය පරාජය කිරීමෙන් පසුව අද අප බියෙන් සැකෙන් තොරව ජීවත් වෙමු. එම කාල පරාසය තුළ සමස්‌ත ජාතියම මරණ බියෙන් සහ ත්‍රාසයෙන් ඇලලී කල් ගත කළ අයුරු අප සිහිපත් කළ යුතු වේ. ස්‌වාමියා සහ බිරිඳ එක බස්‌ රථයක හෝ එකම දුම්රියේ ගමන් නොකළහ. මන්ද බෝම්බයක්‌ පුපුරා ගියහොත් තම දරුවනට මව සහ පියා දෙදෙනාම අහිමි වන බැවිනි. දරුවන් පාසල් ගිය විට මව්වරු සහ පියවරු මුරයන් බෙදා ගනිමින් පාසල් දොරටු මුර කළහ. මිනිසුන්ගේ මුහුණේ සිනහව, සතුට, ප්‍රීතිය පිළිබිඹු වූයේ නැත. සෙනඟ එක්‌රොක්‌ වන ස්‌ථානවලට යැමට බොහෝ අය බිය වූහ. රාත්‍රි කාලයේ සංගීත සංදර්ශන පැවැත්වූයේ නැත. කලාකරුවන්ට උදා වී තිබුණේ අවාසනාවන්ත කාල පරිච්ඡේදයකි.

එම කාලකන්නි තත්ත්වයෙන් රට මුදා ගත්තේ අපේ රණවිරුවන් ය. ඒ සඳහා ඔවුන් 29000 ක්‌ තම දිවි පිදූහ. තවත් 14,000 ක්‌ පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව ඇත. අනෙක්‌ සෙසු හමුදා රණවිරුවෝ දිවි පරදුවට තබමින් සටන් කොට නරුම ත්‍රස්‌තවාදියා පරාජය කොට සුළුතුවාල ලබා හෝ ජීවත්වීමට වාසනාව ලදහ. දිවිපිදූ දහස්‌ ගණනට යළි ජීවය දිය නොහැක. එසේම යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවනට ද යළි යථා තත්ත්වයට පත්විය නොහැක. එසේ නම් කෘතගුණ දන්නා වූ ජනතාවක්‌, රජයක්‌ විසින් කළ යුත්තේ යුද්ධයේදී දිවිපිදූ, ආබාධිත වූ හා සටන් කොට ජීවත් වන රණවිරුනට ගෞරවයෙන් සැලකීමය. මන්ද රටේ සංවර්ධනයට එරෙහිව තිබූ ප්‍රධානතම බාධකය ඔවුන් ඉවත් කළ බැවිනි. රටක ඉදිරි ගමනට අත්‍යාවශ්‍ය ම අංගයක්‌ වූ ජාතික ආරක්‍ෂාව ඔවුන් තම සියලු දේ කැප කොට සුරක්‍ෂිත කළ බැවිනි.

යුද්ධයෙන් පසු, පසුගිය රජය ඒ සා විශාල උතුම් මෙහෙයක්‌ කළ රණවිරුවනට තම වගකීම නිසි පරිදි ඉටුකරන ලදී. ඔවුන්ගේ ඕනෑ එපාකම් නිතර සොයාබැලූ අතර, වසරක්‌ පාසා විජයග්‍රාහී පෙළපාලිය පවත්වා ජනතාවට තම සහෝදර හමුදාවන් කළ කැපවීම සිහිගන්වමින් රණවිරුවන්ගේ අභිමානය ලොවට පෙන්වා දුන්හ. රටේ මං මංවත් ඉදිවී, ගුවන් පාලම් තැනී, නව වරායවල්, ගුවන් තොටුපළවල් බිහි වී රට සීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් පැවතින.

වර්තමාන රජය බලයට පැමිණි විගස කළේ කුමක්‌ද? තමන්ට බලයට පැමිණීමට සහාය දුන් බෙදුම්වාදීනට සහ බටහිර රටවල්වලට පොරොන්දු වූ පරිදි රටට සාමය ගෙන දීමට දිවි හිමියෙන් සටන් කළ පෙර කී රණවිරුවන් දඩයම් කිරීම ආරම්භ කිරීමය. අද වන විට සිරගතව සිටි ත්‍රස්‌තයන් විශාල සංඛ්‍යාවක්‌ නිදහස්‌ කරමින් යුද්ධයේදී අමිල මෙහෙයක්‌ ඉටුකළ හමුදා බුද්ධි නිලධාරීන් අභූත චෝදනා මත අත්අඩංගුවට ගෙන රඳවා සිටින අයුරු අද සියල්ලෝම දනිති. සමහර එවන් රණවිරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ වන අතර, මන්ත්‍රීවරයකු ඝාතනය කිරීමට පැමිණි කොටි සාමාජිකයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්‌තවාදය මැඬපැවැත්වීමේ පනත යටතේ නොව සාමාන්‍ය නීතිය යටතේ ය. අද රටේ රණවිරුවාට අත්ව ඇති ඉරණම එයයි.

රට තුළ මෙවන් ඛේදනීය තත්ත්වයක්‌ රණවිරුවනට අත්කර දෙන වර්තමාන රජය අන්තර්ජාතික ප්‍රජාව හමුවේද රණවිරුවා ඉතා නින්දිත අයුරින් පාවා දෙමින් සිටී. අද ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සලයේදී සිදුවෙමින් පවතින්නේ එයයි. ඒ අපේ රණවිරුවන් යුද අපරාධ කළ බවට චෝදනා කරමින් 2015 වසරේ ඉදිරිපත් කළ ජිනීවා යෝජනාවේ අඩංගු කරුණුවල ප්‍රගතිය සොයා බැලීමයි.

අප ත්‍රස්‌තවාදය පරාජය කොට ජයග්‍රහණය ලබා ගත්තේ 2009 මැයි 19 වන දිනය. ඊට දින කිහිපයකට පසු ජර්මනිය රටවල් 17 ක්‌ සමඟ එක්‌ වී එක්‌සත් ජාතීන්ගේ සංගමයේ විශේෂ සැසි වාරයක්‌ ඉල්ලා සිටිමින් අප රටට විරුද්ධව ගෙන ආ යෝජනාව නොබැඳි රටවල් සහ දකුණු ආසියා රටවල් එක්‌වී පරාජය කිරීමට සමත් විය. එසේ සමත් වූවා පමණක්‌ නොව අපට පක්‍ෂව අපට ප්‍රශංසා කරමින් ධනාත්මක යෝජනාවක්‌ සම්මත කර ගැනීමටද හැකි විය. එසේ නම් යුද්ධයෙන් පසුව එ. ජා. ගේ මානව හිමිකම් කවුන්සලේ සම්මත වූ ප්‍රථම යොජනාව අපට ඉතාම හිතකර එකක්‌ බැව් අප මතක්‌ කර ගත යුතුය.

ඉන් පසුව දෙමළ බෙදුම්වාදී ඩයස්‌පෝරාවේ සහ විශේෂයෙන් හිලරි ක්‌ලින්ටන්, ජෝන් කෙරි ප්‍රධාන ඇමරිකාවේ ඔබාමා රජයෙහි බලපෑම මත එ. ජා. සංගමයේ මහ ලේකම් විසින් නීත්‍යනුකූල නොවන අන්දමින් පත් කරන ලද දරුස්‌මාන් වාර්තාවෙන් ආරම්භ වී ක්‍රම ක්‍රමයෙන් නැවත අපට අහිතකර යෝජනා ඉදිරිපත් විය. එහි කූඨප්‍රාප්තිය වූයේ මානව හිමිකම් කොමසාරිස්‌ ජනරාල් සෙයිද් අල් හුසේන් විසින් අපේ රටේ රණවිරුවන් යුද්ධය අවසාන අදියරෙහි යුද අපරාධ කළා යෑයි සැකසූ අසත්‍ය අභූත වාර්තාව අපේ රටේ මංගල සමරවීර විදේශ අමාත්‍යවරයා විසින් අගය කරමින් පිළිගැනීමය. එසේ අගය කරමින් පිළිගෙන ඇමරිකාව විසින් අපේ රටට විරුද්ධව ඒ සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාවට සම අනුග්‍රාහකත්වයක්‌ දැක්‌වීමය. තමාගේම හමුදාව යුද අපරාධ කළ බවට පිළිගෙන තමාගේ රටට විරුද්ධව ගෙන එන යෝජනාවකට සම අනුග්‍රාහකත්වයක්‌ දැක්‌වූ රටක්‌ ලෝක ඉතිහාසයේ මෙතෙක්‌ වාර්තා වී නොමැත.

හිටපු නියෝජ්‍ය පොලිස්‌පති ලෙව්කේ විසින් උක්‌ත ලිපියෙන් අවසාන වශයෙන් කියා සිටින්නේ “රණවිරු දඩයම” යන ව්‍යාපාරය ගෙන යන්නේ අමානුෂික මනසකින් යුත් පුද්ගලයන් බවත්, ඔවුන් එම අශිලාචාර ක්‍රියාදාමයෙන් ඉවත් විය යුතු බවත් ය.

මංගල සමරවීර ඇතුළු වර්තමාන රජය සහ දෙස්‌ විදෙස්‌ බෙදුම්වාදී බලවේග විසින් මෙම ඊනියා යුද අපරාධ චෝදනා එල්ලකරන්නේ ලක්‍ෂ 3 ක පමණ ප්‍රාණ ඇපකරුවන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා තම අතපය සහ ජීවිත පරිත්‍යාග කළ රණ විරුවන්ටය. පසුගිය රජය විසින් පත් කරනු ලැබූ කමිටුවල කටයුතු කළ ලෝකය පිළිගත් කීර්තිමත් යුද සහ නීති විශාරදයන් විසින් අපේ රණවිරුවන් විසින් මොනම අවස්‌ථාවකදීවත් සැලසුම් සහගත ලෙස යුද අපරාධ නොකළ බවත් සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවකගේ ජීවිත බේරා ගනිමින් ලැබූ ජයග්‍රහණය අති ප්‍රශංසනීය බවත් පැහැදිලිව දක්‌වා තිබුණ ද ඒ එකදු වාර්තාවක්‌වත් මංගල සමරවීර විදේශ ඇමැතිවරයා විසින් නිල වශයෙන් හෝ නොනිල වශයෙන් හෝ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කොට නොමැත.

ජාතික සංවිධාන සම්මේලනයේ මෙහෙයවීම සහ ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ අනුග්‍රහය යටතේ පිළිගත් ස්‌වාධීන විද්වත් නීතිඥ මඩුල්ලක්‌ විසින් අපට එරෙහිව නගන ලද යුද අපරාධ චෝදනා සියල්ල නිෂ්ප්‍රභ කරමින් රණවිරුවන්ගේ නිර්දොaෂී භවය සහ ගෞරවය තහවුරු කරමින් සවිස්‌තරාත්මක වාර්තාවක්‌ සකස්‌ කොට ඇත. කොටස්‌ දෙකකින් සමන්විත මෙම විද්වත් වාර්තාවේ පළමු කොටස නීති තර්ක සහ කරුණුමය සාක්‍ෂි අඩංගු වන අතර දෙවන කොටස පෙර සඳහන් කළ ලෝ පිළිගත් යුද විශේෂඥයන් සකස්‌ කළ විද්වත් වාර්තා 7 කින් සමන්විත වේ.

අප විසින් දැන් උත්සාහ කරනු ලබන්නේ රජයක්‌ විසින් පැහැර හරින ලද පරම වගකීමක්‌ රට වෙනුවෙන් ඉටු කිරීමයි. තම දිවි කැප කරමින් රට ජාතියට නිදහස දිනා දුන් රණවිරුවන් වෙත ජාතියක්‌ ලෙස අප විසින් දැක්‌විය යුතු ණයගැති භාවය සහ අපරිමිත ගෞරවය සංකේතවත් කිරීමයි.

රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර කැඳවුම්කරු ජාතික සංවිධාන සම්මේලනය

“විරුවන්ගේ විත්ති වාචකය” අද ගෝඨාභයට පිළිගන්වයි

යුද අපරාධ චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා හමුදාව මුළුමනින්ම නිදොස්‌ බවට දක්‌වන කරුණු සඳහන් විරුවන්ගේ විත්ති වාචකය නමැති පිටු 200 ක වාර්තාව අද (13 වැනිදා) සවස 3.00 ට කොළඹ තුම්මුල්ලේ පිහිටි සම්බුද්ධ මන්දිරයේදී හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත පිළිගන්වනු ලැබේ.

මෙම වාර්තාව ලුතිනන් ජනරාල් දයා රත්නායක, රියර් අද්මිරාල් එච්. ආර්. අමරවීර. රියර් අද්මිරාල් මොහාන් විඡේවික්‍රම, මේජර් ජනරාල් සීවලී වනිගසේකර, මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි යන මහත්වරුන්ට ද පිළිගැන්වේ.

මෙම වාර්තාව ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කිරීමට පෙර එකී හමුදා නිලධාරි කණ්‌ඩායම විසින් හෙට (14 වැනිදා) එය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ද 16 වැනිදා රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ද යොමුකර කෙටි කරුණු දැක්‌වීමක්‌ සිදුකරනු ඇත.

රණවිරුවන් නිදොස්‌ බව දක්‌වමින් ප්‍රකාශයට පත්වූ මුල්ම වාර්තාව ද මෙයයි.

Top