Featured

සාදය මාරයි….කාරියප්පෙරුම හමාරයි….ආණ්ඩුවේ කරේ නගින්න ගිහින් පස්ස බිම ඇනේ..

බැදුම්කර හොරුන්ගේ පවු සේදිම සදහා හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්, පසුගියදා සලාක ක්‍රමයට කාරියප්පෙරුමලා විකුණා දැමු සියත TV සහ සියත ගුවන් විදුලිය මෙන්ම ‘වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ’ආණ්ඩුවට මුට්ටු විමේ සාදයක් කොළඹ හිල්ටන් හෝටලයේදි පැවැත්වු අතර ඒ සදහා දේශපාලනකයන් රැසකට ආරාධන කර තිබුනද ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ නී.අමාත්‍යවරයා හැරෙන්නට කිසිවෙකුත් සහභාගි නොවිම හේතුවෙන් කාරියප්පෙරුමලා නස්පුක් වි ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. අමාත්‍යවරුන් දෙදෙනාට අමතරව ‘වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ’ සභාපති රොෂාන්ත කාරියප්පෙරුමගේ බිරිඳ වන සංගිතා විරරත්න විසින් නලු/නිලියන් කිහිප දෙනෙකු කැදවාගෙන විත් තිබේ.

මීට අමතරව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් රැසකටද ආරාධනා කර තිබුනද එම අවස්ථාවට එක්ව සිටියේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු පමණක් වන අතර ආරාධනා රැගෙන ගිය සියත නාලිකාවේ ප්‍රවර්ධන අංශයේ ප්‍රධානින්ට ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයන් පවසා ඇත්තේ කාව විශ්වාස කලත් කාරියප්පෙරුමලා සතයකට විශ්වාස කල නොහැකි බවයි.

කාරියප්පෙරුම කට විතරයි වැඩ නෑ…

රාජපක්ෂලා බිල්ලට දී Deal කරන්නට ගිහින් පස්ස බිම ඇනගත් කාරියප්පෙරුමලා වසර 6කට පසුව යන්තම් ගොඩ ආවේ අර්ජුන්ලා මහ බැංකුව කොල්ල කෑම හරහාය.කෙසේවෙතත් කොළඹ හිල්ටන් හෝටලයේ සාදය සම්බන්ධයෙන් එය පැවැත්විමට පෙර සිටම කටමැත දෙඩවු කාරියප්පෙරුමලා යහපාලන ආණ්ඩුවේ ප්‍රබල ඇමතිලා සියලුම දෙනා තමන් අල්ලා ගැනිම සදහා කටයුතු කරන බවත් එය තමන්ට කජු කන්නා සේ පහසු බවත් පවසා තිබේ.

මේ අතර නාලිකාව විකිණිමෙන් පසුව සියත නාලිකාවේ පැරණී පඩි නැතුව වැඩකල සේවකයන් සහ හිරු නාලිකාව ඇතුලු නාලිකාවල පිහිටෙන් පොරවල් වි අර්ජුන්ගෙන් මාසිකව ලක්ෂ 10ක වැටුපක් ලබමින් ආ සේවකයන් එකට තැබු කාරියප්පෙරුම පැරණී සේවකයන්ගේ වැරදි කියමින් නිර්දය ලෙස විවේචනය කර ඇති අතර පැරණී සේවකයන් කිසිවෙකුටත් හිල්ටන් උත්සවය සදහා පැමිණේන ලෙසටද නියෝග කර තිබේ.

රාජපක්ෂ ආණ්ඩුව සමයේ කුප්‍රකට ඩීල් කරුවන් දෙදෙනෙකු වන ප්‍රියන්ත කාරියප්පෙරුම හා රොෂාන්ත කාරියප්පෙරුම 2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා සමග හිදිමින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට යටින් උදව් කොට මාට්ටු වීම නිසා මහින්ද රාජපක්ෂ මහතා විසින් කාරියප්පෙරුම දෙබෑයන් එලවා දැමු අතර යහපාලනය උදාවිමෙන් අනතුරුව අරලියගහ මන්දිරයේ බඩගා සෙට් එන්නට උත්සහ ගත් අතර එය අසාර්ථක විමෙන් පසුව සිරිසේනගේ කේලාම් බට්ටා ලෙස රජගෙදරට සෙට් විමට ප්‍රියන්ත කාරියප්පෙරුමට හැකි වු නමුත් තවමත් නිශ්චිත තනතුරක් ගැනිමට හැකියාව ලැබුනේ නෑ.

http://www.sinhala.lnwtoday.com/archives/14999

_YAM2481 _YAM2483 _YAM2485 _YAM2488 _YAM2491 _YAM2494 _YAM2502 _YAM2504 _YAM2512 _YAM2514 _YAM2515 _YAM2517 _YAM2519

 

Top