විල්පත්තු සංහාරය ගැන නැවතත් කතා කරනවා. ඒ සංහාරය ගැන කතා කරන්නන් ඉතා වැඩි පිරිස සිංහල බෞද්ධයන්. සිංහල කතොාලික/ක්‍රිස්තියානි අය ද කිහිප දෙනෙක් ඉන්නවා. එහෙත් දෙමළ මුස්ලිම් අය ඒ ගැන සාමාන්‍යයෙන් කතා කරනු දකින්නට නැහැ. ඒ බවක් ජනමාධ්‍යයෙහි වාර්තා වන්නේ නැති නිසයි මා එහෙම කියන්නේ. විල්පත්තු සංහාරය ගැන පරිසරය පැත්තෙන් මෙන් ම දේශපාලනය පැත්තෙන් ද කතා කරන්න පුළුවන්.
අද පරිසරවේදයත් වෙළෙඳ භාණ්ඩයක්. එය මුළුමනින් ම මෙන් මෙහෙයවෙන්නේ බටහිරින්. එහි සංකල්ප, ප්‍රවාද සියල්ල ම මෙන් අපට ලැබෙන්නේ බටහිරින්. අප ඇමරිකාවේ මුල් පදිංචිකරුවකු වූ සියැටල් පරිසරයක් ගැන කී දේ දන්නේ ද බටහිර පරිසරවේදීන්ගෙන්. සියැටල් ඊනියා පරිසරවේදියෙක් නො වෙයි. ඔහු පරිසරවේදයක් ගැන කතා කෙළේ නැහැ. පරිසරය යනුවෙන් දෙයක් වෙන් කර ගෙන සියැටල්ලා ජීවත් වුණේ නැහැ. ඔවුන්ට ජීවිතය හා පරිසරය දෙකක් වුණේ නැහැ. සියැටල් නමින් අද වොෂිංටන් ප්‍රාන්තයේ නගරයක් තියෙනවා. මයික්‍රොසොෆ්ට් ඇමසොන් ආදී ආයතන පවත්වා ගෙන යන්නේ ඒ නගරය ආශ්‍රයෙන්. එය අද දෙවැනි සිලිකන් මිටියාවතක් (වැලි) ලෙසත් හැඳින්වෙනවා.
පරිසරවේදීන් ලංකාවේත් සිටිනවා. පරිසරවේදය ඇතැම් විශ්වවිද්‍යාලවලත් ඉගැන්වෙනවා. ඒ උගන්වන්නේ බටහිර සංකල්ප හා ප්‍රවාද. ඉඳහිට බුදුහාමුදුරුවන් ගැනත් කියනවා. අපේ පැරැන්නන් පරිසරය රැකි ආකාරයත් ඉඳහිට මතක් කරනවා. බුදුහාමුදුරුවන් පරිසරවේදියෙක් නො වෙයි. අපේ පැරැන්නන් පරිසරය රැක්කේ නැහැ. ඔවුන්ට රකින්න පරිසරයක් තිබුණෙත් නැහැ. අද පරිසරය රකින එක ඊනියා රාජ්‍ය නොවන සංවිධානවල වැඩක් වෙලා. අද පරිසරය රැක ගෙන ජීවත් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ පරිසරය රැකීමත් ජීවිකාවක් වෙලා. මොන තරම් පරිසරය රැක්කත් පරසරය දිනෙන් දින විනාශ වෙනවා. විනාශ වෙන්න විනාශ වෙන්න පරිසරය රකින්නන්ටත් වැඩ තියෙනවා. වැඩමුළු පැවැත්වෙනවා.
විල්පත්තු සංහාරය නවත්තන්න පරිසරවේදීන්ට බැහැ. එහි දේශපාලනයක් තියෙනවා. සිංහල දේශපාලනඥයන් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය පසුපස බොරුවට යනතාක් විල්පත්තු සංහාරය නවත්තන්න බැහැ. සිංහලයන් විනාශ කිරීමට ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය තරම් යොදා ගත් තවත් දෙයක් ඇත්නම් ඒ පෞද්ගලික විද්‍යුත් ජනමාධ්‍ය පමණයි. ක්‍රිස්තියානි අධ්‍යාපනයටවත් ඒ කරන්න බැරි වුණා. ඊනියා පරිසරවේදය ක්‍රිස්තියානි දැනුමක් බවත් අමතක කරන්න එපා. ඊයේ රෑ අපේ දේ රැක ගන්නා නාළිකාවෙන් කියා දුන්නේ නත්තල් දින බෞද්ධ දරුවන්ගේත් කොට්ට යට යම් තෑග්ගක් තබන ලෙසටයි. අප නොදැන සිටියාට දෙබරවැවවටත් නත්තල් තියෙනවා. යටාලතිස්ස රජුගෙ කාලයෙ ඉඳලා වෙන්නැති. අද උදේ හාමුදුරුවන් වෙනුවට පූජකතුමකු (බණ) කිව්වා. බෞද්ධයන් දැන් හාමුදුරුවරුන් කියන බණ අහන්නෙ නැතිව වෙන්න පුළුවන්. නත්තල සිංහල අවුරුද්ද සමග සමාන කිරීමේ තැතක් තියෙනවා. මෙසේ ලිවීම නිසා මා ජාතිවාදියකු, ආගම්වාදියකු, අන්තවාදියකු, අප්‍රබුද්ධයකු, අඥානයකු, හණමිටි අදහස් ඇත්තකු, කෙටියෙන් කිව්වොත් මැන්ටලයකු ලෙස නම් කෙරෙන්න පුළුවන්.
විල්පත්තු සංහාරය ඡන්ද මගඩියක්. එහි මුස්ලිම් ජනපද ඇති කෙරෙනවා. ඒ ඡන්ද ගොඩ වැඩිකර ගැනීමටත් මුස්ලිම් ජනගහණ ව්‍යාප්තියකුත් සඳහායි. තව ටිකක් කල් යන විට ඒ පළාතේ ජීවත් වූ කුවේණිය මුස්ලිම් කියන්නත් බැරි නැහැ. මුස්ලිම් අය මෙරටට ආවෙ අටවැනි සියවසේ පමණ කියනවා. එයට ඊනියා මූලාශ්‍රත් තියෙනවා. ඒ සඳහා ලෝනා දේවරාජාගේ පොත ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි මුලාශ්‍ර පිළිබඳ ප්‍රශ්න රාශියක් තියෙනවා. මූලාශ්‍ර ඉදිරිපත් කිරීමත් බයිබල් සම්ප්‍රදායක්. දැන් ලෝනා දේවරාජාගෙ මූලාශ්‍රය කුමක් ද? ඒ මූලාශ්‍රයෙහි මුලාශ්‍රය කුමක් ද? ලෝනා දේවරාජාගෙ මූලාශ්‍රය හුදෙක් මුස්ලිම් ජනප්‍රවාදයක් නො වේ ද? මේ මුස්ලිම් ජනප්‍රවාදයට අනුව මුස්ලිමුන් අරාබි තාත්තලාගෙන් හා සිංහල අම්මලාගෙන් පැවත එන්නෙන්. මා නගන ප්‍රශ්නයක් තියෙනවා. මේ දරුවන් අරාබි හෝ සිංහල හෝ කතා නොකර දෙමළ කතා කරන්නේ ඇයි ද කියා. අර ඊනියා මූලාශ්‍රවලට ඒ ප්‍රශ්නයට පිළිතුරක් නැහැ. අපි පසුව ඉඩ ලැබෙන පරිදි මූලාශ්‍ර ගැන තවදුරටත් කතා කරමු. මා වඩාත් ප්‍රිය කරන්නේ ඊනියා මූලාශ්‍රවලට නොව සංගත කතා ගෙතීමට.
විල්පත්තුව මුස්ලිම් දේශපාලනඥයන්ට කොල්ල කෑමට (එය කොල්ල කෑමක්) ඉඩ දී ඇත්තේ කවු ද? ඒ සිංහල දේශපාලනඥයන් නො වේ ද? මෙහි වැල ගිය තැන් මුල් ගිය තැන් සොයා ගෙන ගියොත් මතුවන්නේ කවුරුන් වුවත් එහි පදනමේ ඇත්තේ දේශපාලන බලය සඳහා මුස්ලිම් පක්‍ෂ එකතු කර ගැනීම. මෙරට දෙමළ මුස්ලිම් දේශපාලන පක්‍ෂ (ඔවුන්ට තම ජනවර්ගය නමින් දේශපාලන පක්‍ෂ පිහිටුවා ගැනීමට කිසිම බාධාවක් නැහැ) කටයුතු කරන්නේ තම ඡන්ද වෙන්දේසි කිරීමෙන්. ඔවුන් තමන්ට වැඩියෙන් ම ගෙවන පක්‍ෂයට තම ඡන්ද විකුණනවා.
අද ආණ්ඩු පිහිටුවීමට දෙමළ මුස්ලිම් ජාතිවාදී පක්‍ෂවල සහාය නැතිව බැරි තත්වයක් උදාවෙලා. ඒ සහාය ලබා ගැනීමට සිංහල අයිතීන්, සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි තැන ආදිය නැති කරගන්න වෙලා. සිංහලයන් සියයට හැත්තෑපහක් පමණ පමණ ඉන්නවා. සිංහල බෞද්ධයන් සියයට හැත්තෑවක් පමණ ඉන්නවා. එහෙත් බෙදුණාම එක් ප්‍රධාන පක්‍ෂයකට සිංහල බෞද්ධයන් දළ වශයෙන් සියයට තිස්පහක් පමණ වෙනවා. සිංහල නොවන සියයට විසිපහ එවිට තම ලංසුව වැඩි කරනවා.
සිංහල බෞද්ධයන් විල්පත්තු සංහාරය ගැන කතා කරනවා. අපත් ලියනවා. ඒත් අපට එය නත්වන්න බැහැ. ඒ මුස්ලිම් දේශපාලනඥයන් නිසා නො වෙයි. සිංහල බෞද්ධයන් බෙදී සිටින නිසා. මේ බෙදීම ගැමුණු රජ්ජුරුවන්ගෙ කාලෙත් තිබුණා. තිස්ස ගැමුණුට විරුද්ධ වුණා. වාසනාවකට ගැමුණු මහා පුරුෂයකු වුණා. ඊනියා යුග පුරුෂයා යන්න අද යුග පෙරළිකාරයන්ටත් යොදනවා. ඒ නිසා යුග පුරුෂයා කියන යෙදුම යොදන්නේ නැහැ. කොහොමටත් අද සිංහල බෙදීමට උඩින් කටයුතු කළ හැකි මහා පුරුෂයකු නැහැ. මහින්දට ඒ අවස්ථාව තිබුණා. එහෙත් නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු ඔහු ඒ අවස්ථාව නැති කර ගත්තා.
________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-12-24