Featured

රාජපක්ෂලාට මඩ ගහන්න රනිල්ගෙන් මඩ බලකායක්!

රාජපක්ෂලා ඉලක්ක කර ප්‍රසිද්ධ මාධ්‍ය හරහා මඩ ගැසිම සදහා මෙන්ම ඒජාප ආණ්ඩුවේ හොරකම් සහ අගමැතිවරයා ඉලක්කකර වාග් ප්‍රහාරයන් එල්ල කරන ශ්‍රීලනිපයේ මෛත්‍රී පිළේ මැති ඇමතිවරුන් ඉලක්ක කර පහරදිම සදහා එජාපයේ මැති ඇමැතිවරුන් 18දෙනකුගෙන් යුත් මඩ බලකායක් පිහිටුවිමට කටයුතු කර තිබේ.

රූපවාහිනී වාද විවාද වැඩසටහන්වලදි මෙම කණ්ඩායම යොදවා කට වාචාලයන් ලෙස විවිධ අසත්‍ය පැතිරවිම මෙම මෙහෙයුම වන අතර පසුගිය සතියේ ශ්‍රීලනිපයේ සිරිසේනගේ බත් බැලයන් ඉලක්ක කර වාග් ප්‍රහාර එල්ල කිරිමට මෙම කණ්ඩායමේ කිහිප දෙනෙකු භාවිතා කල අතර ඒය සාර්ථක විමත් සමග මෙම කණ්ඩායම එලියට දැමිමට එජාපය කටයුතු යොදවා තිබේ.

ඒ අනුව ආණ්‌ඩුව නියෝජනය කරන එජාප නියෝජ්‍ය ඇමැතිවරුන් 07 දෙනකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 11 දෙනකු මේ සදහා යොදවාගෙන තිබේ.සුජීව සේනසිංහ, අජිත් පී. පෙරේරා, අශෝක අබේසිංහ, රංජන් රාමනායක, ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, නලීන් බණ්‌ඩාර, අශු මාරසිංහ, කාවින්ද ජයවර්ධන, හේෂා විතානගේ, බන්දුලාල් බණ්‌ඩාරිගොඩ, විජයපාල හෙට්‌ටිආරච්චි, කුමාර ඉඳුනිල්, එස්‌. එම්. මරික්‌කාර්, මුජිබර් රහුමාන්, අජිත් මාන්නපෙරුම ඇතුළු පිරිසක්‌ මීට ඇතුළත් බවයි වාර්තා වන්නේ

Top