LNN SPY

රනිල් එලවන මෛත්‍රී පිළේ ඇමතිවරුන්ට එරෙහිව ජනපති කඩුව අදී….. ජනපති නියමයෙන් ඇමති 5කට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මකයි

රනිල්ට එරෙහි විස්වාසබංගයට සහය පලකරමින් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරුන් සිව් දෙනකුට සහ ප්‍රබලම රාජ්‍ය අමාත්‍යවරයකුට එල්ල වී තිබෙන දුෂණ,වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් වහාම ක්‍රියාතමක වන පරිදි පරීක්ෂණ ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

ඔහුන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ඊට අදාළ උපදෙස් සියල්ල ලබා දී තිබේ.

අදාළ ශ්‍රිලනිප අමාත්‍යවරුන්ට එරෙහිව මහින්ද රාජපක්ෂ පාලන සමයේදී සිදු කළ චෝදනා එල්ල කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සහ FCIDය හමුවේ දුෂණ,වංචා සහ අක්‍රමිකතාවලට අදාළ පැමිණිලි රැසක් ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉක්මන් පරික්ෂණයක් කරන ලෙසටයි aඅමාත්‍යවරයාටනියෝග කර ඇත්තේ.

Top