Featured

රාජිතගේ පුත් කක්කුස්සී කටා පිලිකා එන්නත් ජාවාරමක

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නගේ බලපෑම මත ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කරන ලද ටුස්ටුසුමැබ් නැමැති පිලිකා එන්නත ලංකාවට ගෙන්වනු ලබන ඖෂධ සමාගම වන Pharmace (Pvt) Ltd හි අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන්නේ රාජිතගේ පුත් චතුර සේනාරත්න සහ ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ අරමුදල් කලමණාකරණය කිරීමේ සුදුසුකම් මත රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ධූරයට පත් එචි.එම්.එම් රූමි බව වාර්තා වේ.

ලෝක සම්භාවනාවට පත් කීර්තිමත් විද්වත් දෙපළක් වූ මහාචාර්ය ලාල් ජයකොඩිත්, හා මහාචාර්ය ක්‍රිෂාන්ත වීරසූරිය ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ලෙස හා ප්‍රධාන විධායක ලෙස කටයුතු කරන වකවානුවේ මෙම ඖෂධය ලියාපදිංචි කිරීම සදහා සෞඛ්‍ය ඇමතිවරයා දැඩි බලපෑමක් කරනු ලැබුවේය. එහිදී ඖෂධ නියාමන අධිකාරිය විසින්ම අධිකාරියේ වත්මන් සභාපති මහාචාර්ය අසිත ද සිල්වා වෙත මෙම ඖෂධය ඇගයීම සදහා යොමු කරන ලදී. ඒ අනුව ඖෂධය අධිකාරියේ ලියාපදිංචි විය. එහෙත් ඖෂධය ගෙන්වීමට පෙර අවස්ථා ගණනකදී එහි සායනික වාර්තා ඉල්ලා සිටියත් මේ වනතුරු ෆාම්ඒස් ඖෂධ සමාගම එම ඖෂධය ඉදිරිපත් කර නොතිබිණි.

මේ අතර එම එන්නත් රැසක් රුසියාවෙන් ගෙන්වා ගබඩා කරන්න රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කටයුතු කර තිබිණි. රුසියාවෙන් මෙම එන්නත මෙරටට ගෙන්වීමේදී ඊට වඩා අඩු මිල ගණන් යටතේ වෙනත් රටවලින් ගෙන්විය හැකි මෙම ඖෂධයට අදාළ අඩුම ටෙන්ඩර් පහකට අවස්‌ථාව ලබා දී නැත.

රුසියාවෙන් ගෙන්වන මෙම ඖෂධය ගුණාත්මක බවින් අඩු බවද පසුගිය ජනවාරි මාසයේදී නිෂ්පාදනය කළ ඖෂධය ශ්‍රී ලංකාවට ගෙන්වීමට පෙබරවාරි මාසයේදී අනුමැතිය දී ඇතැයිද පවසන පිළිකා විශේෂඥ වෛද්‍යවරු එවන් ඖෂධයක්‌ රෝගීන් වෙත ලබාදී අහිංසක ජීවිත අනතුරේ දැමීමට තමන් සූදානම් නැතැයි ප්‍රකාශ කර තිබිණි.

සාමාන්‍යයෙන් නිෂ්පාදනය කළ රටේ අදාළ ඖෂධය අඩුම තරමින් වසර දෙකක්‌ භාවිත කළ පසුව එය වෙනත් රටවල පාවිච්චි කිරීම සිදුකරන නමුත් පිළිකා රෝගීන්ට ලබාදෙන මෙම ඖෂධ්‍ය නිෂ්පාදනය කර මසකට පසු ශ්‍රී ලංකාවට ගෙන ඒමට අනුමැතිය ලබාදී ඇතැයිද ඔවුහු කීහ.

කෙසේ වෙතත් රාජිත සේනාරත්නගේ අමාත්‍යාංශය කියන්නේ මේ ඖෂධය එහි මවු සමාගමෙන් ගෙන්වන බවර් සමාගම විසින් මිලදී ගත් පිළිකා රෝග විශේෂඥවරුන් මෙම ඖෂධය අඩු මිලට ලංකාවට රැගෙන එනවාට අකමැති බවයි.

ලංකා නිවුස් ලයින්

Top