LNN SPY

වෙබ් සහ සමාජ ජාලා පාවාදෙන්නන්ට පයින් ගසා වර්තාකරණයේ සමාජ වගකීම වෙනුවෙන් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය සිය සටන අරඹයි

Published on: Mar 19, 2018 – රටේ ජනතාව වෙනුවෙන් ඉටුකල යුතු සිය වාර්තාකරණයේ වගකිම් අමතක කරමින් ආණ්ඩු ආරක්ෂා කිරිමට වලිකන වෙබ් සහ සමාජ ජාලා ආරක්ෂකයින් ලෙස පෙනී සිටින මාධ්‍ය සංවිධාන වලට කණේ පහරක් දෙමින් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ ප්‍රථම විධායක සභාව ඊයේ කොළඹදි රැස්වු බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

පසුගියදා ජාතිවාදයට මුවාවෙන් සමාජ ජාල අවහිර කරමින් වත්මන් ආණ්ඩුව කල අත්හදා බැලිම සම්බන්ධයෙන් සහ ඒ ඔස්සෙ ගොඩනැගෙන අනතුර සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර වෙබ් සහ සමාජ් ජාලා ක්‍රියාකාරින් දඩමීමා කරගනිමින් විවිධ සංවිධාන බිහිකරමින් එ හරහා විවිධ වරප්‍රසාද ලබන කණ්ඩායම් පිළිබඳවද දැඩි ලෙස එහිදි විවේචනයට ලක්ව තිබේ.

පසුගියදා අත්හදා බැලිමක් ලෙස සමාජ ජාලා අවහිර කල වත්මන් යහපාලන යැයි කියා ගන්නා ආණ්ඩුව ඉතාම ඉක්මනින්ම රටේ අතිශය වැදගත් අවස්ථාවක රටේ ජනතාවගේ ජනමතය කුඩු පට්ටම් කර දැමිම සදහා කටයුතු කරමින් සිටින බවත් ඊට එරෙහිව ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් දැනුවත් කිරිම් සහ නව මානයන් සහිත දැනුවත් කිරිමේ ක්‍රමවේදයන් හදුනා දිමට සාකච්ඡා කර තිබේ.

කවර ආණ්ඩුවක් යටතේ හෝ වුවත් “සීමා,මායිම් නොමැති වර්තාකරණයේ සමාජ වගකීම” ලෙස සලකා දේශපාලන බද්ධ විමකින් තොරව වෙබ් අඩවි හා බ්ලොග් අඩවි මෙන්ම සමාජ ජාලා ක්‍රියාකාරින්ට එල්ල විය හැකි අනතුරු හදුනා ගැනිමටත් එයට මුහුණ දිමට අවශ්‍ය ශක්තිමත් පදනමක් ඇති කිරිමටත්,රටේ ජනතාවට තොරතුරු දැන ගැනිමට ඇති අයිතිය පරම අයිතිය ලෙස සලකා ඒ සදහා ඇති පහසුම සහ ප්‍රබලම මාර්ගය වන වෙබ්,බ්ලොග් සහ සමාජ ජාලා ආරක්ෂා කිරිමට අවශ්‍ය පියවර ගැනිමටද සාකච්ඡා කර තිබේ.

ලංකාවේ ක්‍රියාත්මක ප්‍රබල වෙබ් අඩවි රැසක මෙන්ම් සමාජ ජාලා බ්ලොග් අඩවි රැසක හිමිකාරිත්වය දරණ පිරිසක් එම අවස්ථාවට එක්ව සිටි බවයි අප විශේෂ වාර්තාකරු සදහන් කළේ.

Top