Featured

රාජපක්ෂලාගේ දුෂණ ගැන කියන්න ගිහින් රාජිත ඇන ගනී

යහපාලන ආණ්ඩුවේ දූෂණ විමර්ශන ප්‍රගතිය සම්බන්ධයෙන් අද උදැසන පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදි ප්‍රශ්ණ කරන්නට ගිය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවේ පිචං වි ඇති බව කැබිනට් මණ්ඩලයේ එජාප අමාත්‍යවරයෙකු අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ.

දූෂණ විමර්ශන ප්‍රගතිය සම්බන්ධයෙන් රාජිත සේනාරත්න, චම්පික රණවක, අර්ජුන රණතුංග සහ සරත් ෆොන්සේකා විසින් ඒකාබද්ධ අමාත්ය මණ්ඩල යෝජනාවක් ඉදිරිපත් කර අතර කෙසේ හෝ රාජපක්ෂලාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරිමට අපහොසත් වුවහොත් යහපාලන ආණ්ඩුව රැකගැනිමට නොහැකි වන බව රාජිත පවසා තිබේ.

“සමහර පරීක්ෂණ ලිපිගොනුවක් වත් ඇරඹී නෑ. විමර්ශන අවසන් ලිපි ගොනු නීතිපතිගේ ලාච්චුවේ වත්මන් රජය සිය මැතිවරණ ව්‍යාපාරයේ ලබා දුන් ප්‍ර‍මුඛ පෙරොන්දුව වූවේ අල්ලස හා දුෂණය වැලැක්වීම සහ දුෂිතයින්ට දඩුවම් ලබාදීමයි” දැන් සද්දයක් නෑ.. රාජිත දිගටම් කියාගෙන ගොස් තිබේ….

ඒ සමග ජනාධිපතිවරයා පවසා ඇත්තේ……”රාජිත…පරික්ෂණ කරගෙන යනකොට ඒ හැමතැනම ඔයාලත් ඉන්නවා…..ඒකට මොකද කරන්නේ”යනුවෙන් ප්‍රශ්ණ කර තිබේ.

රාජපක්ෂ රජය සමයේ මුල්‍ය වංචා සිදුවු බවට එක්සත් ජාතික පක්ෂයේ කුලී හමුදාවක් වන දුෂණ විරෝධී කණ්ඩායම් කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව තොරතුරු රැසක් වාර්තාකර තිබුනද එවා ඔප්පු කිරිමට තරම් සාක්ෂි නැති බවයි දැනට අනාවරණය වි ඇත්තේ.තත්ත්වය එසේ තිබියදි අදාළ දුෂණ විරෝධී කුළී හමුදාව නීතිපති දෙපාර්තමේන්තුව ඉලක්ක කර මඩ ගැසිමේ ව්‍යාපාරයක් දියත් කර ඇති අතර අද වනවිට එම කුළී හමුදාව එක්සත් ජාතික පක්ෂයටද පාලනය කර ගැනිමට නොහැකි වි ඇති බවයි වාර්තා වන්නේ.

 

 

Top