ලෝකයා

රනිල්ගේ හුජ්ජ කොල්ලා ඇන්කර් සමාගමට කෙලවන්න මැලිබන් සමාගමෙන් කප්පම්ගත් හැටි

හයිබ්‍රිඩ් කාරයට සහ කොළඹ සුපිරි නිවස වෙනුවෙන් වෘත්තීය සමිති පාවාදුන් රනිල්ගේ හුජ්ජ කොල්ලා “රත්නප්‍රිය” 2014 වසරේදී අපුරු ඩීල් එකක් දැම්මා. මැලිබන් සමාගම විසින් අලෙවි කරන “මැලිබන් කිරි” වල වෙළඳපොල කඩා වැටීමට විසඳුමක් විදිහට එවකට එම සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ලක්ෂ්මන් වීරසේකර මහතා විසින් රත්නප්‍රිය සමග එක්වී උප්පරවැට්ටියක් යෙදුවා. එනම් රත්නප්‍රියගේ හෙද සමිති කොම්පැනිය යොදාගෙන එම සමිතියේ සභාපති ලෙස රත්නප්‍රියත්. ලේඛම් ලෙස කටයුතු කරන ඔහුගේ ඇබිත්තයකු වන නාලක හෙට්ටිආරච්චි නැමැත්තාත් පෙත්සම් කරුවන් ලෙස යොදාගෙන ඇන්කර් කිරිපිටිවල DCD අඩංගු බව පවසමින් ව්‍යාජ නඩුවක් පවරා තාවකාලික ඉන්ජන්ක්ෂන් තහනමකින් සති කිහිපයක් සඳහා ඇන්කර් වෙළඳපොලෙන් ඉවත් කොට මැලිබන් කිරිපිටි සඳහා වෙලනදපොල සාදාදීමේ කූට ව්‍යාපාරයක නිරතවුනා. මේ මගීන් පන අදින මැලිබන් කිරිපිටි වලට වෙළඳපොළක් නිර්මාණය කළා. DCD චෝදනාවෙන් විමතියටපත් ඇන්කර් සන්නාමය හිමි ෆොන්ටෙරා සමගාම අවසානයේ ලංකාවෙන් ඉවත්වීමටත් තීරණය කළා. එමගින් රැකියා දහස් ගණනක් අවධානමට ලක්කලා.

එනමුත් DCD චෝදනාව අධිකරණය වැඩි කල් යන්න මත්තෙන් ව්‍යාජ බව ඔප්පුවූ නිසා අවසානයේ ඇන්කර් සමාගම් නැවත ශ්‍රී ලංකාවේ ව්‍යාපාරය කරගෙන යන්න තීරණය කළා. මෙම කූට මගඩිය සඳහා සමිතියේ නම මැලිබන් සමාගමේ වුවමනාවට විකිණීම වෙනුවෙන් රත්නප්‍රියට මැලිබන් සමාගමෙන් ලක්ෂ ගණනක මුදල් කන්දරාවක් ලැබුනා. ඒ වගේම මෙම නඩුවේ මුල් අවස්ථාවේ රත්නප්‍රියගේ සියලු මාධ්‍ය සාකච්චා ගාස්තු දරුවේ මැලිබන් සමාගම. කෝටි ගණනක් වන සියලු නඩු ගාස්තු දරුවෙත් මැලිබන් සමාගම. ඒ වුනාට මේක ජාතික වැදගත් කමකින් යුතු වෘත්තීය සමිති ක්‍රියාවක් ලෙස හුවාදක්වමින් රත්නප්‍රිය අහිංසක වෘත්තීය සමිති වලිනුත් වියදම පියවන්න කියලා මුදල් එකතු කළා.

මෙම කුට මගඩියේ ඇත්ත නැත්ත ලෙහෙසියෙන් බලාගන්න පුළුවන් මෙම සමිතියට නඩු කියන්න මෙතරම් මුදලක් ලැබුනේ කොහෙන්ද කියලා සෙව්වොත්. බැංකු ගිණුම් පරීක්ශාවත් ඉතා පහසුවෙන් කරන්න පුළුවන්. ඒවාගේම කම්කරු දෙපාර්තමේන්තුවට වාර්ෂිකව යැවිය යුතු ගිණුම් වාර්තාවලත් මෙම නඩුවට අදාළ කොටි ගණනක වියදම නැහැ. ඒවා කෙලින්ම රත්නප්‍රියගේ සාකුවට ගිය ඩීල් ගතමනා.

අවසානයේ ඔප්පුකරපු DCD චෝදනාවකුත් නැහැ. ඇන්කර් සමාගම දැන් තිබුනටත් වඩා යස අගේට වෙලන්දම් කරනවා. මේකෙන් හොඳින්ම පේනවා මෙ නඩුව ජාවාරමක් කියලා. මෙලෙස නඩු දැමීම සිවිල් සමාජ සංවිධානයක් වන සෞඛ්‍ය අංශයේ සංවිධානයක නම සහ නිලධාරීන්ගේ නාමය භාවිතා කිරීමට ඉඩ හැරීම වෙනුවෙන් මැලිබන් සමාගමෙන් වරින් වර රත්නප්රියට කොටස් හැටියට මුදල් ගෙව්වා.

ඇන්කර් සමාගම දන්නවනම් රත්නප්‍රිය ඩීල් කාරයට එරහිව නඩු දාලා හොම්බෙන් අරීවී.

ඉදිරියේදී තව හොඳ හොඳ ඩීල් එලියට එවි…! එතෙක් මදක් රැඳී ඉන්න…!

විශේෂ වාර්තාකරුවෙකු විසිනි  

Top