Featured

රේගු දෙපාර්තමේන්තුව අපකීර්තිය ලක්කිරිමට බැදුම්කර හොරාගෙන් මෙහෙයුමක්

රේගු වෙන්දේසියට තබා තිබූ රෝස්වුඩ් දැව තොගය ඉන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගියදා පුවත්පත්වල පල වූ පෘවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍ය එකක් බවත් එය මුදල් ඇමතිවරයා සැලසුම්සහගතවම මහජනයා නොමග යැවීමේ හා රේගු දෙපාර්තමේන්තුව අපකීර්තියට පත් කිරීමේ අරමුණින් නිර්මාණය කල ප්‍රවෘත්තියක් බවත් සමස්ත ලංකා රේගු සේවා සංගමය සඳහන් කරයි.මේ බව සඳහන් කරමින් සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ලේකම් ජේ.ඒ ගුණතිලක මතාගේ අත්සනින් යුතුව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත ලිඛිතවද දන්වා යවා ඇත.

එම ලිපිය සම්පූර්ණයෙන් පහත පල වේ.

“ගරු මුදල් ඇමතිතුමා,
මුදල් අමාත්‍යාංශය,
කොළඹ 01.
මැතිතුමනි,

රේගු වෙන්දේසියට තබා තිබූ රෝස්වුඩ් දැව තොගය ඉන් ඉවත් කිරීම

උක්ත කරුණ සම්බන්ධයෙන් 2017.01.31 දින ලංකාදීප පුවත්පතේ නාලක සංජීව දහනායක මහතා විසින් “රේගුවෙන් ඇල්ලූ දැව තොගයක් පරීක්ෂණයක් නොකර වසර තුනක් තිස්සේ රඳවාගෙන” යන මාතෘකාව
යටතේ පළකර තිබූ ප‍්‍රවෘත්තිය කෙරෙහි ඔබතුමාගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.

මෙම ප‍්‍රවෘත්ති මහජනයා නොමග යැවීමේ හා රේගු දෙපාර්තමේන්තුව අපකීර්තියට පත් කිරීමේ අරමුණින්, ඔබතුමාගේ අනුදැනුම මත පළකල එකක් බව අපගේ අදහසයි.ඔබතුමා එම ලිපිය තුලින් පවසන කරුණු මුලුමනින්ම සාවද්‍ය නිසා ඔබතුමාගේ හා රටේ ජනතාවගේ අවබෝධය පිණිස අප සංගමය සතු තොරතුරු සමහරක් මෙහි සඳහන් කිරීමට අදහස් කළෙමු.මෙම රෝස්වුඩ් දැව තොගය අත්අඩංගුවට ගන්නා ලද්දේ රේගු දෙපාර්තමේන්තුව විසින් බිහි කරන ලද කීර්තිමත් රේගු නිලධාරියෙකු හා පරිසර වේදියකු වන සමන්ත ගුණසේකර මහතා විසිනි. රේගු දෙපාර්තමේන්තුවේ ජෛව විවිධත්ව ඒකකයේ නිර්මාතෘවරයාද වන මෙතුමා සිය සේවා කාලය තුලදී සිදු කරන ලද කොතල හිඹුටු, කෙකටිය වැනි සුප‍්‍රසිද්ධ රේගු වැටලීම් නිසා දේශීයව හා ජාත්‍යන්තරව මහත් සේ ඇගයීමට ලක්වූ නිලධාරියෙකි. මෙතුමාගේ පෞද්ගලික ඔත්තුකරුවකු ලබා දුන් තොරතුරක් මත 2014 මාර්තු මාසයෙදී මෙම දැව තොගය අත්අඩංගුවට ගන්නා ලදි. එතැන් සිට මේ පිළිබඳව දේශීයව හා ජාත්‍යන්තරව සිදු කරන ලද රේගු විමර්ෂණයට මාස 6කට අධික කාලයක් ගතවී තිබේ. ඉන් අනතුරුව රේගු නඩුවක් ගොනු කරන ලද අතර එය අධිකරණ ක‍්‍රියාවලියකින් අවසන් වී තිබේ. ඒ සඳහා තවත් වසරකට ආසන්න කාලයක් ගතවී තිබේ.

මෙම නඩුව අවසාන වීමෙන් පසු දැව තොගය රාජසන්තක කළ අතර 2015 වසරේ මැයි මාසයේ පමණ සිට අවස්ථා ගණනාවකදීම වෙන්දේසි කිරීමට උත්සාහ දැරුවත් ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන්ට පාලනය කළ නොහැකි හේතූන් මත එය සාර්ථක කර ගැනීමට නොහැකි වී තිබේ. ඒ නිසා “රේගුවෙන් ඇල්ලූ දැව තොගයක් පරීක්ෂණයක් නොකර වසර තුනක් තිස්සේ රඳවාගෙන” සිටියා යන චෝදනාව මුලුමනින්ම සාවද්‍ය එකක් බව මොලේ කළඳක් හෝ ඇති ඕනෑම අයෙකුට වැටහෙනු ඇත.තමන් වෙත පැමිණි සියලු බාධක පරදවමින් ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් මෙම දැව තොගය යලිත් වරක් 2017 ජනවාරි මාසයේදී වෙන්දේසියට තබන ලදි.

එම වෙන්දේසියේදී දැව තොගයට සාධාරණ මිලක් නොලැබුනු නිසා එය 2017 ජනවාරි 28 වන දින යළිත් වෙන්දේසියට තැබීමට සූදානම් වන විට රේගු අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ උපදෙස් මත ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන්ට දැව තොගය වෙන්දේසියෙන් ඉවත් කිරීමට සිදුවී තිබේ. ඔවුන් විසින් ඊට හේතු මොනවාද යන්න විමසන විටදී දැනගන්නට ලැබීඇත්තේ මෙම දැව තොගයට මිල ගණන් ඉදිරිපත් කරන සෑම අයෙක්ම රුපියල් මිලියන 10ක (රුපියල් කෝටියක) ආපසු නොගෙවන තැන්පතුවක් තැබිය යුතු බවට වන කොන්දේසියක් ටෙන්ඩර් පත‍්‍රිකාවට ඇතුළත් කිරීම සඳහා රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් මහා භාණ්ඩාගායෙන් අනුමැතිය ඉල්ලා ඇති අතර එකී අනුමැතිය ලැබෙන තෙක් මෙලෙස දැව තොගය වෙන්දේසියෙන් ඉවත් කර ඇති බවයි.

රේගු අධ්‍යක්ෂක ජනරාල් වරයාගේ තනි කැමැත්තට මෙය සිදු කලා යැයි සිතීමට තරම් අපි අඳ බාලයන් නොවෙමු. එබැවින් ඒ සඳහා ඔහුට උපදෙස් දුන්නේ මුදල් ඇමතිවරයා වශයෙන් ඔබතුමා නොවේනම් ඒ කවුරුන්ද යන වග ජනතාවට හෙලිදරවු කිරීමේ වගකීමෙන් ඔබතුමාට මිදිය නොහැක. ඔබතුමා එසේ නොකරන්නේනම් මෙම රෝස්වුඩ් දැව තොගය කුණු කොල්ලයට ලබා ගැනීමට තැත් කිරීමේ කුමන්ත‍්‍රණය පිටුපස සිටින්නේ කවුදැයි ජනතාව විසින් තීරණය කරනු ඇත.
බැදුම්කර හොරා,මුදල් අමාත්‍ය රවි කරුනාණායක විසින් සිය හෙංචයියන් යොදවා පලකල පුවත

ගරු ජනාධිපති තුමා
ජනාධිපති ලේකම්කාර්යාලය
කොළඹ 01.

මැතිතුමනි.

රේගු වෙන්දේසියට තබා ඇති Rose Wood දැව තොගය අඩු මිලට ලබාගැනීම සදහා දරන උත්සාහය වලක්වන ලෙස ඉල්ලීම.

නීති විරෝධී ලෙස ශ‍්‍රිලංකාව හරහා ප‍්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගෙන රාජ සන්තක කරන ලද රු කෝටි 100 කටත් වඩා වටිනා ඍදිැ උදදා දැව මෙට්ට්‍රික් ටොන් 415ක් පසුගිය මාසයේ රේගු වෙන්දේසියට තබන ලදි.

එහෙත් රේගුව අපේක්‍ෂා කල මිල ගණන් ඉදිරිපත් නොවූ බැවින් එම දැව තොගය යලිත් වරක් 2017.01.28 වන දින වෙන්දේසියට ඉදිරිපත් කිරීම සදහා කටයුතු කරමින් සිටින විට රේගු අධ්‍යක්‍ෂ ජෙනරාල් වරයා එම දැව තොගය වෙන්දේසියට නොතබන ලෙස නිලධාරීන්ට දැනුම් දී තිබේ.

පසුව කරන ලද සොයා බැලීම් වලදී හෙළිදරව් වූයේ ධැව තොගය සදහා ඉල්ලූම් කරන්නන් විසින් තැබිය යුතු රු. මිලියන 12ක ආපසුව ගෙවන තැන්පතුවට අමතරව රු මිලියන 10ක ආපසු නොගෙවන තැන්පතුවක් තැබිය යුතු බවට වන කොන්දේසියක් ටෙන්ඩර් පත‍්‍රිකාවට ඇතුල් කිරීම සදහා රේගු අධ්‍යක්‍ෂ ජනරාල් වරයා විසින් මහා භාණ්ඩාගාරයෙන් අනුමැතිය ඉල්ලා ඇති අතර එකී අනුමැතිය ලැබෙන තෙක් දැව තොගය වෙන්දේසියෙන් ඉවත්කර ඇති බවයි.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් වරයාගේ මෙම උත්සාහය සාර්ථක වුවහොත් Rose Wood දැව තොගයට කිසිවෙකු මිල ගණන් ඉදිරිපත් නොකරනු ඇත. එවිට මෙම ක‍්‍රියාවලිය පිටුපස සිටින පුද්ගලයා කවුරුන්හෝ ඉතා අඩු මිලක් ඉදිරිපත් කර මෙම දැව තොගය මිලදී ගනු ඇත. අපගේ අවබෝධයේ හැටියට රේගු අධ්‍යක්‍ෂක ජනරාල් වරයාට මෙවැනි බලපෑමක් කළ හැක්කේ මුදල් ඇමතිවරයාට පමණි.

එබැවින් මේ රටේ ඕනෑම පුරවැසියෙකුට මෙම දැව තොගය සදහා මිල ගණන් ඉදිරිපත් කිරීමට අයිතිය ආරක්‍ෂා කර දෙන ලෙසත් ඒ මගින් මහා භාණ්ඩාගාරයට බැරවිය යුතු අති විශාල මුදලක් ජාවාරම් කරුවන් අතට පත්වීම වැලැක්වීම සදහාත් අවශ්‍ය පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමු.
ස්තූතියි,

මෙයට විශ්වාසී,
ජේ. ඒ ගුණතිලක
ලේකම්
සමස්ත ලංකා රේගු සේවා සංගමය.

http://www.sinhala.lnwtoday.com/archives/8725

http://www.sinhala.lnwtoday.com/archives/11318

Top