Featured

විදුලි මිටරය වෙනස් කර මිලියන 2.3කට කෙලිය හන්තාන පාදඩ නිමල්

මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මානව නායකත්ව පුහුණු විද්‍යාපීඨය නැමැති ආයතනයේ නේවාසික පාඨමාලාවකට සම්බනධවී සිටි අවුරුදු 16 හා 17 යන වයසේ පසුවන දැරියන් 8 දෙනෙක් බරපතල ලිංගික අපයෝජනයට ලක්කිරීම හා ඉන් දැරියන් දෙදෙනෙක් දූෂණය කිරීම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නිමල් පීරිස් නැමැත්තා වත්මන් පොලිස්පති පුජිත් ජයසුන්දර සමග එකතු වි ගැසු ගෙමක් ගැන තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

වත්මන් පොලිස්පති එවකට මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති පුජිත් ජයසුන්දර සහ වත්මන් යහපාලන ආණ්ඩුවේ එජාප අමාත්‍යවරුන් සමග එවකට තිබු ගනුදෙනු හරහා නායකත්ව පුහුණුව මුවාවේන් තරුණියන් බිල්ලට දුන් අංක එකේ බඩුකාරයෙකු මෙන්ම පොලු කාරයෙකු ලෙස ප්‍රසිද්ධ ටෙලි ෆික්ස් (TELE-PIX Group)සමූහ ව්‍යාපාරයේ සභාපති දේශ කීර්ති නිමල් එන් පීරීස් නැමත්තා සිය TELE-PIX Group)සමූහ ව්‍යාපාරයේ ව්‍යාපාරික ස්ථානයට විදුලි මිටරය වෙනස් කර විදුලිය වංචනීක ලෙස ලබාගැනිමට කටයුතු කර ඇති අතර ඒ හරහා ලංකා විදුලි බල මණ්ඩලයට සිදුවු පාඩුව රුපියල් මිලියන 2.3ක් පමණ වන බව පරික්ෂණ වලදි අනාවරණය වි තිබේ.අදාළ මිටරය වෙනස් කිරිම හේතුවෙන් සෑම මසකම භාවිතා වන එකක ගණනින් සියයට 60ක් අඩුවෙන් පෙන්වන බව විදුලි බල මණ්ඩලය සැකයකින් තොරව ඔප්පු කර තිබේ.

අදාළ වංචාව සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ වගකිවයුතු නිළධාරියා මහාධිකරණයේ නඩු පැවැරු අතර නිමල් එන් පීරීස් එවකට මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති පුජිත් ජයසුන්දර සහ දේශපාලන බලය මෙන්ම විවිධ පුද්ගලයන් බ්ලැක්මේල් කරමින් තමන්ට වාසිදායක වන අයුරින් තින්දුවක් ගැනිමට සමත් වු අතර පසුව අදාල විදුලි බල මණ්ඩලයේ නිලධාරියාටද කොචොක් කරමින් තර්ජනයද කිරිමට කටයුතු කර තිබේ.පසුව අදාල නිළධාරියා සිද්ධිය ශ්‍රේෂ්ඨාධිකරණයයට යොමුකිරිමට කටයුතු කර ඇත්තේ තමන් කල වැටලිම සත්‍යක් බව තහවුරු කිරිම සදහාය.

ඒ අනුව අදාල නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ HC/19/2016 අංක යටතේ විභාග කරමින් තිබේන අතර ඒ සම්බන්ධයෙන් තවත් විභාගයක් ලබන සැප්තැම්බර් 6 වැනිදා විභාග කිරිමට නියමිතව තිබේ.

http://www.lankanewsweb.today/archives/12413

Top