Featured

රාජපක්ෂලාගෙන් පළිගන්න හදන්නේ ජනාධිපතිවරයායි….

රාජපක්ෂලාගෙන් පළිගැනීමේ ඔනෑකම ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග AIDA​ ​සමාගමේ 40 වන සංවත්සරය වෙනුවෙන් වස්කඩුව සිට‍්‍රස්(Citrus)​හෝටලයේ පැවති උත්සවයේදි හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසා තිබේ.

එම උත්සවය අතරතුර දී ගයන්ත අමාත්‍යවරයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමග සුහද පිළිසඳරකද යෙදි ඇති අතර පසුව රෝහිත හිටපු අමාත්‍යවරයා එම ස්ථානයට පැමිණ එති අතර ගයන්ත එහිදි විමසා ඇත්තේ “ආ මන්ත්‍රීතුමා කොහොමද යනුවෙනී….”

එයට පිළිතුරු දෙමින් රෝහිත අමාත්‍යවරයා පවසා ඇත්තේ…”කරදර තමයි හැම වෙලාවේම ….අනිත් එක රාජපක්ෂලාට යහපාලනය නෑනේ ” යනුවෙනී…

එවිට ගයන්ත අමාත්‍යවරයා එයට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ …..”රාජපක්ෂලාගෙන් පළිගන්න අපිට නම් ඔනෑ නෑ… ජනාධිපතිවරයාටයි ඔයාලාගෙම ඇමතිවරුන් කිහිප දෙනෙකුටයි විතරයි ඒ අමාරුව තියෙන්නේ ” යනුවෙනි…

Gotabhaya Rajapaksa with Gayantha Karunathilaka

Gotabhaya Rajapaksa with Gayantha Karunathilaka

Gotabaya_LNW (2)

Gotabhaya Rajapaksa with Gayantha Karunathilaka 01

Top