ඇමෙරිකාව හා රුසියාව අතර ඇති රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවට ශ්‍රී ලංකාව ඈඳා ගැනීමේ සිද්ධිය තවදුරටත් ඔඩුදුවමින් ඇති බව මෙම සතියේද තහවුරු විය.
ඇමෙරිකානු ඩොලර් මිලියන 135ක් වටිනා නැවක් මිලදී ගැනීමට ශ්‍රී ලංකා රජය හා රුසියාව අතර ගිවිසුම් අත්සන් තබා තිබියදී එම නැවේ අතරමැදි සමාගමට සම්බාධක පැනවීමට ඇමෙරිකාව මෙම සතියේ පියවර ගෙන තිබුණි.
එම සමාගම සමග කරන සියලු මූල්‍ය කටයුතු ඇමෙරිකාවේ නිව්යෝක් මුල්කරගෙන සිදුවූ බැවින් සමාගම සමග ණයවර ලිපි විවෘත කිරීමත් මුදල් හුවමාරු කිරීමත් මේ සමග ඇනහිටින වග ජාත්‍යණ්තර වාර්තා සනාථ කරන්නට විය.
මෙම සමාගමේ ක්‍රියාකාරිත්වය ගැන අධ්‍යයනය කිරීමෙන් පසුව ඇමෙරිකාවෙන් සම්බාධක පැනවූ වගද දැන ගැනීමට ලැබේ.
ඇමෙරිකාව හදිසියේම ශ්‍රී ලංකාවට නැවක් මිලදි ගැනීමට යන නැව් සමාගමට සම්බාධක පනවන්නට කටයුතු යෙදීමත් රුසියාව ශ්‍රී ලංකාවේ තේ තහනම් කිරීමත් ඇතුළු කාරණා සියල්ල පසුපස ඇත්තේ ඇමෙරිකාව හා රුසියාව අතර ඇති රාජ්‍ය තාන්ත්‍රික ගැටලුව බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සනාථ කරයි.
ජිපාර්ඩ් – 5-1 (ට්ඥනචපඤ ජ්පඪඨඥචබ 5.1) නම් වූ මිටර් 105කින් දිග රුසියානු නැව සෙලෙන්ඩොල්ස්ක් නැව් සමාගමේ නිර්මාණයකි. මෙම නැව ගැනීමට කටයුතු යෙදෙන්නේ 2010 පෙබරවාරි 08 දා රුසියාවෙන් ඩොලර් මිලියන 300කට මිලදි ගැනීමට ගිය ගුවන් යානා හා නෞකාලවලට අදාළ ගනුදෙනුවකි.
ඩොලර් මිලියන 165ක් වැය කර එවකට ගුවන් හමුදාවට හෙලිකොප්ටර් 14ක් මිලදී ගත් අතර ඉතිරි වූ මුදල වූ ඩොලර් මිලියන 135 හිලව් කිරීම සඳහා නැව මිලදී ගැනීමට නියමිත විය. මෙම ගනුදෙනුවට අදාළ අතරමැදි සමාගම වූ රොසොබොෙජෙන් එක්ස්‍පෝර්ට් සමාගමේ අධ්‍යක්ෂ ජනරාල් ඇලෙක්සැන්ඩර් මයික්නිව් දින හතරක සංචාරයක් සඳහා පසුගිය මස 3දා ලංකාවට ආවේද මේ පිළිබඳ ගිවිසුම් අත්සන් තැබිමටය.
මේ සියලු කාරණා අතරේ රුසියානු තානාපති කාර්යාලය හා අනෙකුත් තානාපති කාර්යාල දැඩි කලබලයට ලක් වන්නේ වැලිගමදී අත්අඩංගුවට පත්වූ රුසියානුවකු නිසාය.
ඇමෙරිකානු ෆෙඩරල් පර්යේෂණ කාර්යාංශයේ (එෆ්.බි.අයි.) අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ (ර්ධඵබ ඹචදබඥඤ තඪඵබ) සිටි රුසියානුවකු මෙසේ කොටු වූ බව මෙරට බලධාරීන් දැන ගත්තේද මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය ඊට මැදිහත්වීම නිසාය.
වැලිගමදි අත්අඩංගුවට පත්වූ පුද්ගලයා ෆරින් මනොකින් නමින් පෙනී සිටියේය. රුසියානු ජාතිකයා කළු සල්ලි ජාවාරම්කරුවකු බව හුවා දක්වමින් වැලිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණ අතර මොහුව තම රටට ලබාදෙන ලෙස තානාපති කාර්යාලවලින් ශ්‍රී ලංකා රජයට බලපෑම් කළ බව ඒ සමග වාර්තා වුවද මෙකී සියලු තොරතුරු රහසිගත වූයේය.
වැලිගමදී අත්අඩංගුවට පත් ෆරින් මනොකින් යැයි කියූ රුසියානුවාට ඇප ලබාදීමට ඉදිරිපත් වන්නේද මෙරට නීතිඥ ක්ෂේත්‍රයේ ප්‍රබල භූමිකාවක් හෙබවූ නිලධාරියෙකි.මහාධිකරණයෙන් ඇප ලබා දුන් පසුව මෙකී රුසියානුවා අතුරුදන් වන්නේ රාජ්‍ය තාන්ත්‍රික සැලසුමක් ප්‍රකාරවය.
රටින් පනින තුරු මෙකී රුසියානුවාට ආරක්ෂිත නිවස්න ලෙස () යොදාගෙන තිබුණේ පුද්ගලික රෝහල් සහ තෝරාගත් හෝටල් කිහිපයකි.
මෙකී රුසියානුවා උදර්පණ නීතිය යටතේ තම රටට ගෙන යාමට ඇමෙරිකානු තානාපති කාර්යාලය උත්සාහ ගැනීමත් සමග රුසියානු ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික අවුල මෙරට තුළදී දිගහැරෙන්නට වූයේය.
ඇමෙරිකානු රජය හා ශ්‍රී ලංකා රජය අතර අත්සන් තබා ඇති උදර්පණ පනතේ කරුණු ප්‍රකාරව මෙම රුසියානුවා ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටින්නේ මොහු ගැන ඇති අවශ්‍යතාව සඟවමින්ය. මෙකී සැකකරු ඇමෙරිකාවේ සිදුවූ මිනීමැරුම් කිහිපයකට අවශ්‍ය බව ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණු දක්වා තිබුණේය.
ඉන්පසුව මොහු 2016 නොවැම්බරයේ ඇමෙරිකාවේ පැවැති ඇමෙරිකානු ජනාධිපතිවරණය කඩාකප්පල් කරන්නට මුල්වූ අයකු බවට තොරතුරු කරළියට එවන්නට ඇමෙරිකානු තානාපති කාර්යාලය කටයුතු කරන්නේ රුසියාව මොහු බේරාගැනීමට වෙර දරද්දීය.
ඇමෙරිකාව හා රුසියාව මෙකී ෆරින් මනොකින් නමින් වැලිගමින් මතුවූ රුසියානුවා වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික සටනකට මුල පුරන්නේ දෙරටටම මොහු අවශ්‍ය වූ නිසාය.
ඇමෙරිකානු ජනාධිපතිවරණය බලපෑම් කරන්නට නම් මෙකී ෆරින් මනොකින් ලෙසින් පෙනී සිටි රුසියානුවා එසේ මෙසේ පුද්ගලයකු නොව රුසියානු ජාතික පරිගණක විශේෂඥයකු විය හැකිය. ඇමෙරිකාවේ එෆ්.බි.අයි. ආයතනය සොයමින් සිටි මෙකී සයිබර් අපරාධකරු රකින්නට මේ වන විටත් රුසියාව මැදිහත් වී තිබුණේය.
රුසියාවේ බලපෑම නිසා පොලිස් විමර්ශන මන්දගාමි තත්ත්වයට පත් වන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයද මෙයට මැදිහත් වනනිසාය. මෙවන් අපරාධකරුවකු ඇප ලබා මුදාගැනෙන්නේද මෙම බලපෑම් මධ්‍යයේය.
මෙකී රුසියානුවා ඇමෙරිකාව වෙත උදර්පණ නීතිය යටතේ භාර නොදී මුදාහැරීමට සූදානම් වෙද්දී මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය අතපෙවීමක් කළද එය අවසානයේ අසාර්ථක මෙහෙයුමක් වන්නේ හොඳ හිත පළුදු වූ කාරණා සමගය.
එක්වරම මෙරටින් පැනගත් රුසියානුවා රටින් පිටමං කළේ කෙසේදයන්න මේ සමග පැනනැගුණු ගැටලුව විය.
මෙරටට රුසියානු යුද නැව මිලදී ගැනීමේ ගිවිසුම් අත්සන් තැබිමට රෝසොබෝරෝන් එක්ස්‍පෝර්ට් සමාගමේ අධ්‍යක්ෂ ජනරාල් ඇලෙක්සැන්ඩර් මයිච්වි එන්නේ තම පෞද්ගලික ගුවන් යානයෙනි. රුසියාවේ ප්‍රබල අවි ආයුධ සපයන සමාගමක් වන මෙම සමාගම ඉන්දියාව සමග මීටත් වඩා අවි ගනුදෙනු කර ඇතත් කිසිදු දිනක මෙකී ප්‍රධානියා ඉන්දියාවට නොයාමත් වැලිගමදී රුසියානුවකු කොටුවීමත් සමග හදිසියේම මෙකී ප්‍රධානියාම පැමිණීමත් සැකසංකා පහළ කළේය.
ආරක්ෂක විශ්‍ලේෂකයන්ට අනුව රුසියානු ජනාධිපතිවරයා මෙන් බලපෑමක් කළ හැකි මෙකී ආයතන ප්‍රධානියා හදිසියේම මෙරටට පැමිණියේ එක් ගනුදෙනුවක් සඳහා පමණක් නොවන බව පැහැදිලිය. එයින් පැහැදිලි වන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 135ක ගනුදෙනුවක් සඳහා මෙකී බලධාරියාගේ පැමිණීම සැකසංකා මතුවන වගය.
කටුනායක ගුවන්තොටුපළට තම පෞද්ගලික ගුවන් යානයකින් සුවිශේෂ ආරක්ෂාවක් මැද පැමිණෙන රොසොබොරෝන් එක්ස්‍පෝට් ආයතන ප්‍රධානියා පැමිණි ගුවන් යානයෙන්ම ඇමෙරිකාව සෙවූ රුසියානුවා පැනගත් බව යුද විශ්‍ලේෂකයෝ අනුමාන කරති. කටුනායක ගුවන් තොටුපළින් මොහුට පැන ගැනීමට වෙනත් මගක් නැතිවීමත් මෙවන් සුවිශේෂ අපරාධකරුවකු බෝට්ටු මගින් යාම සිදුවීමට නොහැකි නිසාත් අනිවාර්යයෙන්ම මෙකී ජාවාරම්කරු සුවිශේෂ ආරක්ෂාවක් මැද පැනගත යුතුය. එසේ වී නම් රුසියානු අවි සමාගමේ අවි ප්‍රධානියා පැමිණියේ මෙකී රුසියානුවා රැගෙන යාමට විය හැකිය.
ඇමෙරිකාව සඳහන් කළ ආකාරයට එස්.බි.අයි. ආයතනයේ දැඩි අවශ්‍යතා ලැයිස්තුවේ සිටින සයිබර් අපරාධකරුවන් ලැයිස්තුවේ රුසියානු අපරාධකරුවන් සිටින්නේ සිව් දෙනෙකි. එච්පෙනි මිබයිලොවිච් බෝගචෙව්, ඇලෙක්ෂි බෙලන්, ඉනෝර් අනටෝලිච්චි සුච්චින් හා ඇලෙක්සැන්දිරෝවි ඩොකුච්චි ඒ හතර දෙනාය.
මේ අතුරින් ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙරටට දැක්වූ ආකාරයට වඩාත්ම තහවුරු කළ හැක්කේ මිබයිලොවිච් බෝගවෙච් ගැනය.
ඇමෙරිකානු ඡන්දයට බලපෑම් කළ රුසියානු පරිගණක හැකරකු ගැනත්, කළු සල්ලි ජාවාරම්කරුවකු ගැනත් තොරතුරු හෙළි වූයේ වැලිගමදී කොටු වූ ෆරින් මනොකින් නමින් පෙනී සිටි පුද්ගලයාය නිසාය.
මෙම තොරතුරුවලට අනුව වැලිගමදී කොටුවූ ෆරින් මනොකින් නමින් පෙනී සිටි පුද්ගලයා මිචයිලොවිච් බෝගවෙච් ලෙසට යුද විශ්‍ලේෂකයෝ අනුමාන කරති. එසේ වී නම් ඔහු එසේ මෙසේ පුද්ගලයකු නොවන වගද පැහැදිලිය.
මේ කියන බෝගචෙව් ගැන ඇමෙරිකාවට තොරතුරු දෙන්නකුට ඇමෙරිකානු ඩොලර් මිලියන තුනක ත්‍යාගයක් දෙන්නට ඇමෙරිකානු රජය ඉදිරිපත් වූයේද ඔහු අත්‍යවශ්‍ය වූවෙකු නිසාය.
ඉතාම දරුණු ගණයේ හැකර්වරයකු මෙන්ම රුසියානු රජය සමග ගනුදෙනු කරන පරිගණක විශේෂඥයකු ලෙස මිඛයිලොවිච් බෝගචෙව් ප්‍රසිද්ධය. බෝගචෙව් විසින් නිපදවන ලැබූ සීයුස් ටේරාජන් වෛරසය ලොව පුරා රටවල්වල මිලියනයකට වඩා පරිගණක සංඛ්‍යාවකට හානි පැමිණ වූයේය. එයින් සිදුවූ පාඩුව ඇමෙරිකානු ඩොලර් මිලියන සියයකට අධික බව ගණන් බලා නැත. මෙම වෛරසය නිසා ලංකාවේ පරිගණකවලටද බලපෑම් කළේය. මෙම පරිගණක වෛරසයෙන් ලොව පුරා රටවලට කළ බලපෑමෙන් පසුව එෆ්.බි.අයි. සංවිධානය යොමු පසුපස යන්නට වූහ.
ලොව පුරා මිලියන ගණනක පරිගණවල පාලනය තමන්ගේ අතට ගන්නට පවා කටයුතු කළ දරුණු අපරාධකරුවකු වූ මෙකී තිස්හතර හැවිරිදි බෝගචෙව් රුසියානු රජයට ඉතාමත් අවශ්‍ය වූවකු බවද පැහැදිලිය.
ඇමෙරිකාවේ පරිගණක පද්ධතියට හානි කළ රුසියානු හැකරුන් වන රෝමන් සෙලෙස්නිච්, නිකිටා කුස්මින්, වැලදිමීර්, දිමිත්‍රි වැනි හැකරුන්ව ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව කොටු කරනු ලබන්නේද එෆ්.බි.අයි. සංවිධානය මගිනි.
ෙරෙමන් සෙලස්නිව් මාලදිවයිනේදී කොටු කරන විට ඔහුගේ ලැප්ටොප් පරිගණකයේ වූ දත්තවලට අනුව මිලියනකට අධික කේරඩිට්කාඩ් තොරතුරු විය. ඩොලර් මිලියන එකසිය පනහකට වඩා ඔහු වංචා කර තිබුණේය. මොක්කව්හි තම නිවසට යාමට මාලදිවයිනේ සංචාරයක් නිම කර එන අතරේ රෝමන් කොටු කර ඇමෙරිකානු හවායි මූලස්ථානයට ගෙන යන මෙහෙයුමට රුසියානු රජය මාලදිවයින් රජයට විරෝධය පෑවේය.
ඒ හා සමාන මෙහෙයුමක් මෙරටදීත් සිදුවූයේය. ඇමෙරිකානු රජය උදර්පණ පනතට අත්සන් නොකළ මාලදිවයින සමග සාකච්ඡා කර අන්තර්ජාල බින්ලාඩන් නමින් හැඳින්වූ රෝමන් සෙලෙසේනිව් ගුවාම් දූපතට රැගෙන ගිය ආකාරයටම වැලිගමදී කොටුවූ රුසියානු හැකරා ගෙන යන්නට ඉල්ලන්නේ උදර්පණ පනතට අත්සන් තබා තිබියදිය.
නමුත් රුසියාවේ මැදිහත්වීම හමුවේ එම සියලු කාරණා ව්‍යර්ථ වන අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුද මධ්‍යයේ වැලිගමින් හමුවූ රුසියානුවා නිල වශයෙන් අතුරුදන් විය. නමුත් සිදුවූ දෙය ඇමෙරිකාවටද වසන් කළ නොහැකිය.
රුසියාව ශ්‍රී ලංකාවට කුරුමිණියකු පිට පටවා තේ තහනමක් පනවන්නේද ඇමෙරිකාව මෙරටට යුද නැව් සමාගමට සම්බාධක පනවන්නේද මෙකී අර්බුදයේ පිටතට නොපෙනෙන සැඟවුණු කාරණා නිසාය.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
http://198.211.112.164/archives/16946