Featured

සජිත්ගේ දුරකතන රනිල් ටැප් කරයි

එක්සත් ජාතික පක්ෂය දෙකඩ කර මෛත්‍රීපාල සිරිසේන සමග වෙනම ආණ්ඩුවක් සැකසිම සදහා කිළී මහාරාජා සමග මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින සජිත් ප්‍රේමදාසගේ දුරකතන සියල්ලම ටැප් කිරිමට අගමැතිවරයා කටයුතු කර ඇති බව අනාවරණය වි තිබේ. මීට මාස කිහිපයකට පෙර කිළී-සජිත්-ශිරාල් -කිර්තී ඇතුලු තවත් කිළීගේ පඩි ගන්නා නඩයක් එක්ව යටින් ගෙනගිය මෙහෙයුම පසුගිය දින කිහිපය තුල මතුපිටට පැමිණිමත් සමග සජිත් පිළේ ක්‍රියාකාරකම් පිළිබඳව අධ්‍යනය කිරිම සදහා රනිල් පිළෙන් ප්‍රබල මෙහෙයුමක් දියත් කර තිබේ.

සජිත් පිළේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් රනිල් පිළේ දැඩි අවධානය යොමු විමට ප්‍රධානම හේතුව බවට පත්ව ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් වලස්මුල්ලේ පැවති ප්‍රධාන ජනහමුව සඳහා මුල්කිරිගල, බෙලිඅත්ත හා තංගල්ල ආසන නියෝජනය කරමින් අපේක්ෂකයින් පැමිණ සිටියත් තිස්සමහාරාම ආසනය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් නායක සජිත් පේ‍්‍රමදාස, තංගල්ල ආසනය නියෝජනය කරන ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සහ සජිත් පිළ නියෝජනය කරන අනෙක් අපේක්ෂකයින් සහභාගි නොවීම වන බවයි අප විශේෂ වාර්තාකරු අනාවරණය කලේ.මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් කබීර් හෂිම් මහතා සජිත් ප්‍රේමදාසගෙන් මේ සම්බන්ධයෙන් විමසිම් කර ඇති අතර ඒ සදහා කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලබාදිමට සජිත් සමත්ව නැති බවයි එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ.

පසුව සජිත් සිය සමිපතමයෙකු සමග පවසා ඇත්තේ තමන්ගේ දුරකථන සියල්ලම ටැප් කර ඇති බවත් දුරකතන හරහා සිදුවන සියලුම කතාබහ රනිල් පිළේ ප්‍රබලයන් විසින් දෛනිකව සවන් දෙන බවත් ය.

හිටපු මහ බැංකු අධිපතිවරයාගේ ක්‍රියාකලාපය අල්ලා ගනිමින් රනිල් ඉලක්ක කර මඩ ගැසු සජිත්-කිළි පිළ ඉදිරියෙදි වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව තුල ඇතිවන බෙදිම භාවිතා කරමින් තවදුරටත් රනිල් පිලේ ඇමතිවරුන් අපහසුතාවට පත්කිරිමට මේ වන විටටත් මෙහෙයුමක් දියත් කර ඇති අතර ඒ සදහා කිළීගෙන් මාසික වැටුප් ලබන මෛත්‍රී පිළේ බත් බැලයන් කිහිප දෙනෙකුද සම්බන්ධ කරගෙන තිබේ.

අගමැතිවරයාගේ සංචාරයට පෙර මේම කුමන්ත්‍රණ සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර එහිදි වැඩි අවධානයක් යොමුකර ඇත්තේ සජිත් පිළේ ඇම්බැට්ටයන් නිරන්තරයෙන්ම රනිල්-මහින්ද හවුලක් පිළිබඳව සාකච්ඡා කිරිම සම්බන්ධයෙන් වන අතර එහිදි රනිල් පිළේ ප්‍රභලයෙකු පෙන්වා දි ඇත්තේ සජිත් පිළ රනිල් -මහින්ද සම්බන්ධයක් ඇති බවට එජාප පාක්ෂිකයන් අතර බොරු මතයක් සැදිමට උත්සහ ගන්නා බවත් ඒ හරහා පක්ෂ නායකත්වය සාමාජිකයින් තුල අපකිර්තියට පත් කිරිමට බවත් ය.

පසුගිය සතියේ කිළී-සජිත්-ශිරාල් -කිර්තී නඩයේ කිර්තී තෙන්නකොන් සිය Facebook හී තැබු සටහනකි ….

බද්දේගම හිටපු මන්ත්‍රීතුමා ආනන්ද ලැනරෝල් මහත්තයා 2012 අග හරියෙ ද පොතක් ලිව්වා, ‘රනිල් – මහින්ද හොර හවුල‘ කියලා. කට්ටියම ඒක කියෙව්වොත් හොදයි. අද වෙන දේවල් අනුව ඒ පොතේ සමහර දේවල් වලට සදාතනික වටිනාමක් ලැබිලා තියෙනවා!!

මහින්ද විසින් රනිල් වික්‍ර‍මසිංහ බේරාගත්, ගලවාගත් අවස්ථා දුසිමක් ගැන එකේ තියෙනවා. දැනට මාස 17 යි. රනිල් අවස්ථා දුසිමකට වැඩිය මහින්දව ගලවා ගන්න ටෙලිෆෝන් ආන්සර් කරලා තියෙනවා.
ලැනා ගහමුද? තවත් පොතක්

ඔහුගේම කාර්‍යාලයේ සේවය කරන ගූ බට්ටෙක් ලවා එම කතාවට කොමෙන්ටුවක්ද පලකරගෙන තිබේ.

බුද්ධික පතිරණ, ශ්‍රී රංගා, සුසාර දිනාල්, මරික්කාර් පරපුරේ නූතන වීරයා.
ජය වේවා…

Top