Featured

රේනෝගේ හිරූට කෙලවන්න ශිරාල් මෛත්‍රීට ගුලිය කවයි

රේනෝද සිල්වාගේ මාධ්‍ය ජාලය වන හිරු රුපවාහිනිය හා ගුවන් විදුලිය ඉදිරියට දමා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජණාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පහර ගැසිම නිසා හිරු රුපවාහිනියේ ප්‍රවෘත්ති විකාශන බලපත්‍රය අත්හිටුවිමේ අවධානමක් දක්වා ගැටුම උග්‍ර වි ඇති බව වාර්තා වේ.

මඩකළපුව මංගලාරාමයේ විවෘත කිරමේ උත්සවයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ආරාධණා කර තිබියදි ඊට සහභාගි නොවු තැන එහි විහාරාධිපති අමිපිටියේ සුමනරතන හිමියන් විවෘත කිරිමට සුදානමි කර තිබු සමරු ඵලකය කුථගෙඩියකින් පහර දී විනාශ කරන අයුරු ප්‍රවෘත්ති විකාශයේදී අවස්ථා කිහිපයක් හිරු රුපවාහිනිය ප්‍රවෘත්ති විකාශනයේ දී ප්‍රචාරය කිරිම හරහා ජනාධිපතිවරයා ඉලක්ක කර මඩ ගැසු බවත් ඒ සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් ආරම්භ කර තිබේන බවත් දන්වමින් ජනාධිපති උපදේශක ශිරාල් ලක්තිලක මහතා හිරු මාධ්‍ය ආයතනයට ලිපියකින් දැනුමි දී තිබේ.

මිට අමතරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන රූපවාහිනිය,රේනෝද සිල්වාගේ මාධ්‍ය ජාලය වන හිරු රුපවාහිනිය හා ගුවන් විදුලිය සහ තවත් මුදලට ගත් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු යොදවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කරමින් සිටින බවත් ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වමින් ශිරාල් ලක්තිලක මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ රංග කළංසුරියටද දැනුම් දි තිබේ.

බෙදුම්වාදීන් සමග බාල් නටමින් රට පාවාදෙන ෆෙඩරල් ගිවිසුම් සකස් කර ගැනිමට ඉඩහසර ලබාදෙමින් බෙදුම්වාදී සිරිසේන ජනාධීපතිවරයා අමරිකානු තානාපති කාර්යාලයේදි සහකාර ලේකම්වරුන් වන නීෂා බිස්වාල් සහ ටොම් මලිනොස්කි දිවයිනට පැමිණිමට පැය කිහිපයක් තියා රටින් පැන යැමට මත්තේන් මේ සම්බන්ධයෙන් ජනාධිපති උපදේශක ශිරාල් ලක්තිලක සිරිසේන දැනුවත් කර ඇති අතර එහිදි ශිරාල් ජනාධිපතිවරයාට අවධාරණය කර ඇත්තේ සිරිසේන ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනීසිටින එකම මාධ්‍ය ජාලය කිළී මහරාජාගේ සිරස මාධ්‍යජාලය පමණක් බවයි.

හිරූ නාළිකාවේ ප්‍රවෘත්ති විකාශය කිරිමට පෙර එහි අඩංගු දේ සියල්ලම අග්‍රාමාත්‍ය ප්‍රධාණී සාගල රත්නායකට යවන බවත් ඔහුගේ නිර්දේශ මත ඇතැම් පුවත් වෙනස් කිරිමට පවා රේනෝද සිල්වා හිරූ ප්‍රධානින්ට දන්වා ඇති බවද ශිරාල් මෙහිදි පෙන්වා දි තිබේ.

මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් රනිල් -මෛත්‍රී අතර ඇතිවු ගැටුමෙන් පසුව වෙනම ආණ්ඩුවක් පිහිටුවිම අරමුණු කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය නායකයා ප්‍රමුඛ රනිල් පිළ වෙනම කල්ලි ගැසේද්දී ශිරාල්,කිළී ප්‍රමුඛ සජිත් පිළ මෛත්‍රී සමග වෙනම ආණ්ඩුවක් පිහිටුවිම සදහා සීමිත මෙහෙයුමක් දියත් කරමින් සිටින බව රටේම ජනතාවට නොරහසකි.

මේ අතර අමරිකානු තානාපති කාර්යාලයේදි සහකාර ලේකම්වරුන් පැමිණෙන අවස්ථාවේ සහ වැට් බදු ගැටලුව සහ ECTA ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක්ම පැවැත්විමට යොදා තිබියදි අත්‍යවශ්‍ය නොවන වැඩක් යොදාගනිමින් ජනාධිපතිවරයා රටින් පිටවිම පිළිබඳව අගමැතිවරයා ඇතුලු එජාපයේ රනිල් පිළේ අවධාණය යොමුවි ඇති බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.ආණ්ඩුවේ හදිසි පණිවිඩ කිහිපයක් සදහා පිලිතුරු ඉල්ලා ජනාධිපති කාර්‍යාලය හරහා ප්‍රශ්ණ කිහිපයක් යොමුකර ඇති අතර ජනාධිපතිවරයා පෞද්ගලික සංචාරයක නිරතවෙමින් සිටින නිසා ඔහු සම්බන්ධ කර ගැනිමට නොහැකි බවත් දිවයිනට පැමිණිමෙන් පසුව එම ගැටලු සදහා පිළිතුරු ලබා දිමට කටයුතු කරන බවද ජනාධිපති කාර්යාලය හරහා දැනුම් දි තිබේ.

Top