LNN SPY

ශ්‍රිලනිප අගමැතිවරයෙකු සහිත ආණ්ඩුවකට සහය නැත්නම් පළාත් පාලන අයතන බලය ශ්‍රිලනිපය ඇල්ලිමේ සුදානමක්!

Published on: Feb 16, 2018 – ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළ සමග එක්ව ආණ්ඩුවක් සෑදිමට මහින්දගේ නායකත්වයෙන් යුතු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රි ලනිප මන්ත්‍රීවරුන් කටයුතු නොකරන්නේ නම් පළාත් පාලන ආයතන රැසක බලය එක්සත් ජාතික පක්ෂය ඇතුලු තවත් පක්ෂ එකතු කර ගනිමින් පිහිටුවිමට කටයුතු කලයුතු බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ ජ්‍යෙෂ්ඨයන් ජනපතිට යෝජන කර තිබේ.

පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ආයතන 169ක පාලන බලය පිහිටුවිම සම්බන්ධයෙන් තීරක බලය හිමිව ඇත්තේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට වන අතර යම් හෙයකින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් සෑදිමට ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් තින්දු කලහොත් එම ආයතන වල පාලන බලය ශ්‍රිලනිප,එජාප එක්ව පිහිටුවා ගැනිමට කටයුතු කලයුතු බවයි ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් යෝජනා කර ඇත්තේ.

මේ අතර ජනපති නායකත්වය දුන් දේශපාලන පක්ෂ හා සන්ධාන නියෝජනය කරමින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ජයග‍්‍රහණය කළ අපේක්ෂක අපේක්ෂිකාවන් සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් සමග ජනාධිපති මන්දිරයේ පැවති හමුවක් අමතමින් ජනාධිපතිපතිවරය සදහන් කර සිටියේ…

“මැතිවරණයේ ප‍්‍රතිඵල පිළිබඳව කිසිසේත් අසතුටු වීමට හෝ පසුබෑමට, දුක්වීමට අවශ්‍ය නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පවතින ලෝකයේ රටවල්වල දේශපාලන පක්ෂ පරාජය වීම, ජයග‍්‍රහණය කිරීම සාමාන්‍ය තත්වයක්. පක්ෂය විසින් ගන්නා තීන්දුවට බාහිරව, පක්ෂ තීන්දුවට විරුද්ධව කවුරු හෝ සභා පිහිටුවීමේදී අපේ මන්ත‍්‍රීවරු තනි තීන්දු තීරණ අරගෙන කටයුතු කරලා තිබුණොත්, පක්ෂ තීන්දුවලට පටහැණිව සභාපතිවරු, උපසභාපතිවරු තේරිමේදී ඡන්දය පාවිච්චි කරලා තිබුණොත්, කිසිදු සමාවක් නැහැ ඒ අයව ස්ථීරවම අස් කරනවාමයි. මේ පනත අනුව බොහොම පහසුයි ඉවත් කරන්න.”

මේ වනවිට රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට නව අගමැතිවරයකු පත්කර ගැනීමේ අවශ්‍යතාවක් පවතින බවත් ඒ සඳහා හඳුනාගත් ‍‍‍ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් කිහිප දෙනකුම සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අනාවරණය කර තිබේ.

Top