Featured

සිරිසේන,චන්ද්‍රිකා රත්වෙයි- 28 වෙනිදාට පෙර ඒකාබද්ධයේ මන්තී‍්‍රවරු 10ක් අත්අඩංගුවට

ව්‍යවස්ථා සංශෝධනයට , පලාත් පාලන මැතිවරණය කල් දැමීමට , වැටි බදු මංකෝල්ලයට, එට්කා ගිවිසුමට, ගොවි සහන කප්පාදුවට සහ මර්ධනයට එරෙහිව ජන සටන පාද යාත‍්‍රාව ජූලි 28 වෙනිදා මහනුවරින් කොළඹ දක්වා ගමන් අරඹයි. ජන සටන පාද යාත‍්‍රාවට බියවී ආණ්ඩුව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් මර්දනය කිරීමට සූදානම් වෙද්දී ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින මන්තී‍්‍රවරුන් පක්‍ෂටෙයන් නෙරපීමට සූදානම් වන බව පෙන්වා දෙන මහින්දානන්ද අ`ඵත්ගමගේ මන්තී‍්‍රවරා මෙවැනි බොලද කි‍්‍රයාමාර්ගවලින් ආණ්ඩු විරෝධී ජන සටන පා ගමන නතර කල නොහැකි බව අවධාරණය කරයි.

අද (10) උඩුගම්පල ප‍්‍රසන්න රණතුංග මන්තී‍්‍රවරයාගේ නිවසේ පැවති ජන සටන පාද යාත‍්‍රාව පිලිබද මූලික සාකච්ඡුාවේදී මන්තී‍්‍රවරයා මේ බව සදහන් කලේය. ගම්පහ දිස්ති‍්‍රක්කයේ පලාත් පාලන පලාත් සභා පාර්ලිමේන්තු , වෘත්තීය සමිති හා බහුජන සංවිධාන නියෝජිතයන් ඊට එක්ව සිටියහ.

“ජන සටන පාද යාත‍්‍රාවට පෙර අපේ මන්තී‍්‍රවරුන් දහ දෙනෙක් අත් අඩංගුවට ගෙන හිරේ දාන්න ආණ්ඩුව සූදානම් වෙනවා. ඒ අතර, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය අපේ කණ්ඩායම නියෝජනය කරන මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකු පක්‍ෂයෙන් නෙරපන්න හදනවා අපි යකාට බයනම් සොහොනෙ ගෙවල් හදන්නෙ නෑ. ඔය මොනව කෙරුවත් අපේ ආණ්ඩු විරෝධී සටන නතර කරන්න බෑ. ලක්‍ෂ ගනන් ජනතාව පාරට බස්සලා කොළඹට ගෙනල්ලා මේ ආණ්ඩුව ගෙදර යැවීමේ ජන සටනට අපි නායකත්වය දෙනවා”

හම්බන්තොට දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ මහතා.

“අද මේ ආණ්ඩුව කි‍්‍රයාත්මක කරමින් සිටින්නේ දෙමළ ජාතික සංවිධානය සහ ඉංදියාවේ උවමනාවයි. විරුද්ධ වන සිය`ඵ දෙනා මර්ධනය කරන්න ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. රනිල් සහ මෛතී‍්‍රගේ ආණ්ඩුව ඒ වෙනුවෙන් පොලීසි 2ක් පවත්වාගෙන යනවා. එකක් එෆ්.සී.අයි.ඞී. එක අනික ජනාධිපති කොමිෂම. එකක් මෙහෙයවන්නේ රනිල්, අනික මෛතී‍්‍රපාල මහත්තයා. මෙතන ඉන්න අපි හැමෝම මේ පොලීසි දෙකටම ගිහින් තියෙනවා. ආණ්ඩුවත් එක්ක ඉන්නවනම් මේ මොන ප‍්‍රශ්නයක්වත් නෑ. අපි ඉන්නේ ජනතාවත් එක්ක නිසයි අපිව මෙහෙම මර්ධනය කරන්න හදන්නේ

සීමා නීර්ණය අවස්න් නැතැයි කියමින් ආණ්ඩුව පලාත් පාලන මැතිවරණය කල් දමනවා. මේ සීමා නීර්ණ කටයුතු අපි අවසන් කරලයි තිබුණේ. මේ විදියට ගියොත් මේ ආණ්ඩුවට පාර්ලිමේන්තු මැතිවරණය තියන්න කොච්චර කල් යයිද දන්නෙ නෑ. මේ ආණ්ඩුව රට කරන්නේ මර්ධනයෙන්. චීනෙට බැන බැන ඉංදියාවට කත් ඇදලා දැන් ආයෙත් චීනෙ ලග හතරට නැමිලා වදිනවා.

රටේ නායකයා දැන් රටේ සිද්ධවෙන දේවල් දැන ගන්නේ පත්තරෙන්. ඉරිදා පත්තරේ සෙනසුරාදා කියවනවා. විදේශ ඇමති එකක් කියනවා . අගමැති තව එකක් කියනවා. ජනාධිපති මේ දෙකටම නැති මොකක්දෝ එකක් කියනවා. ලෝකයේ ඉතාම අඩු කාලයකින් පිරිහුනු ආණ්ඩුව තමයි වර්තමාන රනිල් මෛතී‍්‍ර ආණ්ඩුව මේ ආණ්ඩුවට විරුද්ධව අපි දැවැන්ත ජනතා බලවේගයක් ගොඩ නගනවා. ඒ බලවේගය තමයි මේ පාද යාත‍්‍රාවෙන් ආරම්භ කරන්නේ . පාද යාත‍්‍රාවෙන් කොළඹ වට කරලා අපි මේ ආණ්ඩුවට ගෙදර යන්න බල කරනවා”

මෙම රැස්වීමට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන කුමාර වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන, පවිත‍්‍රා වන්නිආරච්චි, මහින්ද යාපා අබේවර්ධන, ඉන්දික අනුරුද්ධ, ප‍්‍රසන්න රණවීර, සිසිර ජයකොඩි, මොහාන් සිල්වා, යන මන්තී‍්‍රවරුද සහභාගීවූහ.

ප‍්‍රදීප් අනුර කුමාර
ප‍්‍රසන්න රණතුංග මන්තී‍්‍රතුමාගේ මාධ්‍ය ලේකම්,

28JanaRallya (1) 28JanaRallya (2) 28JanaRallya (3) 28JanaRallya (4)

Top