Featured

සිංහල ජාතිය ජීවග්‍රහයෙන් අල්ලා ගැනිමට එරෙහිව සටන් කරන්න කාලය හරි..

යම් කිසි රටක් තවත් රටක් හෝ යම් කිසි ජාතියක් තවත් ජාතියක් හෝ ආක්‍රමණය කරන්නේ නම් පළමුව කළ යුත්තේ ජීවග්‍රහයෙන් භාෂාව අල්ලා ගැනීම බව මහාචාර්ය ඉදුරගාරේ ධම්මරතන හිමියන් පවසනවා.ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් මව් භාෂාව ප්‍රවර්ධන සංවිධානය ලබන 21 වැනිදා පැවැත්විමට නියමිත වැඩසටහන සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරිමේ උත්සවයට එක්වෙමින් මහාචාර්ය ඉදුරගාරේ ධම්මරතන හිමියන් කියා සිටියේ ,….අපේ මව් බස පිළිබද කිසියම් විදිහට අභිනනන්දන සන්ධිස්ථානයකට අප පැමිණ තිබෙන බවයි.

මහාචාර්ය ඉදුරගාරේ ධම්මරතන හිමියන් අදහස් දක්වමින්

ඕනෑම රටක ජීවනාලිය වන්නේ භාෂාව බවත්, ජාතික දේහයක හද ගැස්ම වන්නේ භාෂාව බවත් ය. යම් කිසි රටක් තවත් රටක් හෝ යම් කිසි ජාතියක් තවත් ජාතියක් හෝ ආක්‍රමණය කරන්නේ නම් පළමුව කළ යුත්තේ ජීවග්‍රහයෙන් භාෂාව අල්ලා ගැනීම බවයි.ඒ සදහා කරන උපක්‍රම දෙකක් තිබේ. මූලික වශයෙන්. ඒ තමයි පළමුවෙන්ම භාෂාව දූෂිත කිරීම. දෙවනුව භාෂාව අවභාවිතයට ලක්කිරීම. ඊළගට උපක්‍රමශීලීව භාෂාව භාවිතා කරන්නවුන් විසින් ම හෙලා තලා දැක්කවීම. ඉන් අනතුරුව වෙනත් බසක් එහි රෝපනය කරවීම. මේක තමයි ස්වභාවය. ඒක හරියට සශ්‍රීක කුඹුරක් එහි තිබෙන අස්වැනු කපල,නෙලල ඉවර කරල අලුතින් මඩ කරල වෙනත් යමක් රෝපනය කරනව වගේ. අලුත් භෝගයක් රෝපණය කිරීමට පෙර ඉස්සර වෙලා තිබෙන භෝගය ඉවත් කළ යුතුයි. භාෂාව ආරක්ෂා කිරීම හුදෙක් භාෂාව ආරක්ෂා කිරීමක් නොවෙයි. සිංහල භාෂාව සිංහලයන්ගෙන් තොර කරල මේ රටේ මාතෘ භාෂාවේ ආරක්ෂාව අහිමිකරල තියෙනව. මව් භාෂාවට හිමි නෛතික ප්‍රවේශයන්, අධ්‍යාපනික ප්‍රවේශයන් පිළිබද සාකච්ඡා කිරීම සදහා ජාත්‍යන්තර මව් භාෂා දිනය වන රටේ ආරක්ෂාව ලබා ගැනීමයි. ඒ සදහා තමයි මව් භාෂාව ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ.භාෂාවේ ජවය, භාෂාවේ බලය, භාෂාවේ දේශපාලනය,භාෂාවේ අයිතිය මේ සියල්ලක්ම එක් රොක් කරගෙන භාෂාව ආරක්ෂා කර ගත යුතුයි.

සහභාගී වූ විද්වතුන්

මහාචාර්ය ඉදුරගාරේ ධම්මරතන හිමි,පූජ්‍ය කොටපොළ අමරකිත්ති හිමියන්,මානව විද්‍යාඥ පණ්ඩුල ඇදගම,විශේෂඥ වෛද්‍ය නන්ද විජේරත්න,අධි නීතීඥ ක්‍රිසන්ත නිස්සංක,නීතීඥ අරුලක්සිරි උණවටුන

සිංහල ජාතිය ජීවග්‍රහයෙන් අල්ලා ගැනිමට එරෙහිව… by lnwtoday

Top